IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගුරු බ්රියගේ පඩියෙන් පාටි දමා සැමියාට උන්හිටි තැනත් නැතිවෙලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
ගුරු වෘත්තියේ යෙදෙන ගුරු බිරියගේ මාසික වැටුප සොරකම් කරගෙන ගොස් මිතුරන් හය දෙනකු සමග මත්පැන් පාටියක් පැවැත් වූ බව කියා සැමියා නිවසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


මෙලෙස නිවෙසින් එළවා දමා ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචි 33 හැවිරිදි තරුණ එක්දරු පියෙකි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


නිවසින් එළවා දමා ඇතැයි කියන 33 හැවිරිදි තරුණ එක්දරු පියා කොළඹ ප්‍රදේශයේ තරු පහේ හෝටලයක සේවය කරමින් සිටින අවස්ථාවේ එම හෝටලයක පැවැති සාදයකදී මීට වසර හයකට ඉහතදී කළුතර ප්‍රදේශයේ පදිංචි තරුණියක් හඳුනා ගත්තේය. 


එම අවස්ථාවේ දී තරුණියට ස්ථිර රැකියාවක් නොතිබුණු අතර පසුව දෙපාර්ශ්වයේ කැමැත්ත පරිදි විවාහ මංගල්‍යය චාම් අයුරින් පවත්වා මීට වසර හතරකට පමණ ඉහතදී තරුණිය හෝටල් සේවකයාගේ කෑගල්ල නිවෙසට කැන්දාගෙන ආවේය.


පසුව හොටල් සේවකයා කොළඹ රැකියාවට යමින් එමින් සිටින අවස්ථාවේ දී බිරිය දියණියක් ද බිහි කළාය. ඔය අතරවාරයේ දී තරුණියට රජයේ ගුරු පත්වීමක් ද ලැබුණි. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක සේවය කිරීමට ඇයට අවස්ථාව ද උදා විය.


විවාහ ගිවිස ගැනීමෙන් පසුව හෝටල් සේවකයා තදින්ම මත්පැන් පානය කිරීමට ද හුරු පුරුදු විය. කීප අවස්ථාවකදීම මත්පැන් පානය කර සේවය කරන අවස්ථාවේ දී හෝටලයේ බලධාරින් තරයේ අවවාද ද කර ඇති බවද වාර්තා වෙයි. එම අවවාද ද නොපිළිගෙන සේවය කරමින් සිටින අවස්ථාවක බලධාරින් විසින් මීට වසරකට පමණ ඉහතදී හොටල් සේවකයා සේවයෙන් ඉවත් කර තිබිණි.


පසුව හෝටල් සේවකයා රැකියාවක් නොකර නිවසට වී දියණිය රැකබලා ගෙන සිටින අතර බිරිය රැකියාවෙන් ලබන වැටුපෙන් දියණියටත් සැමියාටත් කන්න අඳින්න දෙන්නට ඇයට සිදුවිය.


 රන් භාණ්ඩ පවා උකස්කර සැමියා මත්පැන් පානය කර ඇති අතර බිරිය ඒවා බේරාගෙන පවුලේ සම්පූර්ණ බරද කරට ගෙන පවුල් ජීවිතය පවත්වාගෙන ආවාය. ඇතැම් අවස්ථාවලදී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වුවද පසුදාට යළි තරුණ ජෝඩුවක් සේ කටයුතු ද කරයි.


මෙසේ සිටියදී ගුරුවරියට ඉකුත් 18 වැනිදා සිකුරාදා මාසික වැටුපට හිමි චෙක්පත ලැබිණි. දිනය සිකුරාදා වූ බැවින් ඇය චෙක්පත මාරු කර ගැනීමට නොගිය අතර සඳුදා වූ 21 වැනිදා පාසල ඇරී ඒ මොහොතේදීම කෑගල්ල නගරයට ගොස් චෙක්පත මාරු කර නිවෙසට අවශ්‍ය කෑම බීම බඩු මුට්ටුවලින් කොටසක් ද රැගෙන ත්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණියාය.


ගුරුවරියට ලද වැටුපෙන් තව රුපියල් 22,000ට ආසන්න මුදලක් ඉතිරිව එය අත් බෑගයේ දමා තිබුණි. ඇඳුම් ගලවා කුස්සියට ගිය ගුරුවරියගේ අත් බෑගයේ තිබූ රුපියල් 22,000 ක මුදල රැගෙන තරුණ සැමියා පසුව නිවෙසින් හොර රහසේම පිට වී ගොස් තිබිණි. 


සැමියා නිවෙසේ නොමැතිවීම හේතුවෙන් සොයා බලා ඇති ගුරුවරිය මුදල් දමා තිබූ අත් බෑගය ද පරීක්ෂා කෙරිණ. 


එහිදී ඇයට දැන ගන්නට ලැබී ඇත්තේ වැටුපෙන් ඉතිරි වූ මුදල නොමැති බවය. අනිවාර්යයෙන්ම සැමියා රැගෙන යන්නට ඇතැයි සිතූ ගුරුවරිය නිවෙසේ රාජකාරි කරමින් සිටින අවස්ථාවේ දී අධික ලෙස මත්පැන් පානය කර රාත්‍රි 10 ට පමණ සැමියා නිවෙසට පැමිණියේය.


පසුව මුදල් පිළිබඳ ගුරුවරිය තරුණ සැමියාගෙන් විමසා සිටි අවස්ථාවේ දී බෑගයේ තිබූ මුදල් රැගෙන ගොස් මිතුරන් හය දෙනකු සමග මත්පැන් පානය කළ බව ප්‍රකාශ කළේය. පසුව ගුරුවරිය සැමියාට නිවෙසේ සාලයේ තිබූ ප්ලාස්ටික් පුටුවකින් පහරදී නිවෙසින් එළවා දමා ඇති බවත් පසුව ඔහු මත්පැන් පානය කළ තරුණයකුගේ නිවෙසක එදින  රැය පහන් කර ඇති බවත් වාර්තා වෙයි.


පසු දා පෙරවරුවේ සැමියා නිවෙසට ආ අවස්ථාවේ දී යළි එළවා දමා ගුරුවරිය තම දියණිය සැමියාගේ මව්පියන්ට රැක බලා ගන්න දී යළි රැකියාවට ගොස් ඇති බව ද වාර්තා වෙයි.



අදහස් (1)

ගුරු බ්රියගේ පