IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දූරියන් හොරෙන් කඩන්න ඇවිත් කැමරාත් ගලවාගෙන ගිහින්

තම ගෙවත්තේ දූරියන් ගසෙහි දූරියන් ආරක්ෂා කිරීම සඳහා යෙදු  උපක්‍රමයක් අසාර්ථක වීමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් ඉකුත් දා වාර්තා විය.
මේ දිනවල මහනුවර හා අවට ප්‍රදේශවල දූරියන් සඳහා ඉහළ මිලක් පවතින අතර, ඒ හේතුවෙන් දූරියන් ඇති පුද්ගලයන් ඒවා සතුන් සහ මිනිසුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විවිධ උපාය මාර්ග යොදා තිබේ.
මෙම සිදුවීමට භාජනය වූ පුද්ගලයාගේ නිවස ඉදිරියේ විශාල දූරියන් ගසක් පිහිටා තිබිණි. මෙම ගස ආසන්නයේම ගම්මානය සඳහා පිවිසීමට තිබෙන ගම් සභා මාර්ගය ද පිහිටා තිබුණි. එබැවින් ගමට පිවිසෙන පුද්ගලයෝ දූරියන් ගසේ ගෙඩි වැටී ඇත්දැයි පරික්ෂාවෙන් ගමන් බිමන් ගියෝය. එමෙන්ම මේ ආසන්නයේ වනාන්තරය සහිත ප්‍රදේශයක් පැවති නිසා නිරන්තරයෙන් රිළව් සහ දඬුලේනුන් ඇතුළු සතුන්ගේ  ඇල්ම බැල්ම ද නිරන්තරයෙන් යොමුවූ ස්ථානයක්ද විය.


මේ හේතුවෙන්  මෙම දූරියන් ගසෙහි  ගෙඩි සතුන් සහ මිනිසුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඒ නිසා ඔහුට දින කිහිපයක් රැකියාවට නොගොස් නිවසේ රැඳී සිටීමට ද සිදුවූ අවස්ථාද පැවතියේය.
නිරන්තරයෙන් කාර්යාලයට වාර්තා නොකර නිවාඩු ලබා ගන්නා මිත්‍රයා පිළිබඳ සොයා බැලූ කාර්යාලයේ මිතුරෙක්,  දූරියන් ආරක්ෂා කර ගැනීම සඳහා අපූරු යෝජනාවක් කළේ ය. ඒ අනුව පසුගිය දිනෙක උදෑසනින්ම නගරය බලා පිටත් වූ ඔහු මිතුරාගේ උපදෙස් අනුව නගරයේ විදුලි උපාංග වෙළෙඳසලකින් නවීන පන්නයේ CCTV කැමරා පද්ධතියක් ගෙන සවි කිරීමට පියවර ගත්තේය.
දූරියන් ගස ආසන්නයේ සහ ගෙවත්තේ ද සංඥා පුවරු කීපයක් ද සවිකළේය.  මේ සියල්ල ඉටු කළ ගෙහිමියා එදින රාත්‍රියේ දූරියන් ගෙඩි වැටීම මුර කිරීම පසෙකලා, දින කිහිපයක නිදීවැරීමේ වෙහෙස නිවා ගනිමින් සති අන්තය එළඹ ඇති බැවින් උදෑසන තෙක්ම නිදා ගත්තේය.
පසුදින පෙරවරුවේ  ගෙවත්ත හා දූරියන් ගස පරීක්ෂා කර බැලීමේදි ගසේ තිබූ දූරියන් නොමැති බව නිරීක්ෂණ විය. පසුව ගෙවත්තේ සවි කළ  CCTV කැමරා සියල්ල සවි කළ ඇති ස්ථානවල ඇත් දැයි පරික්ෂා කිරීමට පටන් ගත් අතර, ඒවා  ද එකක් හෝ සවි කළ තැන්වල නොමැති බව දක්නට ලැබී තිබේ.
පසුව කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ පෙරදින රාත්‍රියේ පැමිණි සොරුන් විසින් දූරියන් ගසේ දූරියන් ගෙඩි සියල්ල ද, සවිකළ  CCTV කැමරා පද්ධතියද ගලවාගෙන ගොස් ඇති අයුරුය.

කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ



අදහස් (0)

දූරියන් හොරෙන් කඩන්න ඇවිත් කැමරාත් ගලවාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site