IMG-LOGO

ජීවිතයේ අනියත බව විභාග පිළිතුරු පත‍්‍රයේ

(තිහගොඩ - උපසේන ලියනගම)
මේ දිනවල ඇගයීමට ලක් කෙරෙන උසස් පෙළ පිළිතුරු පත් අතර බෞද්ධ සංස්කෘතිය පිළිතුරු පත‍්‍රයක සෑම පිළිතුරක් අවසානයේම මිනී පෙට්ටියක් සහ මල් වඩම් දෙකක් ඇඳ තිබීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි.


ප‍්‍රධාන පෙළේ විද්‍යාලයක වූ මෙම මධ්‍යස්ථානයේ පිළිතුරු පත‍්‍රයක වූ මෙම චිත‍්‍රය දැකීමෙන් මවිතයට පත් පරීක්ෂකවරයා එය ප‍්‍රධාන පරීක්ෂකට යොමු කළ විට ජීවිතයේ අනියත භාවය සිහි කිරීමට මෙය අඳින්නට ඇති බවත් මෙය චිත‍්‍ර විෂය නොවන හෙයින් ඊට ලකුණු දීමේ අවශ්‍යතාවක් නැති බවත් පවසා තිබේ.
පිළිතුරු පත‍්‍රවල රහස්‍ය භාවය රැකිය යුතු නිසා ඉන් එහාට මේ ගැන සාකච්ඡුා නොකළ බව ද වාර්තා වේ.



අදහස් (0)

ජීවිතයේ අනියත බව විභාග පිළිතුරු පත‍්‍රයේ

නලී Saturday, 27 September 2014 05:17 AM

විශ්වවිද්‍යාලයට යන්නත් පෙර ඔය පෙන්නන්නේ වත්මන් තරුණ පරපුරේ අසහනය සහ කලකිරීම මිසක් ජීවිතයේ අනියත භාවය නොවෙයි. ඔය චිත්‍රය ඇන්ද අහිංසක දරුවාව පරිස්සම් කර ගත යුතු වෙනවා . මරණය පිළිබද සංකේතය ඔය තරම් සැහැල්ලුවට ගන්න එපා. වත්මන් තරුණ පරපුරේ මනෝභාවයන් තේරුම් ගන්නන්ට තරම් මනෝවිද්‍යාත්මක බුද්ධියක් නැති අධ්‍යාපන නිලධාරීන් අනාගතයට පිලිලක්. (දී)

:       0       0

චරිත Tuesday, 30 September 2014 03:47 PM

නලී කියපු කතාවයි මෙතන හරි. මොකද ළමා මනස තේරුම් ගන්න බැරි පරීක්ෂකයො නිසා ඉදිරියේ ඇතිවියහැකි විනාශයක් මගහැර ගැනීමේ අවස්ථාව අහිමි වී ගියබවයි මටනම් පෙනෙන්නෙ. මරණයේ සංකේත මරණයට පෙර බහුලව භාවිතා කරන්නෝ මරණයේ මාවත තෝරාගත්තන් බව මනෝ විශ්ලේෂකයෝ පවසත්.(දී)

:       0       0

සුමුදු Monday, 29 September 2014 01:00 PM

පාඩම් නොකර විභාග ලියන්න ගියාම ඕව තමයි කරන්නේ (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 27 September 2014 06:34 AM

අපි සාමාන්‍ය පෙළ ලියන කාලයේ භූගෝලය,ඉතහාසය ප්‍රශ්නපත්‍රවල වරහන් ඇතුලේ උඩින්ම දක්වලා තියෙනවා කටු සටහන් වලට ලකුණු දෙනු ලැබේ කියලා.අපේ පොරක් නැපෝලියන්ගේ රුසියන් ආක්‍රමණයත් චිත්‍රයට නගලා. (දී)

:       0       0

මහින්ද කේ ගොඩගේ Saturday, 27 September 2014 05:31 PM

සෑම පිළිතුරක් අවසානයේ ....එසේනම් බුද්දිමත් දරුවෙක්... නිසිලෙස පිළිතුරු ලියා කාලය කා දැමීමට වඩා බෞද්ද සංස්කෘතිය කෙරේ මීට වඩා අවදානයක් යොමු කරවීමට ගන්නාලද උත්සාහයක් වෙන්නට පුළුවනි. (දී)

:       0       0

සම්පත් Sunday, 28 September 2014 08:23 AM

මේ ළමයා 100% හරි (දී)

:       0       0

හේමන්ත Saturday, 27 September 2014 08:46 AM

මේ ළමයා කියන දේ හරි. අද තියෙන වල් වැදුණු දේශපාලන තත්වය යටතේ බෞද්ධ සංස්කෘතියට හිමිව ඇති තැනයි ළමයා පෙන්වා දී ඇත්තේ.

:       0       0

සමන් Monday, 29 September 2014 07:03 AM

දුන්න ලකුණු ටිකත් කැපුවද දැන් නෑ.........(දී)

:       0       0

චමින්ද Friday, 26 September 2014 09:16 PM

දැන් සැමදා අසන්නට, දකින්නට ලැබෙන දේවල්නේ.හිත කළකිරිලා ඇති. (නි)

:       0       0

සඳුන් පෙරේරා Friday, 26 September 2014 10:43 PM

ඒක ඇන්දා කියලා ලකුණු කපන්නේ නැහැ නේද? ප්‍රශ්නයට අදාල හරි පිළිතුර තියෙනවා නම් ඒකට ලකුණු දියයුතුයි. අනියතභාවය වෙනම දෙයක්. ලකුණුත් අනියත කරන්න එපා. (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Saturday, 27 September 2014 10:39 AM

මෙතන බරපතල කරුණු විග්‍රහ කරලා තියනවා. නමුත් මේ ළමය එහෙම දේවල් හීනෙන්වත් හිතුවද දන්නේ නෑ(දී)

:       0       0

රත්න Sunday, 28 September 2014 10:54 AM

මේවා ළමයින්ගේ විහිලු වැඩ (දී)

:       0       0

තරු Tuesday, 30 September 2014 05:41 AM

කාලය ගත කිරිමට ඒකත් නියම විධියක් තමයි....... වෙන මුකුත් අඳින්න දන්නැතුවැති නේ.................... (දී)

:       0       0

තරු Tuesday, 30 September 2014 05:45 AM

ප්‍රසිද්ද වෙන්න ඒකත් ක්‍රමයක් තමයි..... ලබන පාර කරනවනම් ඔන්න තව ටිකක් චිත්‍ර පුරුදු වෙන්න වෙයී ............ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 761 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site