තෙල් පොලිමේදී සිය සැමියාගේ තරම දැනගැනීමට හැකිවූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ඉන්ධන පිරවුම් පොළකින් අසන්නට ලැබේ.

ඔහු සිය ව්‍යාපාරවලින් ලැබෙන ආදායමෙන් කොටසක් පරදාර සේවනයට යොදවන්නේ නොමසුරුවය. ඒ නිසාම නගරයේ ලැගුම්හල් ඔහු ගැන දන්නේ යාවජීව සාමාජිකයෙකු ලෙසය.
එදා ඔහු නගරයට යතුරු පැදියෙන් ගියේ සිය භාර්යාව සමගය. ඒ අවශ්‍යතාවකටය. සල්ලිකාර නෝනා තොල් රතු කරගෙන අව් කණ්නාඩි දෙකක් පැළදගෙන ගියේ උජාරුවටත් එක්කය. නගරයට යන අතර මග ඉන්ධන පිරවුම් පොලක ඉන්ධන තිබෙනු දුටු ඔහු යතුරු පැදියට ඉන්ධන ටිකක් ගසා ගැනීමට සිතුයේ එහි වැඩි පෝලිමක් නොතිබුණු නිසාය.
මේ අස්සේ බෝතලයකට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අයෙක් ‘හා සර් අදත් එක්ක යන්නේ අපේ පොට් එකට’දැයි ඔහුගෙන් ඇසුවේ යතුරු පැදියේ ඉන්නේ ඔහුගේ භාර්යාව බව නොදැනය. එසේ ඇසූ තැනැත්තා නගරයේ ලැගුම් හලක සේවකයෙකි. ඒ සමගම ඔහුට තරු විසිවුණේය. භාර්යාවට සැමියාගේ තරම වැටහුණි. තැන නොතැන අමතකවූ භාර්යාව ඔහුට දෙහි කැපුවේ මහා හයියෙනි.
භාර්යාවගේ අනපේක්ෂිත හැසිරීමෙන් මහත් ලැජ්ජාවට පත්වූ ඔහු ඉන්ධන ලබා ගැනීම පසෙකට තබා එතනින් මාරුවී ගියාලු.
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
2025 නොවැම්බර් මස 04
66
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් පෝලිමට ගිය සැමියාගේ හොරේ බිරිඳට අතේ මාට්ටු
ආනන්ද Saturday, 21 May 2022 10:43 AM
හොඳ වැඩේ... දඩුවම් දෙන්න ඕනෑ..