
(මතුගම බන්දු තඹවිට)
වල් ඌරකු යතුරු පැදියේ ගැටී තුවාල වු මිතුරා නොසලකා එම අනතුරින් මිය ගිය වල් ඌරා තම ත්‍රී රෝද රථයේ පටවාගෙන ගිය අපුරු මිතුරෙකු පිළිබඳව අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.
අගලවත්ත ප්‍රදේශයේ අයකු පසුගිය දිනක අලුයම තම යතුරු පැදියෙන් රැකියාව සඳහා අගලවත්තේ සිට මතුගම දෙසට ගමන් කරමින් සිටියදී යටියන ට ආසන්න ප්‍රදේශයේදී එම යතුරු පැදිය මාර්ගය හරහා ගමන් කළ වල් ඌරෙකු ගැටීම නිසා යතුරු පැදිය ඇද වැටී එම යතුරු පැදිකරු තුවාල ලබා ඇත. එසේම එම අනතුරින් වල් ඌරාද එම ස්ථානයේදීම මියගොස් ඇත.
අලුයම් කාලය නිසා මාර්ගයේ ගමන් කරන්නන් අඩු වීම නිසා තුවාල ලැබූ යතුරු පැදිකරු මාර්ගයේ කිසිවෙකු පැමිණෙන තුරු බලාසිට ඇත්තේ උදවු ලබාගෙන තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. ටික වෙලාවකින් ඈතින් පැමිණෙන ත්‍රී රෝද රථයක් දැක එය නතර කිරීමට උත්සාහ කිරීමට පෙරම එම ත්‍රී රෝද රථය නතර කර ඇත.
ත්‍රී රෝද රථයේ පැමිණි අය තමාට උපකාර කිරීමට පැමිණෙන තෙක් බලා සිටියත් එහි පැමිණි අය තුවාල කරු පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා අනතුරින් මියගොස් සිටි වල් ඌරා ළඟට ගොස් එම සිරුර ත්‍රී රෝද රථයට පටවාගෙන පිටත්ව ගොස් ඇත.
සිදුවූ දෙය පිළිබඳව සිතා ගැනීමටත් නොහැකිව සිටි තුවාල කරු මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකින් ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇත. තුවාලවල වේදනාව විඳිමින් එසේ නිවසේ සිටින විට කිසියම් පුද්ගලයෙකු පැමිණ පාර්සලයක් ඔහුට දී අසවල් මිතුරා එම පාර්සලය දුන් බවත් එහි ඇත්තේ වල් ඌරු මස් බවත්, උදැසන ඔහුගේ යතුරු පැදියේ ගැටී මියගිය වල් ඌරාව තමා රැගෙන ගිය බවත්, එම ඌරාගේ මස් වලින් ඔහුගේ කොටස මෙසේ එවූ බවත් පවසා ඇත.
තම මිතුරාට තමාට වඩා වල් ඌරාව ලොකු වීම පිළිබඳව සිහිවී තමා මෙතෙක් කාලයක් මිතුරෙකු ලෙස ආශ්‍රය කර ඇත්තේ වල් ඌරෙකුටත් අන්ත අයෙකු බව නිවැසියන්ට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
744
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුවාල වූ මිතුරා පාරේ දමා මැරුණ වල් ඌරා අරන් ත්‍රිරෝද රියේ ගිහින්