IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඡන්ද අපේක්ෂකගේ වංහුං අහද්දී ආධාරකරුවන්ට තරු පෙනිලා

තමන් ආධාර උපකාර කරන අපේක්‍ෂකයාගේ වංහුං අහද්දී කිසිවක් කියා ගත නොහැකිව අන්දමන් ද වූ අධාරකරුවෝ පිරිසකි.

පළාත් සභා අපේක්‍ෂකයකුට ආධාර පතා ඔවූහූ ගෙයින් ගෙට ගියහ. මේ පිරිස අපේක්‍ෂකයාගේ ගමට යාබද ගමේ නිවෙසකට ගියහ. විස්තර පත‍්‍රිකා බෙදමින් නිවැසියන් දැනුම්වත් කරමින් අපේක්‍ෂකයාට මනාපයක් සලකුණු කරන ලෙස ඉල්ලූවේය. පළමුව පක්ෂයට ඡන්දය දී අනතුරුව මනාපය ලකුණු කළ යුතු නිසා නිවැසියා එසේ නොකළේ මන්දැයි විමසීය. ‘‘අමතක වුණා’’ පිරිසේ නායකයා සේ පෙනී සිටි අය කීය.

මුඛරි බවින් යුතු නිවැසියා මේ අපේක්‍ෂකයාගේ තොරතුරු විමසන්නට වූයේය. පිරිස විස්තර පති‍්‍රකාව බලමින් උත්තර දෙනු දුටු නිවැසියා මේ අයගේ නොදැනුවත්කම ගැන තේරුම් ගත්තේය.

මේ අපේක්‍ෂකයා නිවැසියාගේ දැඩි හිතවතෙකි. ඒ නිසා අපේක්‍ෂකයාගේ පවුලේ තොරතුරු ඇතුළු වෙනත් විස්තර ඔහු ඇසුවේ කිසිවක් නොදන්නා පුද්ගලයෙකු පරිද්දෙනි. පිරිස අන්දමන්ද වූයේ ඒ ගැන කියන්නට තොරතුරු නොදන්නා නිසාවෙනි.

නිරුත්තර වූ පිරිසේ නායකයා කටහඬ අවදි කළේය. මහත්තයා ඒ ගැන නම් අපි දන්නේ නැහැ. අපි මාඔයෙන් එගොඩ කට්ටියක්. මේ පත‍්‍රිකා ටික බෙදලා එන්න කියා අපේ මහත්තයා කිව්වා. ඔහු ප‍්‍රබල දේශපාලන චරිතයක නම කියමින් පැවසීය.

මහත්වරු දැනගන්න මේ අපේක්‍ෂකයා අපේ අල්ලපු ගමේ කියද්දී පිරිස මුව අයා බලා සිටියහ. එයා .......... ගේ පුතා යැයි කී නිවැසියා අපේක්‍ෂකයා පිළිබඳ තොරතුරු පිරිසට කියා දී මීට පසුවවත්  මෙවන් ගොන්කම් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය.



අදහස් (0)

ඡන්ද අපේක්ෂකගේ වංහුං අහද්දී ආධාරකරුවන්ට තරු පෙනිලා

පනික Tuesday, 11 March 2014 04:00 PM

මේ පුද්ගලයා ගැන සහ ඔහුගේ අදහස් උදහස් ගැන කරුණාකර හොයා බලා ලියන්න. ඔහේ අනුන්ගේ ඔලු වැනෙනකොට තමන්ගේත් ඔලුව වනන බහුතරයට මේ පුද්ගලයාගෙන් ඉගෙන ගත යුතු දේ බොහොමය්. මේ පුද්ගලයා රටට සහ ජාතියට ආඩම්බරයක්. (අ)

:       0       0

අසෝකා Tuesday, 11 March 2014 04:17 PM

මේ වගේ කට්ටිය දාගෙන තියෙන ඡන්ද ටිකත් නැතිකර ගන්නවා! (අ)

:       0       0

සෙන Tuesday, 11 March 2014 07:13 PM

පුදුම වෙන්න දෙයක් නැහැ හුග දෙනෙක් දේසපාලනය කරන්නේ අරක්කු බෝතලෙටයි බත් පාර්සලේටයයි (දී)

:       0       0

ධම්ම Tuesday, 11 March 2014 11:13 AM

මේක ඉතින් මහ පුදුමයක්යැ ලොකු ලොකු දේශපාලකයොත් තමන්ගේ ප්‍රචාරක කටයුතු පුද්ගලික සමාගම් වලට කොන්ත්‍රාත් දෙන්නේ. මේකත් එහෙම දෙයක් තමයි. හැබැයි මෙයාලට හම්බවෙන්නේ බත් මුලයි වතුර (මත්) බෝතලෙයි. (අ)

:       0       0

නිලූ විදානගේ, සෞදි අරාබිය Tuesday, 11 March 2014 01:06 PM

අර චන්ද්‍රිකා නෝනත් ආයි ඡන්දෙ ඉල්ලන්න එන කාලේ ඕවා මොන කතාද අයිසේ? (නදී)

:       0       0

සම්පත් Tuesday, 11 March 2014 01:42 PM

මෙයා කියන විදියට බොහෝ ආදාර කරුවෝ අපේක්ෂකයාගේ විස්තර දන්නේ නැහැ. පත්‍රිකා බෙදන්න යන අය සමහරු අපේක්ෂකයෝ දැකලත් නැහැ.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 12 March 2014 09:29 AM

මුකුත් නොකර ගෙදර හිටියත් තරු පෙනෙනවා බඩු මිල හා ලැබෙන ආදායම ගැන හිතන කොට. නොදන්නා මිනිහෙක් ගැන කොල ටිකක් බෙදල හරි බත්වෙලක් හොයා ගන්න පුළුවන් නම් එක දවසක් හරි ගොඩ.(අ)

:       0       0

මංගල Tuesday, 11 March 2014 03:35 PM

'මුඛරි බවින් යුතු නිවැසියා', හොදට ගැලපෙන නම. ඡන්ද පත්‍රිකාවෙ තියෙනදේ කියවගන්න බැරිවෙන්න ඇති. කොහොමත් පත්‍රිකා බෙදන මිනිස්සු නෙවෙයි මනාප ලකුණු කරන්නෙ, ඒක කොරන්නෙ අච්චු කන්තෝරැවෙන්, 'අපේක්‍ෂකයා නිවැසියාගේ දැඩි හිතවතෙකි' මේ වගේ හිතවත්තු ඉන්න අපේක්‍ෂකයින්ට ඡන්දෙ දෙන අයට දෙයියන්ගෙම පිහිටයි. මම එතන හිටියනම් කෙලින්ම කියනවා පණ්ඩිතකම් නැතුව පම්පෝරිය කලින්ම කිව්වනම් ඉවරනෙ කියලා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site