IMG-LOGO

ත‍්‍රිරෝද රථ රියැදුරෝ යාල්දේවි නවත්වති

කොළඹ කොටුව සිට පලෙයි දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ යාල්දේවි උදෑසන 6.15 ට රාගමට ළඟාවිය. දුම්රිය මගීන්ගෙන් පිරී තිබුණි. ගම්පහට පැමිණි දුම්රිය, මගීන්ද රැගෙන වේගයෙන් ධාවනය වන්නට විය. පොල්ගහවෙල පසුකළ ශීඝ‍්‍රගාමී දුම්රිය ස්වල්ප වේලාවකින් මන්දගාමි විය.

පොල්ගහවෙල සිට ඇත්තේ එක් දුම්රිය මාර්ගයක් පමණක්වීම එයට හේතුවයි. යාල්දේවියට දුම්රිය ස්ථාන කිහිපයකදීම රැඳී සිටීමට සිදුවූයේ ඉදිරියෙන් පැමිණි දුම්රිය කිහිපයකට ගමන් කිරීමට පහසු කරවීමටය.

තලාව දුම්රිය ස්ථානය පසුකර දුම්රිය ගමන් කරනා විට අනුරාධපුර නව නගරයෙන් බැසීමට සිටි මගීහු තම බඩු බාහිරාදිය සූදානම්කර ගත්හ. යාල්දේවි නැලවි නැලවී පැමිණෙනු අනුරාධපුර නව නගරයේ වේදිකාවේ සිටි මගීන් මෙන්ම ත‍්‍රීරෝද රථ රියැදුරන්ටද දැකගත හැකිවිය. අවාසනාවකි. දුම්රිය නොනවත්වාම ඉදිරියට ගමන් කරන්නට විය. කෑ ගැසීමක් ඇසුනි. ඒ ත‍්‍රිරෝද රථ රියැදුරන්ය.

කෑ ගැසීමට බිය වූ යාල්දේවිය වේදිකාව පසුකර ගොස් නවත්වා, නැවතත් පසුපසට ගමන්කර අනුරාධපුර නවනගරයේ දුම්රිය ස්ථානයේ නැවැත්වූවාය. දුම්රියෙන් බසින මගීන් දුටු ත‍්‍රීරෝද රියැදුරන්ගේ මුහුණ ඒකාලෝක විය.

 



අදහස් (0)

ත‍්‍රිරෝද රථ රියැදුරෝ යාල්දේවි නවත්වති

ගාමිණී - සිරිවර්දන Friday, 12 September 2014 04:49 AM

නියමිත නැවතුම් පලවල දුම්රිය නොනැවැත්වීමෙන් නියාමක කරනුයේ මගීන්ට හිරිහැරයකි. ත්‍රී රෝද රියදුරන් හු හඬින් හෝ දුම්රිය නවතා ගත්තේ හයර් නිසාය. දන්නා අයට,නොදන්නා අයට සංචාරකයින්ට එක.. එක..ගණන්ය ! (නදී)

:       0       0

අම්පාරේ දුමිත Friday, 12 September 2014 02:21 PM

රියදුරාට නින්ද යන්න ඇති (නි)

:       0       0

රුවන් Friday, 12 September 2014 08:24 AM

නවත්වන්න නියමිත ස්ථානයේ නවත්වන්නේ නැත්නම් මඟියාට කොපමණ කරදරයක්ද? එමෙන්ම ත්‍රීරෝද රථ රියදුරන්ටත් කොපමණ පාඩුවක්ද? (නි)

:       0       0

අජිත් Monday, 15 September 2014 12:15 PM

නැහැ, නැහැ එස්.එම්.එස් කොට කොට ඉදල තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 761 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site