(සූරියවැව දිලීප් ජයසේකර)
අම්බලන්තොට මල්පොත්තාවේ පදිංචි 34 හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි.
මේ දිනවල පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් බොහෝ දෙනකුට නිවෙසට වී සිටීමට සිදුව තිබේ. තංගල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන 34 හැවිදි විවාහකයකු වූ නිමල්ට අම්බලන්තොට පදිංචි යහළුවකු දුරකතන ඇමතුමක් දුන්නේ “එන්න පුළුවන් නම් අඩියක් ගහන්න පුළුවන්” කියාය.
එහෙත් පවතින ඇඳිරිනීතිය නිසා පොලිසියෙන් බේරී නගරයට යාමට ද නොහැකිය. සිය මිතුරාගේ ගෙදරට යාමට ක්‍රමයක් කල්පනා කළ නිමල්ට ගණ දෙවි නුවණ පහළ විය. නිවෙසේ තිබූ ලාච්චුවක් අවුස්සා සිය නැන්දණියගේ පරණ බෙහෙත් තුණ්ඩුවක් ද අතට ගත් නිමල් සිය යතුරුපැදියෙන් අම්බලන්තොට නගරයට යාමට පිටත් විය.
නගරයට මඳක් ආසන්නයෙන් මාර්ග රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියට නවතන ලෙස අණ කෙරුණි. පොලිස් අණට අනුව යතුරුපැදිය නතර කළ නිමල්, පොලිස් නිලධාරීන් අසලට ගියේ බයක් සැකක් නොමැතිවය. “මහත්තයා කොහෙ ද මේ යන්නේ” යැයි පොලිස් නිලධාරියා නිමල්ගෙන් ඇසීය.
“සර් මං මේ ෆාමසියට යනවා බෙහෙත් ටිකක් ගන්න. නැන්දම්මාගේ බෙහෙත් ඉවර වෙලා” යැයි සිනාසෙමින් පිළිතුරු දුන්නේය. නිමල්ගේ කතාව පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ද “එහෙ මෙහෙ ඇවිදින්නේ නැතිව බෙහෙත් අරන් යන්න” යැයි පවසා නිමල් අත තිබූ තුණ්ඩුව යළි ඔහු අතටම දුන්නේය.
තමන්ගේ උගුලට පොලිස් නිලධාරීන් රැවැටුණු බව සිතූ නිමල්, යළි යතුරුපැදියට නැගී නගරය දෙසට යන්නට සැරැසෙද්දී පොලිස් නිලධාරීන් නැවතත් “මහත්තයා ඔය පැත්තට යන්න ඕනේ නෑ. මෙන්න මෙතැන ෆාමසියක් තිබෙනවා. මේකෙන් බෙහෙත් ටික අරගෙන යන්න” යැයි නිමල්ට පැවැසීමත් සමග නිමල් තුෂ්නිම්භූතව ගියේ සැලැස්ම වැරැදුණු බව සිතාය.
කිසිවක් කර කියාගත නොහැකි වූ නිමල්, අසල තිබූ ෆාමසියට ගොස් පරණ බෙහෙත් තුණ්ඩුවට අදාළව රුපියල් 1,350ක බෙහෙත් රැගෙන යළි නිවෙස බලා ගියේ සුන් වූ බලාපොරොත්තු ඇතිවය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
නැන්දම්මාගේ ෙබ්ත් තුන්ඩුවෙන් පොලිසියට කොකා පෙන්නන්න ගිහින්