(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අධිකරණ සංකීර්ණයක් අසල වූ නීතිඥ කාර්යාල විථියක පසුගියදා තම යතුරු පැදිය නවතා ව්‍යාපාරිකයකු අසල වූ හිතවත් නීතිඥයකු හමුවට ගියේ නඩුවක් පිළිබඳව කතාකර ගැනීමටය.
පැයක පමණ කතාවෙන් පසු ආපසු එන විට යතුරු පැදිය අසල සිටි පොලිස් නිලධාරියකු ‘මහත්තයා මේ වාහනේ නවත්තලා තියෙන්නෙ වැරදි තැනක. මෙතන නවත්තන්න එපා කියල බෝඞ් එකකුත් තියෙනවා. මේ නීතිඥ මහත්තයා මට කීවා තමුන්ට එරෙහිව නඩුවක් තියෙනවා කියලා මට තමුන්ගෙ විස්තර ටික දෙන්න’ කීවෙන් ඔහුට තරු පෙනිණි.
කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ තමා මුණ ගැසීමට ගිය නීතිඥයාත් මේ නීතිඥයාත් අතර කාලාන්තරයක් තිස්සේ ගැටුමක් ඇති බවත් මෙය අවස්ථාව කරගෙන ඔහුට රිදවීමට සූදානම් වන බවත්ය.
නඩුවක් ගොනුකළොත් තමා නොමිලයේම පෙනී සිටින බව මේ ගැන දත් තම හිතවත් නීතිඥයා කීවත් තවම එබඳු සිතාසියක් නම් ඇවිත් නැතිලූ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නීතිඥ මිතුරා හම්බවෙන්න යද්දී තරහකාරයෙක් වැඩේ අල කරලා
සෙනරත් Tuesday, 19 August 2014 09:09 AM
ඒවා ගැන හිතනවා නම් පවුල් පිටින්ම පෙතිගහලා මරපු අපරාධකාරයෝ බේරන්න කතාකරයිද? බොහොමයක් නීතිවේදින්ට ඕනෑ සල්ලි විතරයි (නි)
සමන් Tuesday, 19 August 2014 09:20 AM
සිසිර, මේ ලංකාවේ? (නි)
චමින්ද Tuesday, 19 August 2014 09:38 AM
සිසිර,කාටහරි ගිනිගෙඩියක් දීමට අවශ්‍ය නම්, අපේ සමහර අය ආචාර ධර්ම ගැටළුවක් කර නොගනී.. (නි)
සුමින්ද Wednesday, 20 August 2014 05:56 AM
මට හිතන්නේ දෙන්නට දෙන්න ඉරිසියාවෙන් ඉන්නේ.(නදී)
සරත් Tuesday, 19 August 2014 12:38 PM
ඉස්සර කලේ නම් (80-90 දශකයේ) අපි වැරදි කලේ හරිම අඩුවෙන්. ඒ ලැබෙන දඩුවමට ඇති බිය නිසා නොව සමාජ අපවාදයට තිබු ලැජ්ජාව නිසා. අද ඔය දෙකටම බහුතරයක් බය නැ. කාලය සමග.....(අ)
කුමාරි Wednesday, 20 August 2014 10:27 AM
සුමින්ද,ඕකනේ කියන්නේ අර කතාවට, රුසියාවට වඩා ලොකුයි කියල මෝඩයින්ගේ හිතේ ඇතිවන ඉරිසියාව. මේ මිනිස්සු හිතන් ඉන්නේ එයාල අමරණීයයි කියල. (ස)
සිසිර Tuesday, 19 August 2014 06:54 AM
වෘත්තීය ආචාර ධර්ම කියලා දෙයක් තිබෙනවා නේද? (නි)