IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නැකැත් කාරයාටත් නැකැත වැරැදිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිසි වයස් පිරී දරුවා පෙරපාසලට බාර දී මාස කිහිපයක් ගතවනතුරුත් අකුරු කියවීමේ නැකැත ලබා නොදුන් නැකැත්කරුවකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.


සුන්දර ගම් පියසකි. එහි තරුණ යුවළකි. එකම දරුවා බහ තෝරන්න පටන්ගත් සමයේදීම ආසන්නයේ වෙසෙන නැකැත්කරු හමු වී දරුවාට අකුරු කියවන්නට සුබ නැකැතක් සාදා දෙන ලෙස ඉල්ලා සිටියේය. දරු‍වාගේ වේලාපත්කඩය ද ඔහුට බාර දුන්නේය.


දරුවාගේ වයස අවුරුද්ද දෙක ඉක්මවන්නට විය. කල් යල් ඇතිව නැකැත සාදා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබාදීම දිනෙන් දින කල් ගියේය. දරුවාට වයස අවුරුදු හතර පිරෙන්නටත් ළඟය. නැකැත තවම නැත. ‘ඉක්මනින් දෙනවා’ නැකැත්කරු කීය. මේ අතර දරුවා පෙරපාසලට බාරදෙන්නට දින නියම විය. මව තමන්ට හැකි අන්දමින් දරුවාට අකුරු කියෙව්වාය. කොරෝනා මැද්දේම දරුවා පෙරපාසලට ද බාර දුන්නාය. 


මේ මව දරුවා පෙරපාසලට කැඳවාගෙන යද්දී නැකැත්කරු හමුවිය. ඔහු නොදැක්කා වගේ මගහැර ගියේය. එදින සවස නැකැත්කරු ඔවුන් සොයා නිවෙසට ගියේය. ‘මොන්ටිසෝරියේ අකුරු කරන්නේ නැහැනේ. ඉස්කෝලෙට බාරදෙන්න ඉස්සර වෙලා අකුරු කියවන්න හොඳ නැකැතක් හැදුවා’ යැයි කියද්දී මවගේ හා පියාගේ ගෝරනාඩුව මැද නැකැත්කරු ආපසු හැරුණේ තමන් මේ ගමන එන්නට පෙර සුබ නැකැතක් නොබැලූ බව සිහිපත් කරගනිමිනි.



අදහස් (0)

නැකැත් කාරයාටත් නැකැත වැරැදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site