IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තෙල් පෝලිමේ යතුරුපැදිය බලාගන්න බල්ලාට බාරදී රෑ වැඩට ගිහින්

රෑ එළිවෙනතුරු තෙල් පෝලිමේ තැබූ යතුරුපැදියේ ආරක්ෂාවට  ගෙදර ඉන්න සුනඛයා  එහි ගැට ගසා වැඩට ගිය පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමක තෙල් පෝලිමකින් අසන්නට ලැබුණි.


ඔහු එම ගමෙන් පිට නගරයක ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු  කරන පුද්ගලයෙකි. එම රැකියා ස්ථානයේ ඔහු කරන සේවය අනුව සේවා ස්ථානයට ඔහු නැතිවම බැරි පුද්ගලයෙකි. ඔහුගේ සේවා මුරය රාත්‍රි කාලයේ යෙදී ඇති අතර අනිවාර්යයෙන් ඔහු සේවයට වාර්තා කළ යුතුව තිබේ. ඔහු සේවය සදහා යන්නේ සිය යතුරු පැදියෙන් වන අතර දූ දරුවන්ගේ කටයුතු සඳහා ද යතුරු පැදිය ඔහුට අත්‍යවශ්‍යය.


  යතුරු පැදියේ ඉන්ධන අවසන් වීමත් සමඟ ඔහුගේ සියලු‍ කටයුතු අඩපණ වී ඇති අතර ඉන්ධන පැමිණෙන දිනයක් නොදන්නා හෙයින් දිවා කාලයේ කෙසේ වෙතත් රාත්‍රි කාලයේ ඔහුට එහි සිටීමට අපහසු වී ඇත්තේ සිය රාජකාරිය නිසාය. 


රාත්‍රි කාලයේ තෙල් පෝලිමේ කොතරම් පිරිසක් රැඳී සිටිය ද ඔහු තමා නොමැතිව ආරක්ෂාවක් නැතිව යතුරු පැදිය  දමා යෑමට සිත් දුන්නේ නැත. එහෙත් පෝලිමේ කෙලෙස හෝ යතුරු පැදිය නතර කර තැබිය යුත්තේ එසේ නොමැති වුවහොත් කලින් පැමිණි පිරිස් ඉන්ධන ලබා ගත් පසුව ඉන්නා පිරිස අනුව තමන්ට ඉන්ධන නොලැබෙන නිසාය.


මේ ගැන කල්පනා කළ ඔහු ගෙදර සිටින සිය බල්ලා දම්වැලකින් යතුරු පැදියේ ගැට ගසා ‘‘බල්ලාගෙන් ප්‍රවේශම් වන්න”‍ යනුවෙන් ලියූ කාඩ් බෝඩ් එකක් ගසා රාත්‍රී කාලයේ බල්ලා යතුරු පැදිය සමඟ පෝලිමේ තබා තිබේ .


 බල්ලාට අවශ්‍ය ආහාර හා ජලය එම ස්ථානයේ තබන ඔහු උදෑසන වැඩ අවසන්ව පැමිණ බල්ලා මළ පහ කර ඇත්නම් ඒවාද ඉවත් කර බල්ලා රැගෙන යන අතර නැවත වැඩට යන වෙලාවට බල්ලා සුපුරුදු රාජකාරියේ තබා පිටව යනවාලු‍.

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

 



අදහස් (0)

තෙල් පෝලිමේ යතුරුපැදිය බලාගන්න බල්ලාට බාරදී රෑ වැඩට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site