IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


දළඹුවකු කා රෝහල්ගත වූ පුතුට මවගෙන් ඉදල් පාරකුත්

මත්පැන් පානය කළ පුතු මවට දැන ගැනීමට නොහැකි වන්නට විෂ දළඹුවන් සහිත කොට්ටම්බා කොළත් කා රෝහලේ ගතවීමේ  සිද්ධියක්  පස්දුන් කෝරලයෙන් වාර්තා විය. 


පස්දුන් කෝරලයේ පිටිසර ගම්මානයක මංසන්ධියේ පිහිටි කොට්ටම්බා ගස යටට දිනපතා සවසට එකතුවන මිතුරන් පිරිසකි. එදිනෙදා සිදුවන වැදගත් දේ මෙන්ම ඕපාදූප ද කතා කරමින් සිටින මිතුරන් අතර හිටි ගමන් අතුරුදන් වන මිතුරෝ පිරිසක් ද සිටිති.


ඒ අසල ඇති නෝනාගේ කඩයෙන් කටගැස්මක් ඔතාගන්නා ඔවුන් ළඟම ඇති තේ වත්තට රිංගන්නේ  හීනියට අඩියක් ගැසීමටය. මිතුරන් අතර සිටින රවි පියා අහිමිව මව සමග ජීවත්වන අවිවාහක තරුණයෙකි. 


රැකියාවෙන්  ලබන මාසික වැටුප ද මවට දෙන්නේ ඔහුට තම අම්මා හැර අන් අයකු නැති නිසාය. මවගේ වචනයෙන් පිට කිසිදු වැඩක් නොකරන රවි මිතුරන් සමග එකතු වී පොඩි අඩියක් ගැහැව්වත් සිය මවට නම් කිසිසෙත් දැන ගැනීමට  ඉඩ නොතබයි.


මෙදින ටිකක් සැරට ගන්නට සිදු වූ ඔහු අසල ඇති කොට්ටම්බා ගසෙන් ළපටි කොළයක් කඩා කටේ ඔබා ගත්තේ මත්පැන් ගද මවගෙන් වසන් කිරීමටය. මිතුරන්ගෙන් සමුගත් ඔහු නිවසට ගොස් නින්දට වැටුණේය. ටික  වේලාවකින් ඇහැරුණේය. කට වටේට වේදනාවක්  දැණිනි. වහාම පරීක්‍ෂා කර බැලීමෙ දී කට ඉදිමි ගෙඩි දමා තිබිණි. වහාම මවට දැන්විය. බියට පත්වූ මව ත්‍රිරෝද රථයක්  ගෙන්වා රෝහලට ගියේය. වෛද්‍යවරයා රවිගෙන් ඒ ගැන විමසුවේය. මොකක්ද වුණේ. මවත් ඒ අසලය. රවිට ඇත්ත කියන්නට සිදුවිය. හා එහෙනම් අනිවාර්යෙන්ම කොට්ටම්බා කොළයේ විෂ දළඹුවෙක් ඉඳල තියනවා. ඔහුට ප්‍රතිකාර කෙරිණි. නමුත් රෝහලෙන් එළියට ආ ඔහුට සුපුරුදු ඉදල් පාර නම් ඉවසා සිටින්නට නොහැකි විය.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)

 



අදහස් (2)

දළඹුවකු කා රෝහල්ගත වූ පුතුට මවගෙන් ඉදල් පාරකුත්

gayan dedigama Wednesday, 16 January 2019 06:00 AM

මේ වගේම වැඩක් මෙගේ යාලුවෙක්ටත් වුණා. එයා අතේ සිගරට් ගද යන්න පාරේ ගස් වල කොළ අතේ පොඩි කරගන්න පුරුදු වෙලා හිටිය. දවසක් මිනිහ ගෙදර ගියාට පස්සේ අත් කසනන්න අරන් ඉදිමිලා. බැලුවම මිනිහ එදා පොඩි කරලා තියෙන්නේ කහඹිලියා කොළ.

:       1       13

මාරසිංහ Thursday, 17 January 2019 06:29 AM

මත්පැන් කියන්නේ මුළු රටම වෙලාගෙන එහි මිනිසුන් විනාශ කරන රකුසෙක් බව අපි තේරුම් ගන්නේ කවදාද? මත් පැනේ ආදීනව වෙනුවට දැන් ඇහෙන්නේ එහි තුරු පල වලින් මතු වන විහිළු කතා පමනයිද? රටකට ගිය කල?

:       16       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1685 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1416 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 507 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site