IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දන්තාලේප යැයි සිතාගෙන බාම්වලින් දත් මැදලා

ජීවිතයේ පළමු වරට බුරුසුවකින් දත් මැදීමේදී දන්තාලේප වෙනුවට බාම් වර්ගයක් භාවිත කළ පුද්ගලයකු පිළිබඳව දන්කොටුව ඇටියාවල,  ඕතර ප‍්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
සම්පූර්ණ සිදුවීම මෙසේය.
මෙම පුද්ගලයා පුරුද්දක් වශයෙන් දත් මැදීම කරන්නේ අඟුරු හෝ පේර කෝටුවකිනි. ඔහුට උසස් අධ්‍යාපනය ලබා උසස් රැකියාවක නිරත දියණියක් ද සිටී. දිනක් ඇය පියාට පවසා ඇත්තේ තාත්තේ දැන් අඟුරුවලින්, පේරකෝටුවලින් දත් මදින කාලයක් නොවෙයි. තාත්තත් අපි වගේ බුරුසුවකින් දත් මදින්න පුරුදු වෙන්න. ඔන්න මම තාත්තාට බුරුසුවක් ගෙනාවා යනුවෙනි. දියණියගේ කීමට අනුව පසු දින බුරුසුවකින් දත් මැදීමට පටන්ගෙන සුළු වේලාවකින් මෙම පුද්ගලයා බෙරිහන්දී කෑ ගසා දුවේ ඉක්මනට වතුර එකක් අරන් වරෙන්. මට නම් බෑ බුරුසුවලින් දත් මදින්න. උඹලා දත් මදිද්දිත් මේ වගේ දනවද යනුවෙන් පවසා ඇත.
නෑ තාත්තේ අපේ නම් එහෙම වෙන්නේ නෑ. තාත්තා දත් මැද්දේ මොනවාගෙන්ද? ඔය කුස්සියේ මේසය උඩ තිබෙන ටියුබ් එකෙන් යැයි පවසා ඇත. දියණිය ගොස් පරීක්ෂා කර බැලීමේදී වැටහි ඇත්තේ අකුරු ශාස්ත‍්‍රය පිළිබඳව අවබෝධයක් නැති තම පියා පෙර දින තම මවගේ කකුලේ අමාරුවට ගාන්න ගෙනා බාම් එකෙන් දත් මැද ඇති බවයි.



අදහස් (0)

දන්තාලේප යැයි සිතාගෙන බාම්වලින් දත් මැදලා

සරත් Tuesday, 05 February 2013 09:16 AM

ඉතාම හොඳයි . කවදාවත් දත් උලුක්කු වෙන්නේ නෑ (දී )

:       0       0

නෙතු Wednesday, 06 February 2013 11:32 AM

කටේ තිබ්බ අමාරුකම් ඔක්කෝම සනීප‍ වේවි බාම් නිසා (ස)

:       0       0

චාමිනී Tuesday, 05 February 2013 04:27 PM

අයියෝ ඕවා සුළු අත්වැරදීම්නේ (ස)

:       0       0

සමන් ටී මනම්පේරි Saturday, 09 February 2013 08:33 PM

අනේ පවු..!(නු)

:       0       0

දනුෂ්ත Wednesday, 06 February 2013 11:58 AM

ඔය වගේ දේවල් ගෙවල් වල සිදුවන සාමාන්‍ය දේවල්.(නදී)

:       0       0

තිසල් Friday, 08 February 2013 05:47 AM

මේ ලිපියේ හැටියට ඒ පැත්තේ අයට පුළුවන් මේ කවිද කියලා හදුනාගන්න. තාත්තගේ නූගත් කමට අපහාසකරලා.(නදී)

:       0       0

ලලිත් Monday, 04 February 2013 10:08 AM

ජීවිතේට දතක් හැලෙන එකක් වත් නැහැ (දී)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 04:11 PM

ඔය වාගේ දේවල් ඕනතරම් සිද්ද වෙන්නේ. ඕක පත්තරේ දාන්න තරම් දෙයක් නෙමෙයි.(නදී)

:       0       0

ෂෙරීෆ් Wednesday, 06 February 2013 12:54 AM

දුවට කරන්න තිබුණේ දත් බුරුසුවක් සමග දන්තාලේපයක් ගෙනත් දෙන්න. (නි)

:       0       0

සෙනෙරත් Tuesday, 05 February 2013 11:04 AM

මටත් ලඟදි ඔය වගේ වැඩක් වෙන්න ගියා. හොඳ වෙලාවට මම බුරුසුව දිහා බැලුව නිසා දත් මදින්න කලින් දැක්කා (ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 05 February 2013 11:06 AM

මෙහෙම වැරදීම් වෙන්න පුලුවන්. මගෙ යාලුවෙක් ඉන්නව ගොඩාක් වෙලා දත් මදින කෙනෙක්. දවසක් මිනිහ දත් මැද මද ඉන්නකොට මම පොඩි උදව්වක් ඉල්ලුව. මිනිහ බුරුසුව ජනෙල් පඩිය උඩින් තියල ආව මට උදව් කරන්න. ටිකකින් ආපහු බුරුසුව අරන් මදින්න පටන් ගත්ත. හිටපු ගමන් මෙක කෑගහල බුරුසුව විසි කරල කට හෝදන්න දිව්ව. බලනකොට මිනිහ බුරුසුව තිව්ව වෙලේ හූනෙක් ජරා කරල එකට. මූ බලන්නෙ නැතිව අපහු මදින කොට අමුතු රසක් එද්දි තමයි බලල තියෙන්නෙ. (ස)

:       0       0

අභේ Friday, 08 February 2013 08:17 AM

මෙතන හිනාවෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඉසුරු Monday, 04 February 2013 10:36 AM

දත් වල තියෙන ඔක්කොම ලෙඩ හොද වෙයි (දී)

:       0       0

ඉසුරන්දි Monday, 04 February 2013 10:38 AM

දත් තවත් හයිය වෙයි (දී)

:       0       0

ස්ටැන්ලි Tuesday, 05 February 2013 12:20 PM

මේක ප්‍රශ්නයක් කර ගන්න එපා . එක්කෝ දත් නොමැද ඉන්න , නැත්නම් දත් සෙට් එකම ගලවලා දාන්න (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 06 February 2013 07:34 PM

පසු දින කිවුවට උදේද රෑද මැදලා තියෙන්නෙ කියලා පැහැදිලි නැහැ. (නි)

:       0       0

සදරුවන් Tuesday, 05 February 2013 12:06 AM

සුදෝ සුදු දන්තාලේපයක්(නදී)

:       0       0

චින්තක Monday, 04 February 2013 11:56 AM

මදින කොට තේරෙන්නේ නැද්ද (දී)

:       0       0

දම්මි Tuesday, 05 February 2013 08:08 PM

පිස්සු වගෙයි.(නදී)

:       0       0

සේනක Monday, 04 February 2013 01:14 AM

අගුරු,පේර කෝටු අපේ දත් මදින පාරමිපරික ක්‍රම. මමත් උසස් පෙළ කරන කාලේ වැරදීමකින් නිවියා ක්‍රීම් වලින් දත් මැදලා තියෙනවා. වැරදීම් සිදුවන්නේ නූගත් අයට විතරද?.(නදී)

:       0       0

අසෝක Monday, 04 February 2013 01:28 PM

අසරණ මිනිස්සුන්ට හිනාවෙන්න එපා (දී)

:       0       0

හිල්මි Monday, 04 February 2013 03:34 AM

මෙයාලවනම් කවදාවත් හදන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site