IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


චාන්ස් එකෙන් අනූනවයෙන් බේරිලා


අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි



ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.
විවාහයෙන් දූ දරු සම්පත්තිය ද ලැබූ ඇය ඔවුන් ආවාහ විවාහ කරදීමෙන් පසුව සැමියා සමඟ යහකල් දිවියෙන් ගත කරන්නේ ගොවිතැනක් බතක් කරගෙනය.
පසුගිය මාස් කන්නයේ ඇය තම අක්කර බාගයක ගෙවත්තෙහි බඩඉරිඟු‍ වගා කළාය. බඩඉරිඟු‍ කරල් මෝරාගෙන එන සමයේ හේනට කඩා වැදුණු වල්අලියකු එක රැයකින් බඩඉරිඟු‍ වගාව කා දැමී ය.
අතමිටේ තිබුණු මුදලින් ආදායමක් උපයාගැනීමට බඩඉරිඟු‍ වගා කළ මේ ගෙවිලියට සිදු වූ පාඩුව ගැන සහනයක් පැතුවේ ගමේ ගොවිකම් නිලධාරියකුගෙනි. ඒ ගැන ඇය ඔහුට කරුණු කීවා ය.
ඇගේ ඉල්ලීම ඉටුකිරීමට ඔහු මෙසේ කීවේය.


 ‘‘හරි මං උඹට ඔය බඩඉරිඟු‍ අක්කර බාගෙට අක්කරේකම වන්දියක් අරන් දෙන්නම්.”‍
‘‘ඒ මහත්තයෝ, අර කොහොමද අක්කර බාගෙට අක්කරේක වන්දියක් අරන් දෙන්නෙ.”‍
‘‘හරි, හරි. මං ඒක බලාගන්නම්. උඹට තියෙන්නෙ ඒකට මට පොඩි චාන්ස් එකක් දෙන්න විතරයි. කවුරුත් නැති වෙලාවක මං ගෙදර පැත්තෙ එන්නම්.”‍
මේ ගොවි කාන්තාවට කාරණය තේරුම් ගියාය. ඒ ගැන කේන්තියෙන් ඇය ප්‍රාදේශීය නිලධාරියාට වහාම පැමිණිලි කළාය.
දැන් මේ කතාව ගමේ ගොවිතැන් කමිටුවට ද ඉදිරිපත් වී තිබේ. අයුතු යෝජනාව ගැන ගොවිකම් නිලධාරියාට එරෙහිව පියවර ගැනීම ගැන ගමේ කවුරුත් අවධානයෙන් පසුවෙති.



අදහස් (3)

චාන්ස් එකෙන් අනූනවයෙන් බේරිලා

Chinthana Thursday, 27 March 2025 12:29 PM

පදවිය ප්‍රදේශයේද?

:       0       3

Pradeep Kumara Thursday, 27 March 2025 01:18 PM

ඔන්න ඔහොමයි රජරට කාන්තාවෝ.. ආත්මගරුත්වය පළමුතැන.

:       1       10

රිතික් Monday, 31 March 2025 10:32 AM

දැන් මෙම නිලධාරියා පාරේ යනවිට ගමේ කටකාර කොල්ලෝ කුරුට්ටන් මාමේ චාන්ස් එකක් දෙන්න බැරිදැයි ඇසූ විට ඔහු හොඳ ලුණු ඇඹුල් ඇතිව ඔවුන් අමතනවාලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site