කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
අත්‍යවශ්‍ය සේවය සඳහා යයි කියමින් තෙල් ලබා ගන්න පිරවුම්පොළකට ගිය නිලදරුවකුගේ රෙදි ගැලවී ගිය අපූරු කතාවක් දකුණෙන් වාර්තා වෙයි.
මෙම නිලදරුවා පිරවුම් පොළට ගියේ නිල ඇඳුම පිටිනි. රාජකාරිය කරන අතරතුරය. කිසිම ප්‍රශ්නයක් නැතිව පිරවුම් පොළේ පොම්පකරු ඔහුගේ යතුරුපැදියට තෙල් ගැසීමට සූදානම්ය. අවශ්‍ය තෙල් ප්‍රමාණය ඇසුවේය. ඒ අනුව තෙල් ගැසීමට යතුරුපැදියේ ටැංකිය ඇරීමට පොම්පකරු නිලධාරියාගෙන් ඉල්ලා සිටියේය.
නිලදරුවා තමා ආ යතුරුපැදියේ තෙල් ටැංකිය ඇරීමට උත්සාහ කළේය. පළමුවත් එය බැරිවිය. දෙවැනි හා තෙවැනි අවස්ථාද අපතේ ගියේය. ඔහුට බැරි තැන පිරවුම් පොළේ සිටි අයද උත්සාහ කළහ. එය ගගට කැපූ ඉනිමෙන් නිෂ්ඵල වී ගියේය.
සර් මේ යතුරුපැදියේ අයිතිකාරයාට එන්න කීවා නම් ඕක ගොඩදාගන්න පුළුවන් යැයි එතන සිටි අයකු කීවේ, අනෙත් අයට ඇස් ගසමිනි. කරන්න ආ වැඩේ ද අමතක වූ මේ නිලදරුවා ‘‘හානේ ඔව්නේ’’ කියමින් අතරමග නතර කර දමා ආ හිතවතාට දුරකතන ඇමතුමක් දී පිරවුම් පොළට එන්න කීවේ, හොර හිත අමතක වී එළියට පනිමිනි.
නිලධාරියාගේ හිතවතා පැමිණ එක විනාඩියෙන් තමන්ගේ යතුරුපැදියේ තෙල් ටැංකිය ඇරියේ ගෙවී ඇති යතුර කරකවන රටාවට අනුවය. ඒ සමගම එකා දෙන්නාගේ උසුළු විසුළු මැදින් එතැනින් ලිස්සා ගිය ගමනින් පසු ඔහු අද වන තුරුම එම පිරවුම් පොළට නොගිය බවද කියති.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් ටැංකියේ යතුරු කටෙන් කොන්ත්‍රාත්තුව එළිවෙලා