IMG-LOGO

දෙදාහක් වියදම් කරගෙන ඇවිත් තෑග්ගට පැන්සලක් ගෙදර ගෙනිහින්

හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
ලෝක ළමා දිනය වෙනුවෙන් මූල්‍ය ආයතනයක් සංවිධානය කළ සැමරුම් උත්සවයකට රුපියල් දෙදහසක පමණ  මුදලක් වැය කර කුලී රථයකින් පැමිණි ළමයකුට පැන්සලක් සහ මකනයක් තෑගි ලෙස ලැබුණු අපූරු පුවතක් දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් වාර්තා වේ. 


ලෝක ළමා දිනය මහත් ඉහළින් සමරන්නට මෙම මූල්‍ය ආයතනය වැඩසටහනක් සංවිධානය කර තිබුණි. 


ජාත්‍යන්තර ළමා දිනයේදී ළමා ගිණුම්වල මුදල් තැන්පත් කරන දරුවන්ට තෑගි ලබාදීමට සංවිධායකයෝ කටයුතු සංවිධානය කළහ.
 ළමා දින සැමරුම් උත්සවය සඳහා පැමිණෙන ලෙසත් එදිනට මුදල් තැන්පත් ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමක් සිදුකරන බවත් ළමා ගිණුම් හිමියන්ට අායතනය විසින් දන්වා තිබිණි.


  උත්සවයේදී ළමයින් සඳහා නොයෙක් ක්‍රීඩා ඉසව් සංවිධානයකර තිබූ අතර, තරග ජය ගන්නා දරුවන්ට තෑගි පිරිනැමීමක්ද සිදු විය. 
ලැබුණු ආරාධනාවට සහ දරුවන්ගේ දැඩි ඉල්ලීම නිසා කිලෝමීටර් විස්සක් පමණ දුරක් ගෙවා දමමින් දරුවන් සමග යුවළක් උත්සවයට පැමිණියහ. උත්සවය සහභාගී වූ දරුවන්ගෙන් එක් අයෙකුට ත්‍යාගයක් ලැබුණු අතර අනෙක් දරුවන් දෙදෙනාට අතරමගදී සෙල්ලම් බඩු මිලදී ගැනීමට ද මව්පිය දෙදෙනාට සිදුවිය. 


 නිවෙසට පැමිණි පසු මූල්‍ය ආයතනයෙන් ලැබුණු තෑගි පාර්සලය විවෘත කර බැලීමේ දී මව්පිය දෙදෙනා තුෂ්නිම්භුත වූහ. පාර්සලය තුළ තිබුණේ පැන්සලක් සහ මකනයක් පමණි. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් සියයකටත් පහළ අගයකි. බැංකුවට ඇමතුමක් ගත් දරුවන්ගේ පියා නිලධාරින්ට ලු‍ණු ඇඹුල් ඇතිව සිය ප්‍රශංසාව පළකළ අතර සිද්ධිය හිතමිතුරන්ට පැවැසීමට ද අමතක නොකළේය.

 



අදහස් (1)

දෙදාහක් වියදම් කරගෙන ඇවිත් තෑග්ගට පැන්සලක් ගෙදර ගෙනිහින්

විරවිජේ Thursday, 08 December 2022 11:08 AM

මහ බැංකුව නේද.. දේසපාලුවන්ගෙ ණය, රෙදි හෝදලා ඇරියස් මකන්න ඕම කරනවා..

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site