කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
 පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.
පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 28 හැවිරිදි අවිවාහක තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ වරකාපොළ ප්‍රදේශයේ හොඳම අවිවාහක මිතුරා මීට වසර කිහිපයකට ඉහතදී යුරෝපා රටක රියදුරු රැකියාවකට ගොස් තිබේ.
පසුව තරුණයා තම අවිවාහක හොඳම මිතුරාට දුරකතනයෙන් දිනක කියා ඇත්තේ උඹ දැන් යුරෝපා රටක රියදුරු රැකියාවක් කරමින් මාසයකට ලක්ෂ පහක් හයක් ගන්නා නිසා කැමති නම් ලස්සන කෙල්ලක් ඉන්නවා බඳින්න අපූරු බවත්ය. යුරෝපා රටේ සේවය කරන තරුණයා තම හොඳම මිතුරාගේ කීම අසා ඔහු සම්බන්ධ කර දී ඇති තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. 
පසුව යුරෝපා රටේ සේවය කරන තරුණයා තරුණිය සමග වට්ස්ඇප් මාර්ගයෙන් දිනපතා කතා බහ සිදු කර ඇති අතර දෙදෙනාට දෙදෙනා හඳුනාගෙන සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා පෙම්වතියගේ උපන් දිනයට ඇඳුම් පැලඳුම් අරගැනීමට කැමැති කෑමක් බීමක් ගැනීමට අසනීපයකට බෙහෙතක් අර ගැනීම ඇතුළු අවස්ථා ගණනාවක දී මුදල් එවා තිබේ. පසුව පෙම්වතියට රන් මාලයක් ද අරන් දී ඇති යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා සම්බන්ධතාව ආරම්භ කරන අවස්ථාවේ සිට ලක්ෂ පහ හමාරකට ආසන්න මුදලක් පෙම්වතියට එවා ඇති බවත් සිදු කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පැවසීය.
පසුව යුරෝපා රටෙහි රැකියාවක් කරන තරුණයා මීට දින කිහිපයකට ඉහතදී පෙම්වතියට ද බඩු මුට්ටු තොගයක් රැගෙන මසක නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත.දිවයිනට පැමිණි තරුණයා පසු දින පෙම්වතිය බැලීමට ඇගේ නිවසට යෑමට සූදානම් වූ අවස්ථාවේ දී පෙම්වතිය හඳුන්වා දී ඇතැයි කියන තරුණයාගේ නිවසට ගිය අවස්ථාවේ දී තරුණයාට වැටහී ඇත්තේ තම හොඳම මිතුරා ඔහුගේ නංගී පෙන්වා ලක්ෂ පහ හමාරකට අධික මුදලක් තමන් ඔහුට දී ඇති බවය.පසුව යුරෝපා රටෙහි රැකියාවක් කර පැමිණ සිටි තරුණයා මිතුරාගේ නිවසින් පිට වී තම හොඳම මිතුරාට එරෙහිව කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.
පැමිණිල්ලට අනුව පොලිසිය ඉකුත් දා දෙපාර්ශවයම පොලිසියට කැඳවා තිබුණි. එහිදී පැමිණිලිකාර තරුණයා පොලිසිය හමුවේ කියා ඇත්තේ නංගී ඉදිරිපත් කර අසනීප යැයි පවසා ද තමන්ගෙන් අවස්ථා ගණනාවකදී මුදල් ඉල්ලා සිටි බවත් ඒ සෑම අවස්ථාවක දීම තමන් මේ පුද්ගලයාගේ නංගීගේ ගිණුමට මුදල් එවූ බවය. එහිදී විත්තිකාර තරුණයා කියා ඇත්තේ තම නංගීට සියල්ල කියා මුදල් ගෙන්වා ගත් බවත් වැරැද්ද පිළිගන්නා බවත් පොලිසිය ඉදිරියේ පිළිගෙන මිතුරාගෙන් සමාව ද අයැද  පසුව මුදල් ආපසු වරින් වර දෙන බවට පොරොන්දු වී දෙපාර්ශවය පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය පැවසීය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා