(කොත්මලේ-සුදත් එස්. කුමාරසිරි)
අවුරුදු නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම් මුට්ටියක් රැගෙන එන ලෙසට බිරිය සැමියාට දුන් මුදල්වලින් රා බී හවස ගෙදර යන ගමන් සොහොනක තිබූ මැටි මුට්ටියක් රැගෙන ගොස් බිරියට ලබාදීමේ සිද්ධියක් කොත්මලේ ගම්මානයකින් වාර්තාවේ.
එම සිද්ධිය මෙසේය. කොත්මලේ ගම්මානයක පදිංචි කාන්තාවක් අවුරුදු සිරිත් විරිත් අකුරටම ඉටුකරන්න සූදානම් වූයේ අලුත් අවුරුද්දේ තමන්ටත්, තම පවුලේ අයටත් යම්කිසි යහපතක් උදාකර ගැනීමේ අරමුණ ඇතිවය.
ඒ සඳහා අලුත් අවුරුද්දේ නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම් මැටි මුට්ටියක් ඇයට අවශ්‍යය විය.
තම සැමියා අසල පිහිටි නගරයට යාමට සූදානම්ව සිටින බව දැන ඇය සැමියා අතට රුපියල් 200ක මුදලක් ලබා දුන්නේ හවස ගෙදර එද්දී අලුත් අවුරුද්ද උදාවන නැකතට කිරි ඉතිරවීමට නැවුම් මැටි මුට්ටියක් රැගෙන එන ලෙස දන්වමිනි.
ලබාදුන් මුදල ද රැගෙන නිවෙසින් පිටවූ සැමියා මුලින්ම ගියේ අසල තිබූ රා තැබෑරුමකටය. එහි මද වේලාවක් රැඳී සිටි ඔහුට නොදැනුවත්ම වාගේ තම බිරිඳ මුට්ටියක් රැගෙන ඒම සඳහා ලබාදුන් මුදල ද වියදම් විය.
එම මුදල්වලින් ද රා පානය කිරීමෙන් පසුව හවස ගෙදර යන කොට කොහොම හරි මුට්ටියක් රැගෙන යා යුතු බව ඔහුට සිහිවූයේ බිරිඳගේ හැටි හොඳින් දන්නා නිසාය. ඒ අතරතුර පාර දිගේ තම නිවෙස බලා යමින් සිටි සැමියාට අතරමග දී ගණදෙවි නුවණ පහළ විය. ඒ අසල තිබූ කනත්තක් දකින විටය. ඒ සැණින්ම කනත්තට ගොඩවූ ඔහුට අලුත මිහිදන් කළ මිනීවළක් අසල මැටි මුට්ටි කිහිපයක්ම දක්නට ලැබිණි. ඉන්පසුව ඉන් එක් මැටි මුට්ටියක් පරිස්සමට ගත්තේ අලුත් අවුරුද්දේ තම බිරිඳට කිරි ඉතිරි වීමට කෙසේ හෝ මැටි මුට්ටියක් රැගෙන යායුතු බැවිනි.
අතේ තිබූ ඉටිබෑග් එකට මැටි මුට්ටිය දමාගෙන බිරියට බාරදුන්නේ බිරිය වෙනුවෙන් හරියටම යුතුකම් ඉෂ්ට කරන සැමියකු ලෙසනි.
සද්ද බද්ද නැතිව නින්දට ගිය සැමියා ගෙන ආ මැටි මුට්ටිය, මල්ලෙන් එළියට ගෙන බිරිය විසින් බැලුවේ පසුදින උදෑසනය. ඒ අවස්ථාවේ දී බිරිය දැක ඇත්තේ සැමියා ගෙන ආ මැටිමුට්ටියේ මතුපිට රිදී පාට තීන්ත ආලේප කර ඇති අයුරුය.
මෙයින් සිදුව ඇති දේ අවබෝධ කර ගත් බිරිය සැමියාගේ ඇද ළඟටම ගොස් දෙස් දෙවොල් තැබුවේ සැමියාට ද කිසිත් සිතාගත නොහැකිවය.
2025 ඔක්තෝබර් මස 08
1631
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1398
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නැකතට කිරි උතුරුවන්න සැමියා සොහොනෙන් මුට්ටියක් ගෙනත්
sampath Thursday, 22 April 2021 02:16 PM
මේ රටේ පවුල් ආරාවුල් බොහෝමයකට මුල බීමත්කම සහ මත්ද්‍රව්‍යය.. මේවගෙන් රජයට බදු සහ දඩ විදිහට සුළු මුදලක් ලැබුණත් මේකෙන් සිදුවන බරපතල සමාජ ව්‍යවසනය ගැන කවුරුත් හිතන්නේ නැති එක ඛේදවාචකයක්... සමහර පවුල් මිහිමත අපායක්...