IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තෙල් පෝලිම පැන්නාට බල්ලකුගෙන් දඬුවමක්

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පෝලිමේ නොසිට ලොක්කා වගේ තෙල් ගැසීමට ගිය අයෙකුට බල්ලෙකු දුන් අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණු පළාතේ පිරවුම් පොළකින් අසන්නට ලැබේ.


  තෙල් පෝලිමේ සිටියේ දහපහළොස් දෙනෙකි. ඊටත් අඩු මිස වැඩි නොවීය. විනාඩි පහක් හයකින් තෙල් ටික ගසා ගන්නට තිබුණි. ඒත් නගරයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් පැදිය පෝලිමට නොදමා තෙල් ගසන පොම්පය ළඟට ගෙන ගියේය.


මේ දිහා බලා සිටි බල්ලෙක් පෝලිමේ නොසිට තෙල් ගහන්න ආ අය වෙතට  පැන ඔහුගේ කකුල සපා කෑවේය. ඒ විතරක්ම නොව බල්ලාගේ කටින් ඔහුගේ කකුල මුදවා ගැනීමට පිරවුම් පොළේ සේවකයෝ දැඩි පරිශ්‍රමයක් දැරූහ.


තෙල් ගහගන්න පෝලිමේ සිට පිළිවෙළට පැමිණි කිසිවකුත් මේ බලු‍  ප්‍රහාරයට ලක්නොවී පෝලිමේ නොසිට තෙල් ගහන්න ගිය ඔහු බලු‍ ප්‍රහාරයට ලක්වීම පිළිබඳ පුවත හතර අතේම පැතිරෙන්නට වැඩි වේලාවක් ගත නොවිණි.


බලු‍ ප්‍රහාරයට ලක්වීමත් සමගම ඉක්මනටම තෙල් ගහගන්න ආ ඔහුට තෙල් ගැසීම පසෙක තියා රෝහල් ගත වීමට සිදුවිය. පෝලිමේ සිටි අය පිළිවෙළට පැමිණ කිසිදු කරදරයකින් තොරව තෙල් ටික ගහගෙන ගියෝය.
අසාධාරණය මැනවින් තේරුම්ගත් බල්ලා  ඔහුට දුන් දඬුවමක් බව ඒ අවස්ථාවේ එම ඉන්ධන පිරවුම් පොළේ අය කීහ.

 



අදහස් (0)

තෙල් පෝලිම පැන්නාට බල්ලකුගෙන් දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 82 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2022 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site