තමන්ට වැසී තිබෙන නාග දෝෂය ඉවත් කර ගැනීම සඳහා නිතර ගෙවත්තට පැමිණෙන නාගයා තම නිවසට පැමිණ එකවර රත්ත්‍රන් නාගයකු වීමේ පුවතක් දෙනියාය ප්‍රදේශයේ වතුකරයෙන් ප්‍රචාරය වීමත් සමග එය නැරඹීමට විශාල පිරිසක් එම වතුකරයට ගිය පුවතක් විහාරහේන හාල්පන්තැන්න ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය.

එම කාන්තාවගේ ශරීරයට නාග දෝෂයක් වැසී ඇති බැවින් එය ඉවත් කර ගැනීමට නම් තමන්ට හීනෙන් පවසා ඇත්තේ විශාල පිරිසක් තම නිවසට ගෙන්වා තමන් වාසය කරන භූමිය පෑගීම තුළින් එම දෝෂය ශරීරයෙන් ඉවත් කරගත හැකි බවය. නිරන්තරයෙන්ම නාගයන්ට මෙම කාන්තාව විසින් මල් පහන් පූජා කරන අතර ඇය ආවේශ වූ විට නාගයකු සේ හැසිරෙන බවද පැවසේ.
මේ සඳහා උපක්‍රමයක් යෙදූ නිවැසියන් සිදුකළේ තමන්ගේ ගෙවත්තට නිතර පැමිණෙන නාගයා ඔවුන් වන්දනාමාන කරන ස්ථානයේ රත්ත්‍රන් නාගයෙකු ලෙස තැන්පත් වී සිටින බවට ප්‍රචාරය කිරීමයි. මෙය දැක බලා ගැනීමට විවිධ ප්‍රදේශවලින් දමිළ ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට ගොස් එම නාගයාට වන්දනාමාන කරන ආකාරය ද දක්නට ලැබුණි.
පසුව මේ සිද්ධිය සොයා බැලීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍යවේදීන්ද එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වූයේ එය රත්ත්‍රන් නාගයෙකු නොව ලෝහවලින් සාදා මිලදී ගත් නාගයෙකු බවත්ය. කෙසේ වෙතත් තවමත් එම කාන්තාවට එම නාග දෝෂය ඒ ආකාරයෙන්ම පවතින බව පැවසේ.
(දෙනියාය විශේෂ එස් .ඩී .කොඩිකාර )
2025 ඔක්තෝබර් මස 08
1684
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
507
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාග දෝෂය නැති කරන්න ගෙට රත්තරන් නාගයෙක් ඇවිත්