IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


දැරියගේ ෆෝන් අසනිපයෙන් මවුපියෝ අන්ද මන්ද වෙලා

දින ගණනක් තිස්සේ වැසිකිළි නොයාම නිසා අසනීප වූ දැරියක එයට හේතුව ජංගම දුරකථනය නොමැතිවීම බව වෛද්‍යවරයාට පැවසීම නිසා මව්පියන් අන්දමන්ද වී ඔවුන් භාරයට ගත් ජංගම දුරකථනය එම දැරියට ආපසු ලබාදීමේ අපූරු පුවතක් දකුණේ රතුපාටට හුරු ගමකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
වයස 16 ක් පමණ වූ පාසල් දැරියක ජංගම දුරකථනයට හුරුවී සිටි අතර වැසිකිළියට යන සෑම අවස්ථාවකම සිය ජංගම දුරකථන රැගෙන ගොස් බොහෝ වේලාවක් ගත කිරීම පුරුද්දක් කරගෙන සිටියාය.
 කෙසේ වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම දුර්වල වූ බැවින් හා මෙම සිදුවීම ගැන සැක සිතූ මවුපියන් ඔවුන් විසින් දියණියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඔවුන්ගේ භාරයට ගත්තේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා උනන්දු කරවීම පිණිසය.


දුරකථනය අහිමි වී ටික දිනක් යන විට දරුවා විවිධ අසනීපයන්ගෙන් පෙළෙන්නට වූ බැවින් වෛද්‍යවරයකු හමුවට කැඳවාගෙන ගියේය. 
එහිදී වෛද්‍යවරයා විවිධ ප්‍රශ්න අසන්නට විය. එහිදී දැරිය පැවසූ කතාවෙන් සියලු‍ දෙනාම අන්ද මන්ද වූහ. ඇය පැවසූවේ දුරකථනය මවුපියන් භාරයට ගත් දින සිටම වැසිකිළි නොගිය බවයි. වැසිකිළියට ගොස් දුරකථනය පාවිච්චි කරන විට වැසිකිළි යාම සිදුවන බවත් දුරකථනය නැති වූ දා සිටම වැසිකිළියට ගිය ද එම කාර්ය සිදු නොවූ බවත් ඇය පැවසුවේ ලැජ්ජාවෙනි.
මෙය මානසික ආබාධයක් බව පැවසූ වෛද්‍යවරයා ඇයට වැසිකිළි යාමට අවශ්‍ය බෙහෙත් ලබා දුන්නේය. කෙසේ වුවද මෙම දරුවාට ජංගම දුරකථනය ආපසු දීමට දැරියගේ මව තීරණය කළාය.

රජ්ගම විශේෂ ධර්‍මදාස සිරිවර්ධන



අදහස් (0)

දැරියගේ ෆෝන් අසනිපයෙන් මවුපියෝ අන්ද මන්ද වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1586 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site