IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නොකළ අරගලයක් ගැන කයියට ගිහින් ගේ ඇතුළේ අර්බුදයක් ඇතිකරගෙන

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නොකළ අරගලයක් ගැන පම්පෝරි ගැසීමට ගොස් නිවෙසේ මෙතෙක් නොතිබූ හා නොනවතින අරගලයක් නිර්මාණය කරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් අසන්නට ලැබේ.


හේ නව වැනිදා අරගලයට ගියේ දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි. එහෙත් එහි තමන් ද කොටස්කාරයකු යයි ගම්මුන්ට අගවන්නට ඔහුට තිබුණේ ලොකු වුවමනාවකි. ලොකු කැමැත්තකි. ගමේ කඩ මණ්ඩියට එදා ඔහු ගියේ ද ඒ වෙනුවෙනි.


අරගලකරුවන් සමග නව වැනිදා ජනාධිපති මන්දිරයට හා නිල නිවෙසට කඩා පැන්න අයුරු ඔහු කීවේ ගමේ ඇත්තන්ගේ ඇස් උඩ යවමිනි. ජනාධිපති මන්දිරයට කඩා පනින විට ඇසුණු වෙඩි හඬින් තමන් බිය ගැන්වුණු හැටි. ඒවා එකක්වත් ගණන් නොගෙන ජනාධිපති මන්දිරයට කඩා පැන්න හැටි. එහිදී එදා තමා ඇතුළු පිරිස ලබාගත් ‘නව ෆන් එක’ ගැන ද ඔහු කීවේ අහිංසක ගම්මුන් මවිත කරවමිනි.


 නව වැනිදා අරගලයේ පම්පෝරිය පැයක දෙකක කාලයක් ඇදබා නිවෙසට යෑමට තමා පැමිණි පාපැදිය නවතා තිබු තැන බැලු‍වේය. කයිවාරුව අතරවාරයේ කවුරුන් හෝ පාපැදිය සොරාගෙන ගොස් තිබිණි.


 පා පැදියෙන් ගිය සැමියා පා ගමනින් එනු දුටු භාර්යාව පුදුම වූවාය. ‘කෝ කොල්ලාගේ බයිසිකලය’. එයට සිදු වූ දේ ඔහු කී විට භාර්යාව නිවෙසේ අරගලය පටන් ගත්තේ එතැන් සිටය. දැන් කොල්ලා පන්ති යන්නේ ඉස්කෝලෙ යන්නේ තමුසෙගේ ඔළුවෙන්ද?. මේ මිනිහා කළොත් කරන්නේ ඔය වගේ වැඩක් තමයි. කියමින් ඇය කවදාවත්ම නිවෙසේ නොතිබුණු අමුතුම අරගලයක් පටන් ගත්තාය. මෙය නොනවතින අරගලයක් ලෙස භාර්යාව ගෙනයාමට අඩිතාලම දැමුවේ පාපැදිය හොයාගෙන එනතෙක් ගෙදරට නොඑන ලෙස දන්වා නිවෙසින් පිටකිරීමත් සමගලු‍.



අදහස් (0)

නොකළ අරගලයක් ගැන කයියට ගිහින් ගේ ඇතුළේ අර්බුදයක් ඇතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17946 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site