IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දුරස්ථභාවය රකින්න ගිහින් යතුරුපැදියෙන් කරණමක් ගහලා

(තිහගොඩ උපසේන ලියනගම) 
කොරෝනා දුරස්ථභාවය රැකීමට ගොස් කරණමක් ගැසූ යොවුන් වියේ තරුණියක පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකිනි.


ඇය දකුණේ ප්‍රධාන නගරයක ක්‍රීඩා කටයුතු පිළිබඳ උපදේශක කාර්යාලයක සේවිකාවකි. එදින පෙරවරුවේ පටන් වැඩ සටහන් කීපයක් ඇති නිසා උදේම සේවාවට යාම සඳහා බස්නැවතුමකට ගියත් බස් සේවය අඩාලව තිබිණ. ඉතා කලාතුරකින් ආ බසයද නැවැත්වූයේ නැත.


මහ මග තනිකඩව ආ යතුරුපැදියකට ඇය අත දුන්නේ නාඳුනන කෙනෙක් බවද නොසලකමිනි. ‘‘අනේ අයියේ මට පරක්කු වෙලා උදව්වක් කරනවද? ඇය ඔහුගෙන් ඇසීය. සෞඛ්‍ය විද්‍යානුකූලව ඇය සිටි නිසාත් අමතර හිස්වැස්මක් තිබූ නිසාත් ‘නගින්න නංගි හැබයි මීටරයේ දුර තියාගන්න ක්‍රමයක් නෑනෙ’ ඔහු කීවේ සැකයෙනි. ‘‘මම පස්සටම වෙලා ඉන්නං අයියේ’’ කී ඇය යතුරුපැදියට නැග්ගේ කඩිනමිනි. 


නගරය අසලටම ගිය පසු ආ වංගුවේදී ඇය ඇලවී ගියෙන් ඔහුගේ අත ඇල්ලීමට යාම නිසා යතුරුපැදිය පෙරළුණි. දෙදෙනාටම කිසිදු තුවාලයක් නොවූවත් විසිවී ගිය බෑගය ගත් ඇය “මම ඉතිරි ටික පයින්ම යන්නම් අයියේ” කීවේ ගැසූ කරණම ගැන අමතක කරමින්ලු. 

 



අදහස් (0)

දුරස්ථභාවය රකින්න ගිහින් යතුරුපැදියෙන් කරණමක් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site