IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


තෝසේ හොරා කැමරාවෙන් මාට්ටුවෙලා

මිතුරෙක් තෝසේ කඩයකට ගොඩවූයේ කලකින් මුණගැසුණු මිතුරකුද සමගය. ”අපට තෝසේ ගේන්න” පළමු මිතුරා වේටර්ට පැවැසීය. තෝසේ වඬේ ආදිය මේසයට සැපයිනි. දෙදෙනාම තෝසය සහ වඩය බැගින් පිඟන්වලට දමා ගත්හ. ඒවාට සම්බෝලද සාම්බාරුද (හොදි) ලැබිණි.

දෙවැන්නා අනෙකා අමතා, ”අපි ස්කෝලේ යන කාලවල කන්නෙම තෝසෙ කඩෙන්. කාලා බීලා ගෙවන්නැතිවම මාරු වෙනවා. ස්කෝලෙන් අයින් වුණාට පස්සේ තෝසෙ කඬේකට ආවාමයි. සිනහසෙමින් කීය. අසල සිටි අයෙක් තෝසේ කෑමෙන් පසු පිටව ගියෙන් එතැන තිබූ පිඟානෙන් වඩයක් සොරාගත් දෙවැනි මිතුරා එය තම පිඟානට දමා ගත්තේය. ”හොර වැඩ කරන් නැතිව උඹට  ඕනේ නම් වඩයක් අරන් කාපන්” පළමු මිතුරා පැවැසීය.  ඕවා අහුවෙන්නේ නැහැ මචන්. ඒ කාලේ අපි කොච්චර හොරෙන් කනවද?” දෙවැන්නා තෙපළේය.

අනුභවයෙන් පසු, ”බිල ගේන්න” යැයි පළමු මිතුරා පැවසූවිට වේටර් තැන, ”සර්ලා මොනාද කෑවේ” යනුවෙන් විමසීය. ”තෝසේ දෙකයි, වඬේ දෙකයි” දෙවැනි මිතුරාගේ පිළිතුරු විය. බිල රැුගෙන පැමිණි වේටර් තැන රුපියල් දෙසීයක බිලක් ඔවුනට ලබාදුනි. බිල බැලූ දෙවැන්නා තෝසේ එකක් කීයදැයි විමසීය. තෝසේ එකක් හතළිහයි. වඩයකුත් හතළිහයි. වේටර් පැවැසීය. ”එතකොට රුපියල් එකසිය හැටයිනේ” දෙවැනි මිතුරා ප‍්‍රශ්න කළේය. ”සර් එහා පිඟානෙන් වඩයක් ගත්තා කියලා කැෂියර් කීවා” කඬේ සී.සී.ටී.වී. හයි කරලානේ. වේටර් පැවැසීය. රුපියල් දෙසීයට අමතරව වේටර්ට රුපියල් විස්සක්ද දුන් පළමු මිතුරා දෙවැන්නා සමග එළියට පැමිණ, ”උඹලා වගේ අය හින්දා තමයි තෝසේ කඩවලත් සී.සී.ටී.වී. තියෙන්නේ” යැයි කීය. කොළඹින් වාර්තා විය.


 



අදහස් (0)

තෝසේ හොරා කැමරාවෙන් මාට්ටුවෙලා

පද්මේ Monday, 23 June 2014 03:50 PM

සුන්දර පාසල් කාලය සිහිවුනා.මේ දෙන්නා හොඳයි.අපි කරපු ඒවා දැම්මනං දෙයියෝ සාක්කිම තමයි. අපි ඒකාලේ ඉස්කෝලෙන් දීපු දිවා ආහාර කාඩුත් තව එකෙක්ට විකුණුව. දැන්නම් වේටර්ලා වැරදිලා අඩුවෙන් ගත්තත් ආයිත් දීල එනවා. (දී)

:       0       0

සිරියාවතී Wednesday, 25 June 2014 07:41 PM

මේක නිකන් හදපු කතාවක්. අපේ ඥාණවන්ත උදවිය වල්ගේ පාගාගෙන දඟලනවා (නදී)

:       0       0

තුෂාන් Monday, 23 June 2014 03:56 PM

තොසේ මසල වඩේ, අපිත් ඔහොමයි ඉස්සර (දී)

:       0       0

ටානියා Monday, 23 June 2014 03:56 PM

තාක්ෂනය දියුණු වෙලා (දී)

