IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගොවියාට ගේමක් දෙන්න ගිහින් මුදලාලි අැනගෙන

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වැඩි ලාබයක් ගැනීමේ අදහසින් කොච්චි කිලෝවකට රුපියල් එකසිය පනහක් දෙන්නම් යැයි කී වෙළෙන්දකුට අන්තිමේ නොමිලේ ලැබුණු කොච්චි මිටකින් සෑහීමට පත්වන්නට සිදුවූ පුවතක් පසුගියදා මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


ගොවියෙක් තම වගාවෙන් කඩා ගත් කොච්චි අස්වැන්න විකීණීමට ගියේය. කිලෝ හත අටක් ඔහුගේ මල්ලේ තිබිණි. දන්නා අඳුනන කඩයකට ගිය ඔහු ‘කොච්චි ගන්නවාදැයි’  ඇසුවේ දැඩි හිතවත්කමිනි. මේ දිනවල කිලෝව පන්සියයටත් වැඩියෙන් මිල නියම වෙන බව දැනගත් වෙළෙන්දා ‘ඔයාට හින්දා කිලෝවට එකසිය පනහක් දෙන්නම්’ යැයි පැවසුවේ නියම කළුකඩකාරයෙකුගේ ගති ඉස්මතු කරමිනි.


ගොවියාද ඊට දෙවැනි නැත. කිසිත් නොදෙඩූ ඔහු කොච්චි මල්ල රැගෙන පා ගමනින්ම ගියේ නගරයටය. තමන්ට සාධාරණ මුදලකට තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට ඔහු සමත් වූයේය.  හොඳ මුදලක් අතට ගත් ඔහු නිවසට අවශ්‍ය ආම්පන්නද මිලදී ගෙන කුලී රියකින් ගෙදර ආයේය.


සියල්ල නිවසේ තැබූ ඔහු යළි ගියේ කොරටුවටය. කොච්චි මිටක් කඩා ගත්තේය. එයත් අත මිට මොලවාගත් ඔහු යළි ගියේ ගමේ කඩේටය. මුදලාලිගේ අතමිට මෙලවූ ගොවියා ‘ඔයාටත් සම්බෝලයක් කන්න කොච්චි මිටක් මම ‍ගෙනාවා’ යි කීවේ කට කොනකට නගාගත් සිනාවක්ද ඇතිවය.


 ගොවියා තමන් කරන්නට ගිය කපටිකමට එක එක කිරීමක් කරන බව තේරුම් ගත් මුදලාලි කිසිත් නොදොඩා බිම බලාගෙන ඇතුළට ගියේ තවත් කීපදෙනකු බලා සිටි නිසාය.



අදහස් (0)

ගොවියාට ගේමක් දෙන්න ගිහින් මුදලාලි අැනගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 193 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site