IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නැන්දාගේ ‘කොස් නෑයා’ ගෑස් ටැංකි දෙකක් උස්සලා

 දිවා කාලයේ වසා දමා තිබූ නිවෙසක ගෙවත්තට ඇතුළුවූ පුද්ගලයකු එම නිවෙස සිය නැන්දණියකගේ යැයි අසල්වාසීන්ට පවසා කොස් ගෙඩිද කඩාගෙන මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙකද රැගෙන ගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි


එදින  නිවෙස වසා දමා එහි නිවැසියන් අවශ්‍යතාවකට බැහැරට ගොස් තිබිණි. ඒ අතර වත්තට ඇතුළුවූ පුද්ගලයකු කෙක්කක්ද අතැතිව එම වත්තේ එහා මෙහා ඇවිද යනු අසල්වාසී කාන්තාවකට දැක ගන්නට ලැබී ඇත. ත්‍රිරෝද රථයක්ද ඒ අසල නවතා තිබී ඇත.
   නිවැසියන් නැති අවස්ථාවක නාඳුනන කෙනෙකු එම වත්තේ සිටීම පිළිබඳව සැක සිතූ ඇය “මොනවද ඔය කවුරුවත් නැති වෙලාවෙ ඇවිත් කරන්නෙ?” යැයි ඔහුගෙන් විමසුවාය.


 එවිට ඔහු කියා ඇත්තේ “ආ...., ඒ අපේ නැන්දා කෙනෙක් නේ, මම නැන්දට කියල ආවෙ කොස් ගෙඩියක් කඩා ගන්නව කියල, ඔයාට ඕන්නම් එයාට කෝල් එකක් දීල බලන්න”‍ යැයි පවසා ඇත.


  ඇයට ඇතිවූ සැකය ඔහුගේ චාටු කතාවෙන් පහව ගිය බැවින් ඇය  තම නිවෙස වෙත ගියාය.


   ටික වේලාවකින් කොස් ගෙඩි දෙක තුනක්ම කැඩූ හෙතෙම “අක්කේ මෙන්න ඔයාටත් කොස් ගෙඩියක්”‍ කියා ඇයගේ වත්තටද කොස් ගෙඩියක් දමා ගොස් ඇත.


   සවස එම අසල්වාසීන් පැමිණ බලද්දී මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙක කිසිවකු විසින් ගෙන ගොස් ඇති බව දැන ගන්නට ලැබී ඇති අතර ඔවුන් දිව ගොස් අසල්වාසී කාන්තාව සමඟ ඒ බව කියද්දී කොස් කැඩීමට පැමිණි බොරු නෑයා තමා අන්දවා ඇති බව වැටහී හිසේ අත ගසා ගත්තාලු‍.

 

පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි



අදහස් (0)

නැන්දාගේ ‘කොස් නෑයා’ ගෑස් ටැංකි දෙකක් උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site