IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දත් දෙකක් කඩන බවට බ්රිඳට තර්ජනය කළ සැමියා දත් හතරක් කඩාගෙන

මතට ලොල්වූ පුද්ගලයෙකු පසුගියදා ප්‍රාදේශීය දේශපාලනඥයකු සමග තම නායකයා හමුවීමට යාමට සූදානම් වන විට සිය බිරිඳ එයට දැඩි විරෝධය පෑ විට දබර වී බිරිඳගේ දත් දෙකක් කඩන බව පවසා    නි​ෙවසින් පිටව ගොස් තමාගේ දත් හතරක් අහිමි කරගෙන ආපසු       නි​ෙවසට පැමිණීමේ සිද්ධියක් දකුණේ රතුපාටට හුරු ගමකින් වාර්තා වේ.
 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ හිතවතකු වූ අතර ඔහු කියන ඕනෑම දෙයක් එක පයින් ඉටු කිරීමට දෙවරක් නොසිතුවේය. එයට හේතුව වැඩේ හමාර වූ වහාම මත්වතුර හා සන්තෝසම් ලැබෙන බැවිනි. කෙසේ වුවද මෙම දේශපාලනඥයා නිසා මොහු මීට පෙර අමාරුවේ වැටුණු අවස්ථා බොහෝය.


කෙසේ වුවද මෙම දේශපාලනඥයා ඔහුට අගනුවර පැවැත්වෙන රැස්වීමකට යාමට කතා කළේ දහසින් බැඳි පියලි දෙන බව පවසමිනි. උද්දාමයට පත් ඔහු නි​ෙවසට පැමිණියේ සූදානම් වී ඉක්මනින් බස් රථය බලා පිටත්ව යාමටය.


සැමියා ගැන මෙන්ම දේශපාලනඥයා ගැන හොඳින් දන්නා බිරිඳ එයට තදින්ම විරුද්ධ වූ බැවින් එය මහා කලබැගෑනියක් බවට පත් වූ අතර අසල්වැසියන් පැමිණ සිද්ධිය සමථයකට පත් කළද ඔහු යක්ෂාවේෂ වූවෙකු මෙන් නි​ෙවසින් පිට වූයේ පැමිණි වහාම බිරිඳගේ දත් දෙකක් බඩට යවන බව පවසමිනි.


කෙසේ වුවද එහිදී සිදු වූ අවාසනාවන්ත තත්වය හමුවේ ගාලු‍ මුවදොරට ගිය මෙම පුද්ගලයාට සිදුවූයේ තමාගේ දත් හතරක් අහිමිකරගෙන බේරේ වැවෙන් සිසිල් වතුර නා බඩ පුරා දියවන්නා ජලය පානය කර දින දෙකකට පසු නි​ෙවසට පැමිණීමටය.


ඔහු නොපැමිණීම ගැන මහත් බියෙන් පසුවූ බිරිඳ ඔහු       නි​ෙවසට පැමිණි පසු ඉතා කාරුණිකව රහසේම නි​ෙවස තුළට ගෙන ගොඩ වෙදකම් කර තරමක් සුව වන විට දැක ගන්නට ලැබුණේ ඔහුගේ දත් හතරක්ම අහිමි වී ඇති බවය. පසුව ඒ බව තම සහෝදරයාට පවසා තිබුණේ මේ බව කිසිවකුට නොපවසන ලෙසද ඉල්ලමිනි.


කෙසේ වුවද පසුව අසල්වැසියන් සිද්ධිය පිළිබඳ දැනගෙන 50%ක් වැඩිපුරත් ලැබිලා යැයි පවසා රස විඳින්නේ මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපය ගැන දන්නා නිසාලු‍. මෙය රහසක් වුවද මොහු මේ දක්වා නිවසින් බැහැරව ගොස් නොමැති අතර දේශපාලනඥයා මේ දක්වාම මොහු බැලීමට පැමිණ නැත.

රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන

 



අදහස් (0)

දත් දෙකක් කඩන බවට බ්රිඳට තර්ජනය කළ සැමියා දත් හතරක් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17943 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site