:       0       0

සුරංග Tuesday, 24 June 2014 05:40 PM

පැතුම් වගේ අය කට වහගෙන ඉන්නකල් අනිත් අය ඔවුන්ව මහා පඬිවරයන් සේ සලකනවා.... කට ඇරපු ගමන් ලෝකයාටම පේනවා එකා පුස් බෙරගෙඩියක් විතරයි කියල (අ)

:       0       0

මහින්ද Monday, 23 June 2014 10:26 PM

පැතුම් තවමත් ඇස් ඇරුණේ නැති බළල් පැටියෙක් වගෙයිනෙ (නි)

:       0       0

ගීතිකා Monday, 23 June 2014 09:46 AM

ඇත්තටම ලැජ්ජයි (නදී)

:       0       0

රොෂාන් Monday, 23 June 2014 10:49 PM

මිනිසුන් අද වඩය පවා හොරෙන් කන තත්ත්වයට පත්වෙලා (නි)

:       0       0

ඉන්දික Tuesday, 24 June 2014 11:36 AM

රොෂාන්ට නම් එ්කත් ආණ්ඩු විරෝධයක්. මේකේ පැහැදිලිවම කියල තියෙනවා පාසල් ජීවිතය මතක් උණ බව. (නදී)

:       0       0

ඉශාක් Monday, 23 June 2014 04:22 PM

පාසල් කාලේ මතක් වෙන්නැති. (දී)

:       0       0

පැතුම් Monday, 23 June 2014 11:01 AM

ෂුවර් එකටම බෙන්තර ගඟෙන් එහා පැත්තේ දෙන්නෙක් වෙන්න ඇති (නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 24 June 2014 08:27 PM

පුහුල් හොරා කරෙන් දැනේ .වඩේ හොරා සි.සි.ට්‌ .වි යෙන් දැනේ . (අ)

:       0       0

ප්‍රනීත් Monday, 23 June 2014 05:22 PM

හැමදාම තෝස කඩේට යනවනම් , වේටර් කාපු ගානට වඩා අඩුවෙන්මයි බිල ගේන්නේ. අත්දැකීමෙන් කියන්නේ. වේටර්ට රුපියල් 20ක් දෙනවනම්. වේටර් ටව රුපියල් 30ක් විතර අඩුවෙන් බිල දාල දෙන්නේ.(දී)

:       0       0

ලලිත් - එස්.එල් Tuesday, 24 June 2014 01:10 PM

හොරෙන් කෑවත් බිල ගෙව්වනේ කමක් නැහැ. (නදී)

:       0       0

ශාන්ති Tuesday, 24 June 2014 01:31 AM

කමක් නැහැ අනේ, එක වඩයක්නේ (නි)

:       0       0

පහන්දී Monday, 23 June 2014 06:05 PM

පැතුම්, මොකද ඔච්චරම බෙන්තර ග‍ඟෙන් එහා අය එක්ක වෛරයක්? (නි)

:       0       0

පහන්දී Monday, 23 June 2014 06:07 PM

ඇත්තටම ලැජ්ජයි , විශේෂයෙන් පිරිමිකමටත් එක්ක (නි)

:       0       0

බිමල් Monday, 23 June 2014 06:09 PM

අයියෝ! ලැජ්ජාවෙ බැහැ (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 24 June 2014 02:34 AM

පැතුම්, ඔයා මෝඩ වුණ පළියට එය ප්‍රදර්ශනය කරන්න එපා. තවත් ප්‍රමාද නැහැ උත්සාහ කර බලන්න මෝඩකමින් මිදෙන්න. (නි)

:       0       0

රුවන් Monday, 23 June 2014 12:32 PM

මටත් සුන්දර පාසැල් කාලය මතක් උනා. (නදී)

:       0       0

පිටිගල Tuesday, 24 June 2014 10:35 PM

ඒ දවස්වල ඉස්කෝලේ යන ළමයි අපේ වයස් ගත තාත්තගේ කඩේ කෑම ඔක්කොම හොරෙන් කනවා.මාසයක් යනකොට සල්ලිත් නැහැ බඩුත් නැහැ. ඉතින් අපි ආයෙත් සල්ලි දෙනවා බඩු ගෙන්න, තාත්තගෙන් ඇහුවම කියන්නේ පොඩි එවුන් ආවම කාල මල්ලෙත් දාගෙන යනවා.එකකට සල්ලි දෙනවා. කොහොමද කටක් ඇරලා මොකුත් කියන්නේ කියලා.පොඩි එවුන් ඔහොම තමයි" කියලා. ඉස්කෝලේ යන කාලේ ළමයි එහෙම උනාට . ලොකු මිනිස්සු නම් කරන්නේ හොර කම. (ස)

:       0       0

කෝලිත Monday, 23 June 2014 01:15 PM

මේක වෙන්න බැරි කතාවක්. මොකද තෝසේ කඩවල එහෙම වඩේ මේසේ උඩ දාලා තියන්නේ නැහැ. අල්මාරිය ඇරලා ගේන්නේ (නදී)

:       0       0

බිහාර Monday, 23 June 2014 06:50 PM

අනේ පවු! එක වඩේ එකක්නේ අරගෙන තියෙන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 01:49 PM

පුදුමයි ගුටි නොකා ඔයින් බේරුනා. (නදී)

:       0       0

දර්ශී Monday, 23 June 2014 02:28 PM

කෝලිත නම් කවදාවත් තෝසේ කඩේකට ගිහින් නැහැ වගේ. පිගානට දාලා වැඩේ ගෙනත් මේසේ උඩින් තියනවා. ගිහිල්ල බලන්න. (නදී)

:       0       0

ලංකා තිලක් Tuesday, 24 June 2014 07:51 AM

පහින්දී නිවාඩුවකට ලංකාවට ආවම ලංකා තිලකව අදුන ගන්න කැමතිනම් කියන්න තොසේ කඩේකට ගිහින් තොසේ එකක් කාල ප්ලේන්ටියක් බිල ටිකක් කතා කරමු.මම පෙරුම් පුරාගෙන හීන දකින්නේ මේ ලජ්ජා බයට හැදුනු බවලතියෝ ටික අදුන ගන්න.දත් කුට්ටම ගියත් කමක් නැහැ. (දී)

:       0       0

චින්තක Monday, 23 June 2014 02:59 PM

ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි (නදී)

:       0       0

ශානක Wednesday, 25 June 2014 03:56 AM

ඒ ක‍ාලේ තෝසේ හොරෙන් කෑ හැටි රුවන්ටත් මතක් වෙලා වගෙයි (නි)

:       0       0

නිමල් Monday, 23 June 2014 08:47 PM

ඉඳල හිටලා ඔහොම දෙයක් නොකලත් හරි නැහැ වගේ නේද. දැන් මේ තාක්ෂණයක් එක්ක මොනවත් කරන්න බැහැ. (අ)

:       0       0

සමන්ති Monday, 23 June 2014 08:50 PM

අපිත් ඉස්කෝලේ යන කාලේ ගෙනත් තියන කැම වර්ගවලින් එක්වර්ගයක් පිගානේ ඉවරවෙන්නම කනවා .වේටර් බිල දාන්නේ තියෙන වර්ගවල අඩු ඊවාට පමණයි. (අ)

:       0       0

අරුණ Wednesday, 25 June 2014 02:20 PM

හරිම සුන්දර අත්දැකීමක් තමයි තෝස කෑම. රස්නෙන් කෙහෙල් කොලේට දාන සම්බාරුවට, දිය සම්බෝලේට ශත 15 ට තෝසේ කෑවා හොඳට මතකයි. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 23 June 2014 09:07 PM

චින්තකගේ කතාව හරි. (අ)

:       0       0

ගයාන් Wednesday, 25 June 2014 06:51 AM

මොකක්ද මේ බෙන්තර ගඟෙන් එහා කතාව? සමහරවිට කඩේ අයිතිකාරයා නම් බෙන්තර ගඟෙන් එහා වෙන්න පුළුවන් (නි)

:       0       0

චම්පික Monday, 23 June 2014 03:39 PM

කෝලිත, ඉස්සෙලම ලිපිය තව පාරක් හොඳින් කියවන්න.(දී)

:       0       0

සෙලනිකස් Monday, 23 June 2014 10:01 PM

කෝලිත, එතකොට මිනිස්සු ගිහිල්ල අල්මාරියෙන් කෑම අරගන්න ඕනේ ද ? ඔහොම කෑම දෙන කඩ කොහෙද තියෙන්නේ? (මුදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1257 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1213 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site