(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
මධු සමය දා රාත්‍රී නිට්ටෑවෙකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරු ගා මහා ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න හෝටලයකින් වාර්තා විය.

වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි.
මංගල යෝජනාවකින් විවාහ පත්වූ ඔහු පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතුවූවකු වන අතර ඇය රජයේ රැකියාවක නියුතු රූමත් තරුණියක වූවාය.
ඉකුත් සති අන්තයේ දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය මහ ඉහළින් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක ගෙන ඇති අතර සිය මධු සමය ගත කිරීම සඳහා දෙදෙනාගේම එකඟතාව මත තෝරාගෙන ඇත්තේ මහනුවරට තදාසන්නයේ පිහිටි හෝටලයකි.
රාත්‍රි භෝජනයෙන් පසු දෙදෙනා ඔවුන්ගේ ලෝකයේ තනිවූ අතර මධ්‍යම රාත්‍රිය ඉක්මයත්ම මනාලයා මුළු හෝටලයම දෙවනත් කරමින් කෑ ගසා මුහුණේ ලේ පෙරෙන තුවාල සහිතව පිළිගැනීමේ කවුන්ටරය වෙත දුවවිත් ඇත්තේ තම නිදි ඇඳුම පිටින් ම ය.
අනපේක්‍ෂිතව ඇතිවූ මෙම තත්ත්වය මත හෝටල් කාර්ය මණ්ඩලයද කලබලවී කරුණු කාරණා සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ මනාලිය නින්දේ පසුවෙද්දී තමා හීනෙන් නිට්ටෑවෙකුගේ ග්‍රහණයට හසුවූ බව දැනී උගෙන් බේරීම සඳහා එම ප්‍රහාරය එල්ලකර ඇති බවකි.
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1421
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිට්ටෑවකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරුගාලා
සමන් Thursday, 28 March 2019 12:22 PM
ශුවර් එකට මනමාලයා කළු කොට වෙන්න ඇති.