IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දුවගේ අවුරුදු කිරිබතෙන් වැඩිහිටියාට වස ලැජ්ජාවක්

මාතර මොරවක් කෝරළයේ ඈත ගම්මානයක් වූ දියදාව ගම්මානය අර්ධ නාගරීකරණයට පත්වෙමින් තිබෙන සුන්දර ගම්මානයකි. තේ ආර්ථිකය සමග ජීවිත ගෙන යන මෙම ගම්මානයේ වැසියෝ සිරිත් විරිත් අකුරට ඉටුකරන චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස පවත්වාගෙන යන පිරිසක් වූහ.


නව වසර සමරමින් කැවුම් කිරිබත් සකස් කිරීම නොකඩවා සිදුකරන ගම්වැසි නිවෙස්වල මෙම වසරේ උදාව සැමරීමට කිරිබතක් සකසා ගැනීමට අවශ්‍ය පොල් කිරි ලබා ගැනීමට පොල් හිඟවීම සහ මිල අධික වීම කාටත් ප්‍රශ්නයක් වී තිබිණි.


මවක් දියණියක් සහ රෝගී වැඩිහිටි ඥාතියකු ජීවත් වන නිවසක් මේ ගමේ වූ අතර එම නිවසට අහල පහල නිවෙස් හිමියෝ අලුත් අවුරුද්දට හිතවත්කම් අලුත් කර ගැනීමට යන එන අවස්ථාද විය.


එදා අලුත් අවුරුදු දිනය වූ නිසා එම නිවසේ උදේ ආහාරයට කිරිබත් සකස් කිරීමට දියණියට සිදුවිය. ඇය සහල් සකස් කර ඉතා හොඳින් කිරිබත පිසීමට පොල් සෙවුවද නිවසේ පොල් බෑයක්වත් සොයා ගැනීවට නොහැකි විය. පොල් සොයා ගැනීම අසීරු කරුණක් බව දැනගෙන සිටි දියණිය පොල් කිරි වෙනුවට යෙදිය හැකි කිරි දියරයක් ගැන කල්පනා කළාය.
‘අම්මේ කිරිබත් හදන්න පොල් නෑ. දියණිය මවට කීවාය.


‘පොල් නැතුවට මොකද කරන්නේ? ඉස්සර අපේ ආච්චිල පොල් වෙනුවට කැකුණ ඇට මද අඹරල කෑවලු. අද කැකුණ ගස් නෑ. ඇටත් නෑ.


ඉන්පසුව ඇයට අදහසක් පහල විය. ඇය කිරිබතට පෝෂ්‍යදායි කිරි දියරක් එක් කර කිරිබත සැකසුවාය. උදේ ආහාරය ගැනීමට පැමිණි මවත් ඥාතියාත්, දුව සකස් කර ඇති කිරිබත කෙසේ සෑදුවේද? විමසුවද ඇය පිළිතුරක් නොදුන්නාය. තිදෙනාම කිරිබත් කා සුපුරුදු ලෙස නිවසේ තම තමන්ගේ කටයුතුවල නිරත වූහ.


දහවල් කාලයේ අසල නිවසක වැඩිහිටියෙක් අලුත් අවුරුදු තෑගි ද රැගෙන එම නිවසට ආවේය. වැඩහිටි ඥාතියාගේ හිතවතෙකු වූ ඔහු සෑම අලුත් අවුරද්දකටම මෙම නිවසට පැමිණීම සිරිතක් විය.


අසල්වැසියාට සංග්‍රහ කිරීම සඳහා සූදානම් වූ නිවසේ මව බිස්කට් කෙසෙල් ගෙඩි ආදිය ගෙනවිත් තබා බීමට කටහද කිරිකහටදැයි අසල්වැසියාගෙන් විමසීය. කිරි කහට එකක් හොඳයි ඔහු කීය.


මව  කුස්සියට ගොස් තේ සෑදීමට සූදානම්ව කිරිපිටි ටින් එක කොහේදැයි සොයා බැලුවාය. ඇයට එය සොයා ගැනීමට නොහැකි තැන දුවට කතා කර ඒ ගැව විමසුවාය.


‘කිරිපිටි ඉවරයි. මම උදේ කිරිබත හදන්න ටින් එකේ තිබුණ කිරිපිටි ටික ඔක්හොම ගත්ත. අන්න ටින් එක හෝදල එළියෙ වළං මැස්ස උඩ යයි කීවාය.


අම්මට යකා නැග්ගාය. ‘කොහොමද යෝදියේ මම අර මනුස්සයාට කිරි කහට එකක් දෙන්නෙ. වස ලැජ්ජාවක් නේ අලුත් අවුරද්දේ ගෙදරට ආපු මනුස්සයට කිරි කහට එකක් දෙන්න බැරි වුණාම? මව තරහින් පුපුරමින් කහට තේ එකක් හදාගෙන අසල්වැසියාට දීමට ගෙන ගියාය.



අදහස් (0)

දුවගේ අවුරුදු කිරිබතෙන් වැඩිහිටියාට වස ලැජ්ජාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site