වේගවත්ව දියුණුවට ලක්වන දකුණු පළාතේ ගම්මානයක වූ සිවිල් ආරක්‍ෂක කමිටු රැස්වීමකි. එහි විශේෂයක් වූයේ ගමේ දරු දැරියන් අතර ගම පිළිබඳ දැනුම මිනුම තරගයක් ද පැවැත්වීමයි.
දරුවන්ට පිළිතුරු දීමට නොහැකි වූ ප‍්‍රශ්න සභාවට යොමු කිරීමෙන් පසු ඊට පිළිතුරු දෙන අයට ද ත්‍යාග හිමිවිය.
ගම් සබා ක‍්‍රමය පැවති අවදියේ ගමේ නියෝජිතයා වූයේ කවුදැයි අසන ලද ප‍්‍රශ්නයට දරුවන් විවිධ නම් කීවත් ඒවා පිළිගැණුනේ නැත. අවසානයේ එය සභාවට යොමු කෙරිණ.
සභාවේ සිටි වියපත් මවක් ”මැම්බර මහත්තයා”යි කීවාය.
පිළිතුර නිවැරදි වූයෙන් ඇයට ද සභා රැුස්වීම අවසානයේ ත්‍යාගයකට හිමිකම ලැබිණ. අත්පොළසන් හඬ මැද ඉදිරියට ගිය ඇයට ලැබුණේ කවකටු පෙට්ටියකි. අන්දමන්ද වූ ඇය ”මේ හත් ඉලව්වෙන් මට ඇති වැඬේ මොකක්ද”යැයි සංවිධායකවරයාට කී විට ත්‍යාග සඳහා ගෙනැවින් තිබූ සුදු රෙද්දකට කවකටු පෙට්ටිය මරු කළා ලූ.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දැනුම මිනුම තරගයෙන් දිනූ වියපත් මවකට කවකටු පෙට්ටියක් තෑගි දීලා
ගාමිණී-සිරි Friday, 10 May 2013 03:03 PM
ජයා, මට කියන්න තියෙන්නේ ඔබටත් තියෙන්නේ කවකටු පෙට්ටි අම්මගේ මොලයම තමා. මේක අවුරුදු උත්සවයක්ද? දරු ,දැරියන්ගේ දෙනුම මිනුම තරඟයක්ද? අවුරුදු උත්සවයක නම් ස්ත්‍රී,පුරුෂ,වයස් අනුව තෑගි වෙන් කරනවා. මේයාට සුදු රෙද්දට වඩා වටින්නේ නව ගුණ වැලක්.(නදී)
ගාමිණී-සිරි Friday, 10 May 2013 09:38 AM
තරඟය සංවිධානය කරලා තියෙන්නේ දරු දැරියන් උදෙසා.දරුවන්ට උචිත ත්‍යාග තමයි සුදානම් කරලා තියෙන්නේ. දෙයියනේ, තෑග්ගකට අල්පෙනිත්තක් දුන්නත් බාරගන්න මොලයක් නැති අම්මලානේ අපේ රටේ ඉන්නේ. (නි)
දිසානායක Monday, 13 May 2013 01:16 AM
මැම්බර් මහත්තයාගේ ගෙම්බර් තවම මතක අත්තම්මට නේද? (නදී)
ඡායා Friday, 10 May 2013 10:31 AM
ගාමිණී කියන්නේ ඔයාගේ අම්මටත් මොලයක් නැහැ කියලද? වියපත් අම්මට කවකටු පෙට්ටියෙන් වැඩක් නැහැනේ. අම්මා ඒක කාට හරි දෙයි.(නදී)
වරුණ Friday, 10 May 2013 10:54 AM
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඥාති දරුවෙකුට හරි ඕක තෑගි දෙන්න තිබ්බ නේද?(නදී)
ෂෙරිෆ් Saturday, 11 May 2013 09:49 PM
පළමුදේ ඉවසීමයි, දෙවෙනිදේ කරුණාවයි, තමන් සතුදේ දීමයි, ලැබෙනදේ සැනසීමයි.(නදී)
ලලිත් Monday, 13 May 2013 08:08 AM
ආච්චිට ඒක දීලා තියෙන්නේ සංවිධායකයන්ගේ දැනුම මැනලා බලන්න නේද? (නි)
සමීර - සල්මියා Friday, 10 May 2013 03:50 PM
වියපත් අම්මට තිබුනේ කවකටු පෙට්ටියේ තියන අඩි රූල් බාගෙ පෙන්නලා ඒකෙන් ගෙදර ඉඩ කඩම් සහ කුබුරු ටික මැනල දෙන්න කියන ඉල්ලීම කරන්න (ත)
හේරත් Friday, 10 May 2013 11:53 AM
මෙම්බෙර් මහත්තයා ගෙම්බර් නොදා නම්බර් එකට ප්‍රොබ්ලම් එක ෂේප් කළා. ස්තූතියි (නි)
ජයතිස්ස Monday, 13 May 2013 08:52 AM
මේ අම්මට උචිත තෑග්ගක් දුන්නා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)
චානක Friday, 10 May 2013 12:30 PM
වරුනගේ කතාව හරි. බොරුවට කෑගහන්න ඕන නැහැනේ. (ස)
ප්‍රදීපා Friday, 10 May 2013 01:13 PM
දරුවන් සඳහා සූදානම් කල තෑගිනේ තියෙන්න ඇත්තේ. ඒ අත්තම්මා ඒක අරගෙන සුදුසු දරුවෙකුට දුන්නනම් ඉවරයිනේ. (ස)
සරසි Sunday, 12 May 2013 09:49 AM
ආච්චට දීපු තෑග්ග කවකටු වෙනුවට මිනී කියලා තිබුනා නම් දෙයියෝ සාක්කි වලට දාන්න තිබුනා.(නදී)
සරත් Sunday, 12 May 2013 10:21 AM
ආච්චිට හොදට තවමත් මෙම්බර් මහත්තයා මතක තියෙන්නේ. ඒ කාලේ හොඳයි නේද? (නදී)
අසාද් Friday, 10 May 2013 01:54 PM
පිස්සු.
අමර Sunday, 12 May 2013 11:30 AM
ආච්චිට දෙන්න හරි තෑග්ගක් නැත්නම් මොන පිස්සුවටද ආච්චිව අමාරුවට දාන්නේ. අනේ මේ සංවිධායක වරුන්ටත් පොඩ්ඩක් හිතල ආච්චිට ඇරයුම් කරන්න තිබුනා. කීයක් හරි පොඩි ගානක් මුදල් ත්‍යාග කරා නම් ඉවරයි නේද?(නදී)
චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 13 May 2013 12:10 PM
සරසි ගේ ප්‍රතිචාරය වයසක අයෙකුට කරන හිත් රිදීමක් විය හැකි නේද? (නි)