මොරගොල්ලාගම සිසිර කැලේගම
බල්ලකු නිසා නැන්දම්මා හා ලේලිය කෙහෙවලු පටලවා ගැනීමේ පුවතක් යාපහු පුරවරයෙන් අවටින් වාර්තා වෙයි.

නිවෙසේ අම්මා සහ පුතු වාසය කරති. පුතු රාජ්‍ය සේවකයෙකි. නිසි වයසේ දී ඔහු සහකාරියගේ අත පැතීය.
නිවෙසට ගෙනා සහකාරිය නිවෙසේ දමා පුතු රාජකාරිය සඳහා සිදාදියට ගියේය. නිවෙසේ තනි වූ ලේලිය සුරතලයට ඇති කිරීමට බල්ලකු ගෙනාවාය. නිවෙස වටා තාප්පයකින් වට කර තිබෙන නිසා බල්ලා ද නිදහසේ එහි කාලය ගත කළ අතර දිනක් නැන්දම්මා වෙනත් ගමනක් ගොස් ගෙට පැමිණ වටිනා සෙරෙප්පු දෙක දොර අසල තැබුවාය.
බල්ලා එය රැගෙන ගොස් කෑලි කෑලිවලට කා දැමුවේ යළි කොහෙත්ම පාවිච්චියට ගත නොහැකි අයුරෙනි. සිද්ධිය දුටු නැන්දම්මා බල්ලා අතටම අල්ලා ගත්තාය. තරහා යන තුරුම බල්ලාට පොල්ලක් ගෙන තැලුවාය. අසාධ්‍ය තත්ත්වයේ පසුවන බල්ලා දැක ලේලිය හඩා වැළපුණාය.
ඇය වහාම කුලී රථයක් ගෙන බල්ලා පශු වෛද්‍යවරයකු කරා රැගෙන ගිය අතර කුලී රථයේ මුදල හා බල්ලාගේ බෙහෙත්වලට ගිය වියදම දහස් ගණනකි.
අවසානයේ සුවයක් නැති බල්ලා දෙස බලා ඇය තව තවත් දුක් වුණද එය රුස්සන්නේ නැති නැන්දම්මා ඇයට හොදටම දෙහි කැපුවාය.
නිවසේ වෙසෙන්නට බැරි බව වටහා ගත් ඇය නැවතත් කුලී රථයක් ගෙන බල්ලාත් රැගෙන ඇයගේ නිවහන බලා නික්ම ගියාලු.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැන්දම්මාගේ බලු ගෝරියෙන් ලේලිය ගෙදරින් ගිහින්