IMG-LOGO

තේ කම්හලේ ඇදගෙන වැටිලා අවුරුදු ගානක හොරයක් එළිවෙලා

(පොල්ගස්ඕවිට එස්.  වික්‍රමආරච්චි) 
කාලයක් තිස්සේ තමා තේ කම්හලට ගෙනගිය අමු තේ දලු ගෝනියේ කිලෝග්‍රෑම් දෙක හමාරක කුළු ගෙඩියක් සඟවාගෙන ගොස් මහා වංචාවක් සිදුකළ පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ තේ කර්මාන්තයයි.  කුඩා තේ ඉඩම් හිමියන්ගේ අමු දලු වාහන මගින් තේ කම්හල් කරා ගෙනයාම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර ඒ සඳහා ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමට තේ ඉඩම් හිමියාට සිදුවෙයි. 


තේ කම්හල ආසන්නයේ සිටින තේ ඉඩම් හිමි අයට තම අමු තේ දලු අස්වැන්න ගෝනිවල බහා හිස මතින් තේ කම්හල ගෙන ගොස් බාරදිය හැක. මේ නිසා ප්‍රවාහනයට වැයවන මුදලද ඉතුරු වේ.  එසේ ගෙනයන දලු ගෝනිය කම්හල් නිලධාරියකු විසින් බර කිරා පොත්වල සටහන් කළ පසු දලු හිමියා හිස මතින්ම කම්හලට ගෙනගොස් නියමිත ටැංකි තුළට දලු බැහැර කර හිස් ගෝනිය රැගෙන යා යුතුය. 


මේ අවසරයෙන් වාසියක් ගැනීමට සිතූ මෙම පුද්ගලයා ඒ සඳහා උපක්‍රමයක් යොදා ගත්තේය. මේ සඳහා ප්‍රමාණයෙන් කුඩා නමුත් බරෙන් වැඩි මිට රහිත කුළු ගෙඩියක් සුදුසු යැයි ඔහුගේ කපටි මොළයට කල්පනා විය. 


ඒ අනුව ගෝනියට අමු තේ දලු දමා කුළු ගෙඩියද දලු අතර සූක්ෂම ලෙස  සඟවා කම්හලට ගෙනගොස් පරිස්සමෙන් තරාදිය මත තබන ඔහු නිලධාරියා බර කිරූ පසු කම්හල තුළට ගෙන ගොස් කුළුගෙඩිය ටැංකිය තුළට නොවැටෙන සේ අල්ලාගෙන දලුටික හිස්කර කුළුගෙඩිය ගෝනියේ ඔතාගෙන නිවෙසට යයි.


දිගු කලක් මේ වංචාව මෙසේ කරගෙන යද්දී දිනක් දලු ටික ටැංකියට හලා ආපසු එද්දී පය පැකිලී කම්හල තුළ සිමෙන්ති පොළොව මත මේ පුද්ගලයා ඇදවැටිණි. ඒ සමගම පොළොව මත කුළුගෙඩිය ගැටීමෙන් නැගුණු අමුතු හඬ නිසා නිලධාරීන්ගේ  අවධානය ඒ දෙසට යොමුවීමත් සමඟ කාලයක් තිස්සේ  දිනකට කිලෝ දෙකහමාර බැගින් සිදුකළ දලු වංචාවක් අතටම මාට්ටු වුණා ලු.

 



අදහස් (1)

තේ කම්හලේ ඇදගෙන වැටිලා අවුරුදු ගානක හොරයක් එළිවෙලා

sampath Friday, 29 January 2021 06:54 AM

මේක තමයි ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site