(මාවතගම කාන්චනමාලා බණ්ඩාර විසිනි)
තම රන් ආභරණ සොර සතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා නිවසේ තිබූ බෝනික්කා තුළ සඟවා තිබියදී එම බෝනික්කා වඩාගෙන තම සිඟිති දියණිය අල්ලපු ගෙදරට යාම නිසා තරු පෙනුණ මවක් පිළිබඳ සත්‍ය කතාවකි.
ඇය රජයේ නිලධාරිනියකි. ඉහළ නිලයක් දැරූ ඇය සේවයට යද්දී යහමින් රන් ආභරණ පලඳින අතර, දිනපතා පලඳින රන් ආභරණ රාත්‍රී කාලයට සඟවා තිබුණේ තම දියණිය විසින් ඉවත දමන ලද බෝනික්කාගේ බඩ තුළය. බෝනික්කා රෙදිවලින් පුලුන් පුරවා මසන ලද බෝනික්කකු නිසාත් බඩමැද වැසිය හැකි සිපරයක්. සහිත වූ නිසාත් දිනපතා කාර්යාලයෙන් නිවසට ආ විගස ඇය රහසේ රන්බඩු ඒ තුළ බහාලීය.
එදින නිවාඩු දිනයක් වූ නිසා ඇයට නිවසේ කාර්යබහුල විය. ඒ අතරතුර තම සිඟිති දියණිය අසල්වැසි නිවස වෙත ගියේ මිතුරියන් සමග සෙල්ලම් කිරීමටය. මද වේලාවකින් නිදන කාමරයේ ඇඳ අසල තිබූ බෝනික්කා නැති බව ඇයට පෙනිණි. තව දුරටත් සොයා බැලූ මවට දක්නට ලැබුණේ තම දියණිය සෙල්ලම් කිරීම සඳහා රන් බඩු සහිත බෝනික්කා අසල්වැසි නිවසට ගෙන ගොස් ඇති බවය.
ඇයට දවල් තරු පෙනුණේ ලක්ෂ 2, 3 වටිනා රන් බඩු සිහිවීම සමගය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දුව බෝනික්කා අරන් යද්දී මවට තරු පෙනිලා