IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඡන්ද පොළේ නිලධාරියෙක් කාන්තා වැසිකිළියට රිංගලා

 

හම්බන්තොට ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී කාන්තා වැසිකිළියකට නොදැනුවත්කමින් හදිසියට ගිය ඡුන්ද ගණන් කිරීමේ නිලධාරියකුට සිය අවශ්‍යතාව ඉටුකර දොර ඇරගෙන එළියට පැමිණි පසු කාන්තාවන් එහි සිටිනු දැක දෙලොව රත්වීය.

වටපිට බලා හෙමින් සීරුවේ එළියට පැමිණි ඔහු දොරේ ගසා ඇති කාන්තා වැසිකිළිය යන නාම පුවරුව දැක නිලධාරියා එතනින් මාරු වූයේ ලජ්ජා සහගත විලාසයෙනි.

කාන්තා වැසිකිළියේ දොර තරමක් අඩවල් වී තිබිණි. ඉහළ මාලයේ සිට වේගයෙන් පැමිණි ටයි පැළද ගත් මහත්තයෙක් එක්වරම කාන්තා වැසිකිළිය තුළට ගියේය. ටික වේලාවක් ගතවිය. මහත්තයා එළියට පැමිණියේ ද නැත. තවත් කාන්තාවන් තිදෙනෙක් සිය අවශ්‍යතාවයන් සඳහා වැසිකිළියට ගියෝය.

ප‍්‍රධාන දොරෙන් ඇතුළු වූ පසු වැසිකිළි කිහිපයක් මෙහි තිබේ. එක් වැසිකිළියක් වසා තිබෙන නිසා අනෙක් වැසිකිලිවලට කාන්තාවන් ගොස් එළියට පැමිණිය ද මහත්තයා තවමත් පැමිණියේ නැත. තවත් කාන්තාවන් කිහිප දෙනෙක්ම ප‍්‍රධාන දොරෙන් වැසිකිළියට ගිය අතර එක්වරම ඇතුළේ සිටි මහත්තයා දොර ඇර එළියට බසින විට දෙවියන් සිහිවුණි. දඩි බිඩි ගා ගෙන ප‍්‍රධාන දොරෙන් එළියට පැමිණි ඔහු නාම පුවරුව හිමින් සීරුවේ කියවා යළි උඩු මහළට ගියේ ආපස්ස නොබලාමය.

මේ සියල්ල හොඳින් මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය කර ගැනීමට හැකි වූයේ මැතිවරණ කටයුතු වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට කාන්තා වැසිකිළිය ඉදිරිපිටම මාධ්‍ය කුටිය තනා තිබීමෙනි.



අදහස් (0)

ඡන්ද පොළේ නිලධාරියෙක් කාන්තා වැසිකිළියට රිංගලා

චන්න බුවනක Tuesday, 25 August 2015 04:50 PM

ලජ්ජා වෙන්න දෙයක් නැහැ. ඕක කවුරුත් නොකරන දෙයක් නම් තමයි ලජ්ජා වෙන්න ඕනි. අනික හදිසි වුනාම සුදු කළු බලන්න වෙලාවක් නැහැ.(නදී)

:       0       0

සමන් Tuesday, 25 August 2015 09:06 PM

හදිස්සියට පවු නෑ (ම)

:       0       0

බන්දුල Tuesday, 25 August 2015 09:45 AM

දවස් දෙකක් විතර රෑ තිස්සේ නිදිමරාගෙන කරන රාජකාරියක් නිසා නිදිමතටයි හදිසියටයි ඔය වගේ දෙයක් ‍වෙන එක සාමාන්‍ය දෙයක් නේද?(හේ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 26 August 2015 12:24 PM

මේ වගේ දේවල් හදිසියට සිද්ධ වෙනවා.(හේ)

:       0       0

සිරා Thursday, 27 August 2015 04:17 AM

මේ වගේ දේවල්වලදී මාධ්‍යවෙදීන්ට අපහස කරන්න එපා. (අ)

:       0       0

ජෙහාන් Wednesday, 26 August 2015 12:07 AM

ඕක පුදුමයක් නෙවෙයිනේ ඔය පුරවරයේ බවලතුන් සම්බන්ධ අලකලංචි නැති තැනක් තියනවාද ? අඩු ගානේ ඒ ගොල්ලන්ට අදාළ වැසිකිලියක් නිසා හරි ජංජාලයක් වෙනවා. (නදී)

:       0       0

සෝමා Tuesday, 25 August 2015 10:12 AM

මාධ්‍යවේදීන්ට නියම තැන ලබා දී ඇත. (ම)

:       0       0

හේම Wednesday, 26 August 2015 08:11 AM

පශ්චාත් මැතිවරණ වාර්තා.....කදිමයි (අ)

:       0       0

පාලිත Tuesday, 25 August 2015 05:39 AM

වාර්තාව: විශේෂ වැසිකිලි වාර්තාකරු මැතිවරණ 2015 විසිනි (බ)

:       0       0

තිස්ස Tuesday, 25 August 2015 05:40 AM

ඔහොම වෙනවා ඔලුවේ එකක් තියාගෙනනේ යන්නේ .ඒවා ගනන්ගන්න එපා (බ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 25 August 2015 06:21 AM

ඔයවාගේ වැරදි කාටද සිද්ද වෙන්නේ නැත්තේ නේද? අනික ඔය වාගේ දේවල් වැඩි වෙලා තද කර ගෙන ඉන්න බැහැනේ.(ම)

:       0       0

දිනේශ Thursday, 27 August 2015 12:26 PM

හදිසියට මේවගේ අතපසුවීම් කාටත් වෙන්න පුළුවන් සමහරු හදිසියට කෝච්චියේ කාන්තාවන්ට පමණි කියල ගහල තියන පෙට්ටි වලත් නැගපු අවස්ථා ඕන තරම් තියෙන්නේ (අ)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 07:37 AM

මාධ්‍යවේදීන්ට සලකා ඇති ආකාරය පිළිබඳව මගේ බලවත් කණගාටුව!(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 25 August 2015 07:42 AM

වැරදිනම් කාටත් වෙනවා මෙතන තියෙන ප්‍රස්නේ අකුරු කියවගන්න බැරි නිලදාරීන් මැතිවරණ කටයුතු වලට යොදාගැනීමයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 597 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site