(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
තම සිඟිති දියණියට ‘පළමු පෙම්වතා’ යනු කවුදැයි වැරදි ලෙස හඳුන්වා දුන් පියකු මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
වයස අවුරුදු හතරක පමණ සිඟිති දියණිය දිනක් තම මව පියා සමග නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියාය. අවට පරිසරයේ මෙන්ම රූපවාහිනියෙන් ද ඇසෙන දකින අලුත් දේවල් අලුත් වැඩ පිළිබඳව මවුපියන්ගෙන් විමසීම දරුවන්ගේ සාමාන්‍ය සිරිතය. මෙදින රූපවාහිනියේ දර්ශනය වූ ගීතයේ සඳහන් ‘පළමු පෙම්වතා’ යනු කවුදැයි යන්න දැරියට මහත් ප්‍රශ්නයක් විය.
පියා ළඟට ගිය දැරිය මේ පිළිබඳව විමසන්නට විය.
තාත්තේ කවුද ‘පළමු පෙම්වතා’ කියන්නේ. දැරිය තම පියාගෙන් දිගින් දිගටම විමසන්නට වූවාය. දැරියගේ ප්‍රශ්නයට පිළිතුරක් දීමට නොහැකිව පියා ද අන්දමන්ද විය. අවසානයේ පියා දැරියගෙන් බේරීමට කුමක් හෝ පිළිතුරක් දීමට තීරණය කළේය.
පුතා පළමු පෙම්වතා කියන්නේ ඔය අතපය නැතිව කිහිලිකරුවලින් යන අයටනේ. පියාගේ පිළිතුරින් පසු දැරිය කරබා ගත්තාය. පවු නේද අප්පච්චි. දැරිය එසේ ද කීවාය.
දින කීපයකට පසු දැරිය පියා සමග ඔහුගේ කාර්යාලයට ගියාය. පියාගේ මිතුරන්ගේ ආදරයට සුරතලයට ලක්වෙමින් දැරිය සුරතල් බස් ද දොඩමින් දවස ගෙවමින් සිටියාය. හදිසියේම දැරිය වීදුරු කවුළුවකින් දුටුවේ මාර්ගයේ කිහිලිකරුවල ආධාරයෙන් ඇවිද යන ආබාධිත අයෙකි. දසුනින් සංවේදී වූ දැරිය අන්න අන්න පළමු පෙම්වතා යනවා අනේ පව් මාමේ යැයි කෑගැසුවාය.
දැරිය තම පියා ළඟට ගොස් මුදල් ද ඉල්ලන්නට විය. පියාගේ මිතුරන් අන්දමන්ද වූයේ දැරිය පවසන දේ වටහා ගැනීමට නොහැකිවය. පසුව සිදුවී ඇති දෙය දැනගත් මිතුරන්ට සිනහව වාවා ගත නොහැකි විය. ඔවුන් දැරියගෙන් යළි යළි ඒ පිළිබඳව විමසන්නට වූයේ පියාට ද උසුලු විසුලු කරමිනි. දැරිය තව තවත් සංවේදී වෙමින් පළමු පෙම්වතා පව් නේද මාමේ යැයි කීවේය.
ඇති වූ තත්ත්වයෙන් මහත් ලැජ්ජාවටත් අපහසුවටත් පත්වූ පියා කෙටි නිවාඩුවක් දමා දැරිය ද සමග නිවසට ගියේය.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
දුවගේ ‘පළමු පෙම්වතා’ පියාත් අමාරුවේ දාලා
sampath Monday, 11 February 2019 11:04 AM
ළමයි කාර්යාලවලට එක්කන් යනවට හොඳ වැඩේ...
donMonday, 11 February 2019 11:41 AM
ළමයව බලා ගැනීමට ගෙදර කිසිවෙක් නොසිටියා වීම ඊට හේතුව විය නොහැකිද?