IMG-LOGO

තුන් කොන් ආදරය සෙරෙප්පු පහරින් නිමවෙයි

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
කාන්තාවන් දෙදෙනකුට එක් තරුණයකු ආදරය කරන බවට තොරතුරු හෙළි වී කාන්තාවන් දෙදෙනා එක්ව ඔහුට ප්‍රසිද්ධියේ ගුටි පූජාවකින් සංග්‍රහ කිරීමේ පුවතක් ඊයේ (16) පෙරවරුවේ පොල්පිතිගම මඩගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.


කාලයක් තිස්සේ කාන්තාවක මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඔහු තවත් කාන්තාවක සමග එලෙස ඇසුරක් පවත්වන බවට කාන්තාවන් දෙදෙනාටම හිතවතුන්ගේ මාර්ගයෙන් දැන ගන්නට ලැබී තිබේ.


ඒ අනුව සැලසුම් කර ගත් පරිදි එක් කාන්තාවක් තරුණයා මඩගල්ල හල්මිල්ගොල්ල වැව් බැම්මේ වන සංරක්ෂණ සීමාවේ වන රොද පෙදෙසට ඊයේ (16) උදේ 10.00ට පමණ කැඳවා ඇත.


ලද ආරාධනාවට අනුව තරුණයා පැමිණ එම කාන්තාව සමග දොඩමඵ වෙමින් සිටිනා අතරවාරයේ දී අනෙක් කාන්තාව ද එතැනට පැමිණ තිබේ.


ඒ සමගම එසේ කැඳවීම කාන්තාවන් දෙදෙනාගේ උප්පරවැට්ටයක් බවට තරුණයාට ඒත්තු ගොස් ඔහු ඉන් මිදී පළා යෑමට තැත් කර ඇතත්, කාන්තාවන් දෙදෙනාම තමන්ට තරුණයා ආදරය කරනා බවට ඔහු ඉදිරිපිටම තොරතුරු අනාවරණය කරමින් කාන්තාවන් මෙසේ අමාරුවේ නොදමන ලෙසට පාඩමක් උගන්වන බව පවසමින් දෙදෙනාම එක්ව අතින් පයින් හා ඔවුන් පැළඳ සිටි සෙරෙප්පුවලින් පවා පහර පිට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවැසූහ.


කෙසේ වෙතත් මෙම තිදෙනාම පිටස්තරයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව තම ගම් සීමාවෙන් පිටතට ගොස් සිද්ධිය විසඳා ගන්නා බවට අවට වැසියන් රැස්ව ඔවුනට බැණ වැදීමෙන් පසු තරුණයා යතුරුපැදියෙන් හා කාන්තාවන් දෙදෙනා මහ මග ගමන් ගත් බස් රථයක නැගී ඉන් නික්ම ගිය බව ප්‍රදේශවාසීහු පැවැසූහ. 

 



අදහස් (2)

තුන් කොන් ආදරය සෙරෙප්පු පහරින් නිමවෙයි

SAM Thursday, 17 January 2019 06:12 AM

කාන්තාවන් දෙදෙනෙක් එක තරුණයකු ඇසුරු කිරීම ප්‍රේම කතාවක් නොවේ. මෙය අද සමාජයේ පිරිහීම පෙන්වන එක්‌ අවස්තවාක් පමණි. අනියම් ඇසුර අද සමාජයේ පිළිකාවක් වගේ ඔඩු දුවලා සමාජය විනාශ කරනවා. හැඟීම් වලට යට නොවී සංවර ලෙස සමාජයේ ජීවත් වීමේ වටිනාකම පෙන්වා දෙන්න පුලුවන්නම් හොඳයි.

:       178       220

sampath Thursday, 17 January 2019 10:55 AM

මේවා ගහ මර ගන්න දෙයක් නෙවි තමන්ට එපානම් අයින් වෙලා යන්නයි තියෙන්නේ. කෙසේ වුණත් මේකෙන් කාටවත් ලාබයක් වාසියක් අත්වෙලා නැහැ හැමොගේම අත්ම ගෞරවයට හානි කරගැනීම හැර

:       16       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site