IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දුවට කන්තෝරු ගෙනියන්න පොල්කටු හොද්දක් හදලා

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
 දියණියගේ බත් මුලට පොල්කටු හොද්දක් බෙදු බව කියන මවක නිසා දියණිය කාර්යාලයේ දී මිතුරියන් ඉදිරියේ මහත් අසීරුතාවට ලක් වූ පුවතක් පසුගිය දා වයඹ පළාතේ අග නගරයකින් අසන්නට ලැබිණි.


බස්නාහිරෙන් වයඹට දීග ගිය කතකි. සැමියා විශ්‍රාමිකය. දියණිය නගරයේ කාර්යාලයක සේවය කරන්නීය. පරිප්පු කිලෝව රුපියල් හය සියයකට ආසන්න නිසා සැමියා කඩල පරිප්පු ගෙනාවේ ගෙදර වියදම අඩු කර ගැනීමේ උපක්‍රමයක් ලෙසය. කලකින් නිවෙසට ගෙනා කඩල පරිප්පු පිසින්නට නම් වරුවක් දියේ පොඟවා ගැනීම කළ යුතු බව ගෘහණියට සිහිපත් වූයේය. ඇය මේ ගැන සිය සොහොයුරිය හා කතිකා කළාය. 


ඇයට උපදෙසක් ලැබිණි. පොල් ගා අවසන් වූ පොල් කට්ටක් කඩා කැබිලි කිහිපයක් දැමීමෙන් කඩල පරිප්පු පිසීමේ දී කල්තියා පොඟවා ගැනීම අනවශ්‍ය බව එයින් කියවිණි. අත්හදා බැලීමටත් සමග ඇය පසුදා උදේ කඩල පරිප්පු හොද්ද ළිපේ තැබුවේ සොහොයුරියගෙන් ලැබුණ උපදෙස් අනුවය.


කඩල පරිප්පු ව්‍යංජනය දැක පුදුමයට පත් වූයේ එය පෙඟෙන්නට දමා තිබෙනු දක්නට නොලැබුණු නිසාය. ඔහු බිරියගෙන් ඒ ගැන විමසීය. ඒක රහසක් බස්නාහිර අපි කඩල පරිප්පු උයන හැටි හොඳට දන්නවා. කාලා බලන්නැයි ඉල්ලා සිටියාය. ව්‍යජංනය අපූරු බවට  සැමියා සහතික කළේ වැඩි දුර ප්‍රශ්න නොකරමිනි.


දහවල් විය. දියණියගෙන් පියාට ඇමතුමක් ලැබිණි. ‘ තාත්තේ වට්ස් ඇප් එක බලන්න ඇය ඉල්ලා සිටියාය. පියා ඒ අනුව දුරකතනය පිරික්සීය. දියණිය මිතුරියන් සමග දහවල් කෑම කන අවස්ථාවේ ඡායාරූප එහි විය. එක් පින්තූරයක පොල් කටු කැබලි හත අටක් විය. ඔහු බිරියට එය පෙන්වූවේය. 


අනේ මට කඩල පරිප්පුවලට දාපු පොල් කටු කෑලි ටික අයින් කරන්න බැරිවෙලා. ඒවා දුවගේ බත් එකට බෙදලායි  කී ඇය සිද්ධිය හෙළි කළාය. පියාද  ඒ බව දියණියට දැනුම් දුන්නේය. දියණිය සවස ගෙදර ආ විගස හඬා වැටෙමින් මවට පැවැසුවේ ‘අම්මේ හෙටත් පොල් කටු හොද්දක් එක්ක බත් ගේන්න කියලා යාළුවෝ කී බවයි. තමන්ට සිදු වූ අතපසුවීම ගැන මව දහස් වර  සමාව ඉල්ලුවේ වෙන කළ හැකි දෙයක් නොවූ  නිසාය.

 



අදහස් (0)

දුවට කන්තෝරු ගෙනියන්න පොල්කටු හොද්දක් හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site