කොළඹට නුදුරු සරසවියක අවසන් වසර ශිෂ්‍යාවකි. පසුගියදා ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ පියා බලවත්ව රෝගී වූ හෙයින් කොළඹ සේවය කරන සොහොයුරා සමග ගෙදර එන ලෙස දන්වමිනි.
තම ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේ දී එහි බැටරිය අක‍්‍රියවී තිබීම නිසා එය සක‍්‍රිය කරගෙන යා යුතු හෙයින් ඇය චාජරයක් සවි කොට විදුලියට සම්බන්ධ කළාය. සක‍්‍රිය වූ පසු එය ගලවා බෑගයේ දමා ගත්තාය.
කොළඹ ප‍්‍රධාන බස් නැවතුම්පොළට ගොස් සොහොයුරාට දුරකථන ඇමතුමක් දීමට බෑගය විවෘත කොට ජංගම දුරකථනය සෙවූ ඇයට දෙවියන් සිහි වූයේ දුරකථනය කාමරයේ තිබිය දී ඇය චාජරය බෑගයේ දමා ගෙන පැමිණ ඇති බවයි.
කෙසේ හෝ සන්නිවේදන මධ්‍යස්ථානයකට ගොස් දුරකථන ඇමතුමක් දී සොහොයුරා සමග ගෙදර ගොස් ආපසු ආවත් යෙහෙළියන් ”කෝල් එකක් ගන්න චාජරය දීපන්” කියු විට දැන් ඇය යක්‍ෂාරූඪ වෙනවාලූ.
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුරකථනය බෝඩිමේ දමා චාජරය අරන් ආ සිසුවියට තරු පෙනිලා
මංජු Friday, 14 June 2013 04:58 PM
අම්මා ගහයි.(නදී)
උපාලි Monday, 10 June 2013 05:38 AM
වේයන්ගොඩ දිය ඇල්ලේ ඔයේ වෙඩි දාලා මාළු අල්ලන මනුස්සයෙකුට ඔය වගේ දෙයක් වුනා දැනට අවුරුදු 50 කට විතර කලින්. මිනිහා හොඳටම බීලා ඉඳලා තියෙන්නේ. ඔය අයිනේ හොඳ මාළු වලක් තෝරාගෙන, වෙඩිල්ල පත්තු කරලා කෝට් සාක්කුවට දාගෙන ගිනි පෙට්ටිය විසි කළා මාළු වලට. හොඳ වෙලාවට සෙල් පෝන් චාජර් පුපුරන්නේ නැත්තේ. (නි)
චතූ Monday, 10 June 2013 03:57 PM
අයියෝ පහන් ඕක ඔක්කොම කණපිට ෆිල්ම් එකේ කෑල්ලක්නේ. (ස)
අසාම් Monday, 10 June 2013 06:49 AM
නල්ලුරේ දී සුරුට්ටු බොන පුරුද්ද ඇති කෙනෙක් වෙලේ ගිරව් පන්නන ගිහින් රතිංඤා කරලකට ගිනි අවුලලා කටේ තියාගත්තලු.(නදී)
රන්දි Monday, 10 June 2013 04:20 PM
ජේ.වී.පී කාලේ 80 ගණන්වල? අපිත් රෑවෙනකොට ලොකු අම්මලාගේ ගෙදරට යනවා නිදාගන්න අම්මත් සමග, මැදියම් රෑ, සේරමලා තේ බොන්න කතාඋනා , කවුරුත් බයයි නිවසින් පිට තියන කුස්සියට යන්න. අවසානේ අපේ අම්ම වතුර ලිප තියලා ලොකු අම්මගේ දුවට කෙත්ලෙට තේ කොළ ටික දාගෙන එන්න කීවිට ඒ අක්ක අත්ලට තේ කුඩුටික අරන් අම්ම කපන හකුරු කැලි ටිකෙන් එකක් අරන් බයේ බයේ කුස්සියට ගිහින් කේතලේ පියන අරිනකොටම අල්ලපු මුර වත්තේ ටකරම් වහලෙට වේලිච්ච පොල් අත්තක් වැටුනා සරාස් ගාල පහලට වැටුන වෙඩිලි සබ්දයෙන්. අනේ අර අක්ක හිතුවේ ජීවිපි එකෙන් ඇවිත් අපිට වෙඩි තියනවා තමා කියලා. කම්පනයට කන්න ගත්තු හකුරු කෑල්ල මුට්ටියට දාලා තේ කුඩු ටික කටේ දමාගෙන ගේ ඇතුලට දුවගෙන ආවා. කතා කරගන්නත් බැහැ නහයෙන් , කටින් තේ කුඩු පෙරාගෙන .....? මම ගොඩක් චුටීයි , එදා මම ලාම්පු එලියට ඒ අක්කව දැක්කේ ? එයට කව්රුහරි එලියට ගියාට පස්සේ වෙඩි තියල කියලයි ...? අදත් අපිට හිනා ඒ සිදුවීමට ...?(නදී)
අමිළ කටුනායක Monday, 10 June 2013 08:03 AM
ගනන් ගන්න එපා ඕවා කාටත් වෙන්න පුලුවන්.(නදී)
වරුන Monday, 10 June 2013 08:07 AM
මම දන්නා කෙනෙක්ටත් ඔහොම වැඩක් උනා ට්‍රිප් එකක් යන ගමන් කොල්ලෝ කෙල්ලන්ට දෙන්න ටෙලිපොන් නොම්මර කොලකෑලි වල ලියන් ගිහින් එක තැනකදී කලබලේට වාහනේ යන ගමන් කොළ කෑල්ල කියල අතේ තිබ්බ සල්ලිටික විසිකරලා.(නදී)
