ණයකරුවන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙළෙඳසල් හිිමියා යෙදු උපාය සාර්ථක වූ රසවත් පුවතකි.
සිද්ධිය මෙසේය,
එය නගරයට ආසන්න ගමකට පිවිසෙන මාර්ගය අසල පිහිටි එළවළු සහ පලතුරු වෙළෙඳසලකි. අයිිතිකරු ගමේ වැඩි දෙනාගේ හිතවතෙකි. ඒ නිසාම බොහෝ දෙනෙක් ණය ගනුදෙනුවට පුරුදුව සිටියහ.
ටික දිනක් ගත වන විට ගත් ණය ආපසු ගෙවීම අඩුවන්නට සිදුවිය. ණය මුදල් ඉල්ලා සිටන විට කලින් තිබූ හිතවත්කම්ද පඵදු විය. මේ ගැන කදිම උපායක් යෙදු කඩ හිමියා,
”මට මේ කඬේ තවදුරටත් කරගෙන යාමට නොහැකිවී ඇත්තේ පහත සඳහන් ණයකරුවෝ ගත් ණය නොගෙවන නිසාය” යනුවෙන් විශාල දැන්වීමක් ලියා වෙළෙඳසල ඉදිරිපිට තැබීය.
ගත් ණය දහස් ගණනේ සිට සිය ගණන් දක්වා අනු පිළිවෙළින් ණයකරුවන්ගේ නම් ඉදිරියේ සඳහන්ව තිබිණ. මෙය එහි යන එන්නන්ගේ අවධානයට ලක්විය.
පසුදින වන විට දැන්වීමේ තිබූ නම් කීපයක්ම මැකී ගොස් තිබුණේ ඔවුන් ගත් ණය ගෙවා, නම දැන්වීමෙන් ඉවත් කරගෙන තිබූ නිසාය. තව ඉතිරිව ඇත්්තේ නම් කීපයක් පමණි. තමාගේ උපාය සාර්ථක වීම ගැන වෙළෙඳසල් හිමියා උදම් ඇනුවේය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ණයකරුවන්ගෙන් බේරෙන්න මුදලාලි අපූරු දැන්වීමක් දාලා
දම්මික සුරංග Tuesday, 25 February 2014 08:01 PM
නියම වැඩේ ඇයි නය ගාත්තානම ගෙවන්න ඕන නැත්නම් වෙළෙදාම් කරගෙන යන්නේ කොහොමද කඩේ වහන්න තමා කොහොමත් වෙන්නේ (අ)
ජයතිලක Tuesday, 25 February 2014 10:45 AM
මුදලාලිගේ නියම මොළේ (දිල්)
ජානකී Tuesday, 25 February 2014 11:55 AM
ටිකිරි මොළේ(දිල්)
චන්දි Tuesday, 25 February 2014 12:39 PM
කොහොමත් මුදලාලිලා කපටි වැඩ දන්නවනේ...!!(දිල්)
ඩොන් රොෂේනද සොයිසා Wednesday, 26 February 2014 01:36 AM
ණයටදිමෙන් බේරෙන්න. අද මුදලට හෙට නයට යනුවෙන් විශාල දැන්වීමක් ලියා වෙළෙඳසල ඉදිරිපිට තබන්න. (අ)
චාරුණි Friday, 28 February 2014 04:16 PM
නියමයි (අ)
ආරියසේන Wednesday, 26 February 2014 10:12 AM
ණයට කනවා බොනවා එත් ණය ඉල්ලුවහම මුහුණ ඇඹුල් වෙනවා.ඒ ගැන මතකත් නැහැ.(අ)
ක්‍රිෂාන්ති Monday, 03 March 2014 11:38 PM
ණය ගෙවපු එක පුදුමයි. මොකද අපේ අයියලාට දැන්වීම් පුවරුවේ නම දැම්මට ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවයැ. (අ)
ජනතා Thursday, 27 February 2014 09:51 AM
අපි ඔක්කොම රජවරු ඔක්කොම සිටුවරු හැබැයි තුන් සිංහලයම නය කරුවෝ.(නදී)
චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 04 March 2014 04:36 AM
අද අත්පිට හෙට නයට කියා බෝර්ඩ් එකක් ගහන්න.නීච නය ලැයිස්තුවද හොඳ නමුත් සමහරු තරහ විය හැක. (අ)
චන්දි Sunday, 02 March 2014 12:17 PM
මං කඩයක් දාපු දවසට '' නයට දීම අද නොවේ හෙට '' කියලයි බෝඩ් එක දමන්නේ...!! හොදයි නේද ? (නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 25 February 2014 04:46 PM
නරකමත් නැ උපාය.එත් නැවත මේ අය වෙළද සැලට එයිද කියා සැකයක් තියනවා.අපේ අය මොන දේ කරත් ඒවා තව අයෙක් දැන ගන්නවාට බොහොම අකමැතියිනේ.(දී)
ඉසුරු Wednesday, 26 February 2014 12:35 PM
ණයට ඉල්ලීමෙන් වැලකි සිටි ඔබට අපගේ ප්‍රණාමය......! (අ)
ගුණර්ධන Tuesday, 25 February 2014 05:43 PM
ව්‍යාපාරයක් කරන මේ හිත වතාගේ හිත හොඳ වැඩි නිසා ණයට බඩු , මුට්ටු දෙනවා , නමුත් ඒවා කලට වෙලාවට ගෙවන්නේ නැතිව කට්ටි පැන, පැන ඉන්න අයට හොඳ පාඩමක් (අ)
ජනක Tuesday, 25 February 2014 06:05 PM
කපටි කම නැතිනම් වෙළදාමක් කරන්න අමාරුයි
සමන්ති Tuesday, 25 February 2014 06:37 PM
දශක 3කත තුනකට පමණපෙර රත්මලාන ගොළුමඩම හන්දියේ මුදලාලි කෙනෙක් හිටියා . ඔහුගේ දැන්වීම මෙසේය .නීච නය ලැයිස්තුව ලබන සතියේ පිටවේ .දෙවන දැන්වීම නීච නය ලැයිස්තුව හෙට දවල් පිටවේ .තෙවන දැන්වීම නීච නය ලැයිස්තුව අද පිටවේ .අවසාන දැන්වීම මෙන්න නීච නය ලැයිස්තුව . නමුත් එහි නම් ඇති නමුත් කිසිවකුට සොයාගත නොහැක .එහි ඇත්තේ නම්වල කොටස් පමණි . (අ)
දිනුෂ රුවන් විජේසිංහ Tuesday, 04 March 2014 04:31 PM
මුදලාලි හරි. එයාගේ නය සල්ලිත් ලැබෙයි. හැබැයි එයාට හතුරෝ වැඩිවෙන එක විතරයි වෙන්නේ.(නදී)