(සිටිනාමළුව අනීෂා මානගේ)
මාළු මුදලාලි කෙනෙකු තහනම් ගහේ ගෙඩි කන්නට කාමරයකට ගොස් රුපියල් ලක්ෂ ගාණක රන්මාලයයි සුරයයි ඇඳ විට්ටමේ අමතකවී යාමේ සිද්ධියක් දකුණේ ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
දකුණේ මාළුවලට ප්‍රසිද්ධ ප්‍රදේශයකි. ඔහුද මාළු වෙළෙන්දෙකි. හොර රහසින් කාන්තාවකද කැටුව හෝටල් කාමරයකට රිංගුවේය. ඔහු පැළඳ සිටි ලක්ෂ තුනහමාරක රන් මාලය සහ සුරය ගලවා ඇඳ විට්ටමට දැමුවේය. නැවත නිවෙසට ගිය ඔහුට තම රන්මාලය මතකයට නැගුණේ පැය ගණනාවකට පසුවය.
ඔහු වහාම දිව ගියේ රන්මාලය සොයාගෙන ඒ කාන්තාව සමග තමා ගිය හෝටල් කාමරයටය. රන්මාලය ගැන ඇසූ විට හෝටල් සේවකයන් කියා ඇත්තේ හාංකවිසියක් දන්නේ නැති බවය. හෝටල් සේවකයන් සමග බහින් බස් වුණත් රන් මාලය ගැන ආරංචියක් නොවීය. මාළු මුදලාලිට දෙලෝ රත්විය. ලක්ෂ ගණනක් වතුරේය.
ඔහුට මේ ගැන පොලිසියට පැමිණිලි කරන්නට බැරිය. සිද්ධිය බිරියගේ කනට ගියොත් ඉඳලා හමාරය. අවසානයේදී තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් ලක්ෂ ගණනක පාඩුවක් විඳ දරා ගෙන නිහඬව සිටින්න මාළු මුදලාලිට සිදුවිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් ලක්ෂ ගානක් පාඩුකරගෙන