IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තෙල් සල්ලිවලින් සොමි කරලා තෙල් ගහන්න පොලියට ගන්න වෙලා

අලු‍ත්ගම තුසිත කුමාර ද සිල්වා
සංචාරක ව්‍යාපාරවල නියුතු බොහෝ දෙනකු ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් අලුත්ගම නගරයේ එක දිගට දිවා රාත්‍රී   ඉන්ධන තෙල් පෝලිම්වල සතුටින්  විනෝදෙන්   ගතකර  ඉන්ධන ගහන්න ගෙනත් තිබූ මුදල්  මිතුරන් කණ්ඩායමක්, වියදම් කර පසුව නැවත වාහනවලට තෙල් ගහන්න පොලියට මුදල්  ගන්න සිදු වූ පුවතක්  වාර්තාවිය.


දකුණු පළාතේ අයයි.  බස්නාහිර පළාතේ  ආසන්න නගර දෙකේ විදෙස් සංචාරකයන්  සඳහා සේවා සපයන එම ව්‍යාපාරවල නියුතුව  සිටින මිතුරන් මේ  තෙල් පෝලිම්වලදී හමුවීමෙන් පසුව මිතුදම වැඩිකර ගත්තේ  රාත්‍රියේ කාන්සිය පාළුව මකා ගත්තෙත්  පෝලිමේ සිටි අතරතුරය.


දිනක් ඉන් එක් අයකු තවත් මිතුරෙකුට යෝජනා කළේ, මොකද කරන්නේ  මෙහෙම නිකංම නයිට් එකක්  ගහන්න බෑනේ, අපි සෙට් වෙමුද, කොහෙද? වෙන කොහෙද පෝලිමේ තියෙන  අපේ වාහනයක සෙට් වෙමු යෝජනාව සම්මත විය. වෙලාව රාත්‍රී නවයි. 


රුපියල්  විසි දහසක මුදලක් එකතු  විය. පළමු දිනේම  ඒකෙන් මිල වැඩි බෝතල් කිහිපයක් සහ  සහ කටගැස්ම  මිලදී ගෙන  පිරිස  රෑ වෙනකම් සප්පායම් වූහ. ඇතමුන් මේක හොඳ අවස්ථාවක් කරගෙන   දන්න  කියන තැනක පැයක් දෙකක් හෝ නිදාගෙන නැවත  උදේට තෙල් පෝලිමට එන්නතෙල් පෝලිමේ  මිතුරන්ට තම වාහනය බලාගන්න දින දෙක තුනක් මෙයාකාරයෙන් රෑට රෑට කට්ටියම සෙට් වූහ. ඒත් දින හතර පහක් යනකං ඉන්ධන බවුසරයක්  නොපැමිණියේය. 


ඉන්ධන බවුසරය ආවත් අතේ තිබුණු රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වියදම් වෙලාය. එහෙයින් තෙල් ගහන්න  අවශ්‍ය මුදල් විවිධ ක්‍රමවලින් සොයා ගෙන ඇත. 


සාදයට මුදල් වියදම් කළ කෙනා මෙම ගැටලුවට විසඳුමක් ලෙස තමන්ගේ රන් දම්වැල උගස්කර වාහනයට තෙල් ගසා හීනියට අඩියකුත් ගහලා   රන් දම්වැල උකස් කරපු රිසිට් පත මුදල් පසුම්බියේ කාටත් නොපෙනෙන්න සඟවා නිවෙසට ගොස් නිදා ගෙන ඇත.
 ඒ අතරතුර ඔහුගේ  බිරිඳ ඇඳුම් සෝදන්න  රෙදි සෝදන යන්ත්‍රයට දාපු කලිසමේ පර්ස් එකත් එක්කම දාලා  පස්සේ තෙත්වුණු පසුම්බිය අරගෙන  එහි තිබූ දෑ   වේලෙන්න දාද්දි   මේ උගස්කරපු රන්දම්  වැලේ රිසිට් පත  බිරියට මාට්ටු  වී ජංජාලයක් ඇතිවිය. 


තෙල් පෝලිමේ ඉන්න බව කියා අතේ තිබුණු සල්ලි ටිකත් විනාශ කර  පිටස්තර ගෑනියකුගේ  රන් මාලය උගස්කරපු කතාව  අකුරක් නෑර බිරියට කියා  දේවාලයකට ගොස්  දිවුරා පොරොන්දු වීමට තෙල් පෝලිමේ සෙට් වීමට  මූලික වූ  අයකුට බිරිය ඉදිරියේ  සිදුවිය.
දින කිහිපයකදී  යන එන මඟ අතරතුරදී ඔහුට මිතුරන්, මචං සෙට් වෙමුද, කියලා ඇහුවම කේන්ති යන බව  නොදන්න කෙනකු නැතැයි  සමහරු කියති.

 



අදහස් (0)

තෙල් සල්ලිවලින් සොමි කරලා තෙල් ගහන්න පොලියට ගන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17954 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site