ඥාතියකු ආරූඪ වීමෙන් ආවේශ වූ ආතුරයකු මල් බුලත් තට්ටුවකට මතුරමින් සිටි කපු මහතකුට පොල් මලකින් පන්න පන්නා පහරදුන් බව කියවෙන පුවතක් වියලූවේ ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එය වියලූවේ පිටිසර ගමකි. ගම්මුන්ට වැළදෙන බොහෝ රෝගාබාධ වලදී මේ ගම්මු නගරයේ රෝහලකට ආවේ බොහෝ කලාතුරකිනි.
ඕනෑම රෝගයක් වැළදෙන්නේ යකුන්ගෙන් බව විශ්වාස කරන ඔවුහු ගමේ අයකු රෝගී වූ විට ගුරකු ගෙන්වා නූලක් දැමීම රෝගයට නිසි ප‍්‍රතිකාරය යැයි විශ්වාස කළහ.
පසුගිය දිනෙක ගමේ තරුණයකු රෝගාතුර විය. ඔහුගේ විරෝධතාව මැද්දේම නිවසේ වැඩිහිටියෝ ගුරකු ගෙන්වා ගුරුකමක් සූදානම් කළහ.
දුම්මල තට්ටුවෙන් නඟින දුමින් ඉහ මොළ රත්වූ තරුණයා බොහෝ වේලාවක් ඉවසමින් සිටියදී ඔහුටත් නොදැකීම රතු කට්ට පැන්නේය.
උණ රෝගය පැත්තකින් තැබූ තරුණයා මල් බුලත් තට්ටුවේ තිබු පොල් මලක් අතට ගෙන ගුරාට හොඳ හැටි තැලූවේය. බැරි තැන ඔහු සරමත් ඇඳ ඇඳ කඩුල්ල පැත්තේ හිටපන් උඹට හත් වරුවක් යන්න කලින් හොද වැඩක් කරන්නම් යනුවෙන් පාරමි බාමිනි.
ගුරාටවත් ගුරාට පහරදුන් තරුණයාටත් තවමත් ඉහෙන් බහින රෝගයක් නැතැයි ප‍්‍රදේශවාසීහූ පවසති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඥාතියකු ආරූඪ වී ආතුරයා කපුවාට පොල්මලෙන් තඩිබාලා
පිටිගල Tuesday, 20 May 2014 06:58 PM
අපට නොපෙනෙන ලෝකය කියලා වීඩියෝ එකක් යූ ටියුබ් එකේ මම බැලුවා. ඒකේ කපුවා ගැහැණු කෙනෙකුට දෑත් බදලා පොල් මලකින් ගහනවා. පොල්මලේ කෑලි වීසි වෙනවා. ඇයට රිදුන බවක් නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒක බලනකොට නම් මොකක්හරි සත්‍යයක් තියෙනවා කියලා මටත් හිතුනා. (නි)
මධුෂානි හේවදේව Tuesday, 20 May 2014 04:12 PM
බොහොම හොඳයි. අන්ධ විශ්වාස වල ඉන්න අයට මේක හොඳ පාඩමක් (නි)
සමන්ති Wednesday, 21 May 2014 12:50 AM
කපුවන්ට මානසික ගැටළුවක් තියෙනවා .ඒගොල්ල එක දන්නේ නැහැ. මේක අන්ධ විස්වාසයක් . පසුගිය කාලේ කපුවන් කරපු වැඩ පත්තරවලින් බලන්න .එතකොට තේරෙයි .(ස)
නිලුපුලී Thursday, 22 May 2014 11:08 AM
හොර කපුවෙක් වෙන්න ඇති.(දිල්)
ශාන්ති Wednesday, 21 May 2014 01:30 AM
එඩිතර තරුණයෙක් මමත් නම් ඔය වගේ විකාර වලට කැමති නැහැ (ස)
කුමාරි Tuesday, 20 May 2014 10:39 AM
ඉස්සර මිනිස්සු අතර කතාවක් තිබුන කැපුවට හෙන හතයි කියල. ඒ මඟුල් කැපුවට. දැන් වත් ගමේ මිනිස්සුන්ගේ ඇස අැරුන නම් ලොකු දෙයක්. තරුණයාට ජය වේවා! ගමම හදපන් පුතේ. (ස)
රමණි Tuesday, 20 May 2014 11:13 AM
හොද ආරම්භයක්. (ස)
සමන් Tuesday, 20 May 2014 11:23 AM
නියම තරුණයෙක්! (ස)
දයා අළහකෝන් Tuesday, 20 May 2014 11:34 AM
මේවා දැන් දැන් මුළු රටේම සිදුවෙමින් යන්න පටන් අරගෙන (නි)