IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


තාත්තාට තරු පෙන්වා පුතා අපූරු සෙල්ලමක

(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තමන්ගේ රියැදුරු බලපත‍්‍රය පසුම්බියේ තිබිය දී එය නැතිවූ බව කියා පොලිසියේ පැමිණිල්ලක් ලියූ රියැදුරකු පිළිබඳව මාඔයට ආසන්න ගම්මානයකින් පසුගියදා දැන ගන්නට ලැබිණි.


ඔහු වෘත්තීය රියැදුරෙකි.  ළඟදී දිනක මංගල උළෙලකට සහභාගි වුණේ සිය දරු පවුලේ පිරිස ද සමගය. තැන නොතැන නොබැලූ ඔහු හොද හැටි මධුවිතෙන් සප්පායම්වූයේ් බිරියගේ අවවාද අනුශාසනා ආදිය ද ගණනකට නොගනිමින්ය.


ටික වේලාවක් ගතවද්දී ටයි පටිය ගැලවුණේය.  සාක්කුව වරින් වර අස්පස් කරන්නට ද පටන් ගත්තේය. බමන මත තිබුණත් බිරියත් දරු දෙදෙනාත් සමග යතුරු පැදියේ නැගී නිවසට එන්නට මේ රියැදුරා වාසනාවන්ත වූයේය. පසුදාට පහන් විය. වාහනයේ බාරගත් කුලී ගමනක් යාමට නියමිතව තිබිණි.


පිරිසගෙන් ඇමැතුමක් ද ආයේය.  ඉක්මනට එනවා කී හෙතෙම තම රියැදුරු බලපත‍්‍රය සොයන්නට වූයේය. එය සොයා ගැනීමට නොවීය. කලින්දා මද සිහියෙන් එද්දී එය වැටෙන්නට ඇති බව ඔහු අනුමාන කළේය. වෙනත් රියැදුරෙක් කැඳවා ගමන පිටත් කර, රිය බලපත නැතිවීම ගැන පොලිසියේ පැමිණිල්ලක් ලියන්නට ගියේය.


තමන්ගේ රියැදුරු බලපත‍්‍රය නැතිවී ඇති බවත්, එය අලූතින් ලබා ගැනීමට අවශ්‍ය බවත් කියා පැමිණිල්ලක් සටහන් කර නිවසට ආවේ ඒ සඳහා යන බර පැන සොයනා අන්දමක් ගැන සිතමිනි.


නිවසට ආ ඔහු පුටුවකට බරවූයේ ඇද සිටි කමිසය ගලවා බිම දමමිනි. කුඩා පුතු එතැනට ආයේ තාත්තා ටොපි ගෙන එන්නට ඇති බව සිතාගෙනය. සාක්කුව අතපත ගෑ පුතුට එහිවූ පියාගේ රිය බලපත හමුවී සෙල්ලම් කරනවා දුටු පියාට තරු පෙනුණේය.



අදහස් (0)

තාත්තාට තරු පෙන්වා පුතා අපූරු සෙල්ලමක

සංජීව කුමාර Wednesday, 28 January 2015 04:39 AM

‍ඕකට තමයි කියන්නේ හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා. (බ)

:       0       0

කිඹුලාපිටිය Tuesday, 27 January 2015 08:15 AM

ඇත්තටම අපේ මිනිසුන්ට මේ ජරාව නොබී ඉන්නම බැරිද? (නි)

:       0       0

සංජය Wednesday, 28 January 2015 05:15 AM

රට ජාතිය වෙනුවෙන් අපිත් මොනවා හරි කරන්න එපැයි. හවසට රට ජාතිය මතක් වුණාම නොබී කොහොමද? (නි)

:       0       0

අරුණ Tuesday, 27 January 2015 08:59 AM

තාමත් එතනෝල් තියෙනවද? (නදී)

:       0       0

අචිර Tuesday, 27 January 2015 11:55 PM

හා හා එහෙම කියන්න එපා. බොන මිනිහා තමයි එහි රසය දන්නේ (නි)

:       0       0

අශේන් Thursday, 29 January 2015 01:59 AM

බොන එක නෙමෙයි ප්‍රශ්නය. බොන ප්‍රමාණය තමා ප්‍රශ්නය. කෙසේවෙතත් බීලා වාහන එළවන එක ඔබටත් අන් අයටත් හානියක් (නි)

:       0       0

අශේන් Thursday, 29 January 2015 02:01 AM

අපි බීලා විනෝද වෙන්න දන්නේ නැහැ (නි)

:       0       0

වින්දන ගුණරත්න Thursday, 29 January 2015 03:25 PM

නිකම් කාලේ කනවා. වෙන වැඩ නැත්නම් හොඳයි මේ සත පහකට වටින්නේ නැති දේ කියවල කාලේ කන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site