හේරත් Monday, 10 June 2013 08:09 AM
චඃ ....බලාගෙන ගියාම මේක එකම විකාර ලෝකයක්නේ. (නි)
මධුක Wednesday, 12 June 2013 11:58 PM
කටත් අතපසුවීම් වෙනවා. මේ ලෝකේ කවුරුවත් නැතුව ඇති එහෙම නොවෙච්ච.එහෙම කියලා ඒ තරුණියට විහිළු කරන එක අනුමත කරන්නේ නැහැ.අපි කවුරුත් මිනිස්සු.ලුණු කියලා හිතලා මාත් බත් එකට සිනි දැම්මා මේ ලඟකදී. හිතේ ප්‍රශ්න,කලබල පරිසරයක් තුල ජිවත් වීමේදී අපට මේවා වෙනවා. විටෙක ඒ වගේ සිදුවීම් පසුකලෙක සුන්දර මතකයක් වෙනවා........ (නි)
සුමූ Monday, 17 June 2013 12:00 AM
නිලූ , බොරු කියන්න එපා... (නි)
ඉෂාර Monday, 10 June 2013 09:04 AM
හොඳටම ලෙඩ වුන තාත්තව බලන්න දුවද්දි ඔහොම හරි සිහියක් තිබ්බ එක ගැන සතුටුයි.(නදී)
දම්මිකා Monday, 10 June 2013 05:53 PM
ඕවත් ප්‍රශ්නද අනේ? (නි)
සරත් Monday, 10 June 2013 10:16 AM
වරුණ ෂුවර් එකටම ඔයවැඩේ කරන්න ඇත්තේ රංජනී වෙන්න ඕනේ! රන්ජනීත් බස්වල යනකොට ඔයිට වඩා ඒවා කරනවා! (ස)
පහන් Monday, 10 June 2013 10:26 AM
මිනිහෙක් ඇවිල්ලා කිව්වලු මරුවා සමග වාසේ අම්මා බුදුවේවා කියලා පච්චයක් කොටන්න කියලා.පච්ච කොටන හාදයා බීලා ඉදලා තියෙන්නේ. මිනිහ කෙටුවලු අම්මා සමග වාසේ මරුවා බුදුවේවා කියලා .(පරණ කතාවක් ) (නි)
ජයරුවන් Monday, 17 June 2013 11:31 AM
දෙයියෝ සාක්කි
ගංගානි Monday, 17 June 2013 11:39 AM
තරු නොපෙනී තිබුනොත් තමයි පුදුමේ
වානි Monday, 10 June 2013 10:52 AM
මමත් ඒ කලේ අම්ම වැඩට ගියාම ගෙදර උයනවා. එතකොට මගේ වයස එඋරුදු 10යි. එක දවසක් අම්ම මට දීල ගියා රු.2 න් බඩු ගෙනත් උයන්න කියලා. මම මගේ වයසේම යාලුවෙක් අක්ක කතා කර කර ලිප පත්තු කරන ගමන් පොල්ලෙලි අගුරට රු.2 තියල ලිප පත්තු කරලා. හාල්වලට වතුර ලිපේ තියල කඩේට යන්න සල්ලි හෙව්වා. අම්ම ආවට පස්සේ මන් කීවා සල්ලි නැතිවෙලා කියලා. අම්ම පාන් රාත්තලක් නයට ගෙනත් අපි 8 දෙනාටම කපල දුන්නා අමුවෙන්ම. ඒ එදා එත් අද අපි අපි සතුටින් ඉන්නවා.(නදී)
නිලූ Wednesday, 12 June 2013 10:59 AM
ආකිමිඩිස් **ගුරුත්වජ ත්වරණය** හොයාගත්ත වෙලේ ඇදුම් නෑ කියල ඔහුට අමතක වෙලා හෙළුවෙන් දිව්වා කියල බොලාට අමතක උනාද? (ස)
රෙඩ්සන් Monday, 10 June 2013 08:49 PM
මේකත් ලොකු ප්‍රශ්නයක්ද?(නදී)
කෙලුම් Friday, 14 June 2013 10:41 PM
නිලූ , බොරු කියන්න එපා... (නි)
ලලිත් Tuesday, 11 June 2013 03:11 PM
පොලවේ පය ගහල ඉන්න සාමාන්‍ය කාන්තාවක්. ඕවා සාමාන්‍ය දේවල්.(ස)
ෂෙරිෆ් Monday, 10 June 2013 02:24 AM
පව් තම පියා බලවත්ව රෝගී වූ හෙයින් ඇයට සිහිය විකල් වෙන්න ඇති.(නදී)
රංජනී Tuesday, 11 June 2013 03:19 PM
මේක හිනාවට කාරනයක්ද?(නදී)
රාජෝ Monday, 10 June 2013 11:42 AM
සමහර කට්ටිය ගෙදර කට්ටිය මග හරින්න ඔහොම කරනවා. යාලුවා එක්ක රවුම් ගහන්න. (නි)
Monday, 10 June 2013 11:46 AM
අමතක වීම මටත් තිබුන දවසක් පාසල් යනකොට යට කලිසම පිටින් පාරට බැස්ස පස්සේ මතක් උනේ දුවල ආවා ගෙදරට.(නදී)
sumeda Monday, 10 June 2013 09:42 PM
ලංකාවේ වෙන ප්‍රවෘත්ති ඇත්තෙම නැද්ද? (අ)