IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නෝනා පැටලිලා අලි ජරමරයක් වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිය සහෘද සේවකයාගේ බිරිය යැයි රැවටී විහිළු තහළු සිදු කර අලි අබැද්දියකට මුහුණ දුන් සේවක පිරිසක් පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


හේ සිටියේ මැදිවියේය. තනිකඩ දිවියක් ගත කළ අයෙකි.


දකුණේ කොනේ සිටි ඔහු රාජකාරී කළේ උතුරේ කොණේය. ඒ ආරක්ෂක හමුදා කඳවුරකය.


ඔහු සේවය කළ ස්ථානයේම සිටි මිතුරකුගේ අවමංගල උත්සවයකට සහෝදර සේවකයන් පිරිසක් ගියේ දකුණටය. ඒ යන අතරවාරයේදී ඔහුගේ නිවෙසට ගොස් තේ පානය කර යාමට තීරණයවී තිබිණ. ඒ ඔහුගේ  ද කැමැත්ත ඇතිවය.


සේවක පිරිස ඔහුගේ නිවෙසට ගියෝය. තේ පානය සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය වී තිබිණ. ‘නෝනා මේ කට්ටියට සංග්‍රහ කරන්න’ යයි ඔහු කීවේය. ඒ සමගම නිවෙස තුළින් පැමිණි රූමත් කාන්තාවක් බන්දේසියක තබා හැලප, ලැවරියා, රෝල්ස් ආදී කෑම වර්ග ගෙන ආවාය. ඇය දුටු රත්වී සිටි සේවකයන්ගෙන් කෙනකු කීවේ ‘ආ අපේ යහළුවාගේ භාර්‍යාව හරිම තරුණයි’ කියාය. ‘යහළුවා හොඳ හැඩකාර කෙල්ලෙක්නේ බැඳලා තිබෙන්නේ’ යයි කියමින් සමහරු ඇයට විහිළු තහළු කළහ. මෙය ඇසූ කාන්තාව ලජ්ජාවෙන් ඇඹරෙමින් සිනා සිටියා මිස මොකවත්ම නොකීවාය. ඒ ඔහු තේ රැගෙන ඒමට නිවෙස තුළට ගොස් සිටියදීය.


එන පොට හොඳ නැති බව තේරුම්ගත් කාන්තාව ‘බාප්පේ මම එහෙනම් ගෙදර යනවා’ යයි ඇය කියූවිට මිතුරන් පිරිසට තුන් මුහුණින් දහඩිය දැමීමට පටන් ගත්හ. රත්වී සිටි අයගේ ඇඟ සීතල වී ගියේය. ඔවුහු මහත් අපහසුතාවයෙන් පසු වූහ. එය තේරුම් ගත් ඔහු ‘මොකද මේ වෙලා තියෙන්නේ’ යයි මිතුරන්ගෙන් ඇසුවේය.


 ‘‘මචං හරි වැඩේනේ උණේ. අපි හිතුවේ අර ලේඩි උඹේ භාර්‍යාව කියලානේ. ඇයට අපි මොරාල් එකක් දෙන්න විහිළු කළා. බැලින්නම් ඒකී උඹේ දුවෙක්නේ.’’ ‘‘යකෝ ඒ මගේ අයියාගේ දුව. මම බැඳලා නැහැ.’’ ඔහු එසේ කීවේ මෙතුවක් කල් ඔහුගෙන් හෙළි නොවුණ රහසක් ද හෙළි කරමිනි. ‘එහෙනම් උඹ මොකද ඒකිට නෝනා කියලා කිව්වේ.’ මිතුරු පිරිස ඇසුවේ කිසිත් සිතාගත නොහැකිවය.

‘අයියෝ යකෝ ඒකිට ගෙදරට කියන්නේ නෝනා කියලා. ඒකයි මම ඇයට නෝනා කියන්නේ’ කියූවිට සිදුවූ වැරද්ද යළි හදා ගැනීමට නොහැකි තරම් දුර ගොසින් තිබිණ.

 



අදහස් (0)

නෝනා පැටලිලා අලි ජරමරයක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site