IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තාත්තගෙ ඉල්ලීම ඉටුකරන්න ගිහින් අම්මටයි දුවටයි තරු පෙනිලා

(කුලියාපිටිය - චාමර විමලරත්න)

රැකියාව සඳහා විදේශගතව සිටින සිය සැමියාගෙන් ලද නියෝගයක් ඉටු කිරීමට පියවර ගත් මුසල්මානු බිරිඳකට හා ඇය සමග සිටි පාසල් වියේ වූ දියණියට ද පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුවීමේ පුවතකි මේ.

දිනය - ඉකුත් 21 වැනිදාය. ස්ථානය - කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන පරිශ්‍රයයි. මෙම සිද්ධියේ කතානායිකාව හා ඇගේ දියණිය කළු පැහැති දිගු ගවුම්වලින් සැරසී හිස් ආවරණය කර සිටියහ. රෝහල් වෛද්‍ය සායන පරිශ්‍රයේ පැවැතියේ දැඩි තදබදයකි. මුසල්මානු කාන්තාව අත තිබූ ජංගම දුරකතනය නාද විය. ඇය ඊට සවන් දුන්නාය. ඉනික්බිතිව ජංගම දුරකතනය තම දියණිය අතට පත් කෙරිණි. දියණිය තම මව, රෝහලේ වෛද්‍ය සායන පරිශ්‍රයේ රැඳී ගත් ඡායාරූප කීපයක් ජංගම දුරකතනයේ කැමරා කාචයේ සටහන් කර ගත්තාය. එය සැකකටයුතු දසුනක් ලෙස, රෝහල් පොලිසියට ක්‍ෂණිකව වාර්තා විය. රෝහල් පොලිසිය එම මව හා දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිසියට බාර දෙනු ලැබිණ. කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතා සැකකාර මවගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඇගේ ප්‍රකාශ අනුව හෙළි වූ කරුණු මෙසේය. සැකකාරියට රෝහලේ දී දුරකතන ඇමතුම දී ඇත්තේ විදේශගතව සිටින ඇගේ සැමියාය. සැමියා බිරිඳ අමතා සුවදුක් විමසා, රෝහල් පරිශ්‍රයේ ඇය රැඳී ඉන්නා ඡායාරූප කීපයක් ගෙන තම දුරකතනයට එවන ලෙස පවසා ඇත.

සිය පියාගේ දැනුම්දීම අනුව දියණිය රෝහල් සායන පරිශ්‍රය පසුබිම් කොටගත් මවගේ ඡායාරූප කීපයක් ගෙන ඇත. පොලිසියෙන් එම ඡායාරූප නිරීක්‍ෂණය කළේය. රටේ දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස මවට හා දියණියට අවවාද කරමින් ඔවුන් මුදාහැරීමට පොලිසිය පියවර ගත්තේය. මව හා දියණිය පොලිසියෙන් පිටතට එන විට ඔවුන්ගේ දෙනෙත්වල කඳුළු දක්නට ලැබිණි.



අදහස් (1)

තාත්තගෙ ඉල්ලීම ඉටුකරන්න ගිහින් අම්මටයි දුවටයි තරු පෙනිලා

janhitha Friday, 24 May 2019 03:19 PM

ඔය නීතිරීති පනවලා තියෙන්නේ තවත් දුවෙකුට, පුතෙකුට කඳුළු නොසලා ඉන්නයි. එක පියෙක් සතුටු කරනවට වඩා දහස් ගණන් පියවරු සතුටු කරන එක කොච්චර වටිනවද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site