IMG-LOGO

නාන්න ගිහින් ඇදගෙන නාලා


මොරගොල්ලාගම - සිසිර කැලේගම



අනුන්ගේ නිවෙසකට හොරෙන් දිය නාන්නට රිංගූ කතක වතුර පිටින්ම එළියට ඇද දැමූ පුවතකි මේ.
සිද්ධිය ඇසෙන්නේ වයඹ පුරවරයෙනි. එය සැකෙවින් මෙසේය.
විවාහක අඹු සැමි යුවළකි. දරුවන් දෙදෙනෙකි. සිවු දෙනා රාජ්‍ය සේවාවල නියැලෙති.
මේ නිසා මෙම සැප පහසු නිවහන දවල් කාලයට බොහෝ විට වසා දමා ඇත.
එහෙත් එහි දොර වසා යතුර අගුලු‍ දමා යතුර අවට සඟවා ඔවුහු නික්ම යති. සවසට ගෙදරට පළමුව එන තැනැත්තා යතුර එතැනින් රැගෙන ගෙට ඇතුළු වෙයි.
ඒ අවට කඩවසම් අයෙකි. ඔහුගේ විවාහක බිරිය තම දරුවන් ද රැගෙන ඔහු අතහැර දමා ගොස්ය. මේ නිසා ඔහු එහි තනිවම වාසය කරයි.
එය එසේ වුවත්‌, ඔහු සිත් ගත් ළඳුන් කැටුව ඔහු වාසය කරන එම නිවෙසට පැමිණෙන අවස්ථා එමටය.
දිනක් ඔහු එලෙස පිටස්තර කතක රැගෙන ආවේය. ඇය ද අසාර්ථක විවාහයකින් වෙන් වූ කතකි. එහි රැඳී සිටින ඇයට දිය නෑමට අවැසිය. නමුත් ඔහුට බාත්රූම් පහසුකම් තියා වැසිකිළියක් හෝ නැත. ඇයගේ ඉල්ලීම සපල කරන්නට ඔහු උපායක් යෙදීය.


අල්ලපු ගෙදර දොර විවර කළේය. ඇය ඇතුළට දැම්මේය. ඇයට අවැසි ෂැම්පු ගෙන ඒම සඳහා ඔහු කඩේකට ගියේය. ඇය බාත්රූම් එකේ උපන් හැටියෙන් තනිවම සිත් සේ දිය නාමින් ගීත ගයමින් සිටියාය. 
එහෙත්, එම නිවෙසේ කත ඒ වන විටත් කාමරයක නිදා සිටින බව ඇය නොදුටුවාය. ඒ, එදින ඇයට නිවාඩු දිනයක් බැවිනි. ඇය නාන අතරේ ගෙදර සිටි කත අවට වැසියන් කිහිප දෙනකුටම ඇමතුම් දී ගෙදරට කැඳවූවාය. ඔවුන් ලහි ලහියේ පැමිණි පසුව ඔවුන් හා එක්ව බාත්රූම් එකේ සිටි නාඳුනන ආගන්තුක කත එළියට ඇද දැමුවාය.
ටික වේලාවකට පසුව ෂැම්පු රැගෙන අනියම් සැමියා පැමිණියේය. ඇය බාගෙට දිය නාගෙනය. තුවායක් පොරවාගෙන එළියේය. ගෙදර දොරත් වසා දමලාය. වෙච්ච දේ ඇය ඔහුට කීවාය.
අනුන්ගේ ගෙවල්වලට කිසිවකුත් නැතැයි සිතා රිංගන්නට ගොස් නිවෙස් හිමි කතගේ අතටම අහු වුණු සිද්ධියෙන් ලජ්ජාවට පත් දෙදෙනාම එතැනින් ඉවතට යද්දී, රැස්ව සිටි පිරිස් “නුඹ නාඬන් නුඹ නාඬන් තොපට ඕවා හොඳ පාඩම්”‍ යනුවෙන් කොක් හඬලා සිනාසුණාලු‍.

 



අදහස් (0)

නාන්න ගිහින් ඇදගෙන නාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site