මියගිය සැමියා රෑ හීනෙන් ඇවිත් බයකරනවයි, බියට පත් කාන්තාවකගේ මළ ගිය සැමියා පලවාහැරීමට නිවසේ තොවිලයක් නැටීමට නිවසට පැමිණි කට්ටඩියකු නිවසේ අල්මාරියක තිබු රන්භාණ්ඩ යැයි රැවටී ඉමිටේෂන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලායාමේ පුවතක් බදුල්ල නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.
දෙදරු මවක වන මෙම කාන්තාව වයසට ගියද තොල් නියපොතු පාට කරමින් හිස් කෙස් ඩයි ආලේප කරමින් තවමත් තරුණ පෙනුම රැක ගනිමින් හුදකලාවේ නිවසේ කල් ගෙවමින් සිටින්නීය.
දියණිය සහ පුතණුවන් විවාහ වී වෙනත් පළාත්වල පදිංචිව සිටින අතර මැයගේ සැමියා මීට මාස කීපයකට ඉහත දී මොවුන් සියලු දෙනා තනිකරමින් මෙලොවින් සමුගෙන ගියේය. සැමියා ජීවතුන් අතර සිටිය දී සැමියාගේ අනියම් සබඳතාවක් මැයට හසුවී දෙදෙනා අතර පවුල් ආරවුල් හටගෙන නිරතුරුව ගැටුම් ඇතිවිය.
සැමියා මියගිය පසුව හුදකලාවේ නිවසේ සිටින මැයට රාත්‍රි කාලයේ නින්දේදී සැමියා නිරතුරුව හීනෙන් පෙනෙන්නට වූ අතර සැමියා ඇයව බයකරන සීහින මැයට පෙනෙන්නට වූ හෙයින් ඇය බෙහෙවින්ම බියට පත් ව සිටියාය.
ඉතිපිසෝ ගාථාව කියවමින් ඇය නිදාගත්ත ද සැමියා රාත්‍රි කාලයේ නින්දේ සිටියදී ඇය නිරතුරුව බය කරන්නට විය.
ඇයට දැන් මේ සිදුවීම මහත් හිරිහැරයකි. අසල්වාසීන්ට කීමටත් ලැජ්ජාය. අසල්වාසීන් මෙම යුවළගේ ගැටුම හොඳ හැටි දන්නා හෙයින් ඇය සැමියාගේ හිරිහැර සියල්ල ඉවසාගෙන සිටියාය .
මේ අතරතුරේ ඇයගේ හිතවත් මිතුරියක මාර්ගයෙන් මියගිය සැමියා පලවා හැරීමට තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයකු හඳුනාගත්තේය. ඇය ඔහුට සියලු විස්තරය පවසා සිටි අතර ඔහු මියගිය සැමියා නිවසින් පලවා හැරීමට අවශ්‍ය කරන පූජා භාණ්ඩ ලැයිස්තුවක් දුන්නේය. එම පූජාව පැවැත්වීමට දිනයක් ද වෙන්කර ගත්තේය.
පසුව නියමිත දින තොවිල්කරු ඇයගේ නිවසට පැමිණ අවශ්‍ය පූජාව තොවිලය නටන්නට විය. මේ අතරේ ඔහුට විවේක ගැනීමට ඇය සුවපහසු කමරය බාර දී ඇය නිවසේ සාලයට වී සිටියාය.
අලුයම වනවිට අදාළ පූජාව ඉවරකර කාමරයට පැමිණි කට්ටඩියා ඇයගේ අල්මාරිය තුළ රන්භාණ්ඩ තොගයක් තිබෙන බව දුටුවේය. ඉතා වටිනා බව සිතු මොහු එම මාල වළලු, කරාබු මුදු සියලු දේ සිය බෑගය තුළට දමාගෙන උදෑසනම ඔහු නිවසින් පිටිවී ගියේය .
මෙම කත නිවසේ කාමරයට ගොස් අල්මාරිය බැලීමේ දී අල්මාරිය තුළ තිබු ඉමිටේෂන් භාණ්ඩ සියල්ල මොහු සොරාගෙන ගොස් ඇති බව දැක මැය තනිවම නිවස තුළට වී සිනාසුනේ කොට්ටය තුළ දමා තිබු රන්භාණ්ඩ සියල්ල සුරක්ෂිතව තිබු නිසාවෙනි.
ඇල්ල ප්‍රසාද් රුක්මල්
2025 දෙසැම්බර් මස 04
64
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
352
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තොවිල් නටන්න ඇවිත් ඉමිටේශන් වලට අහුවෙයි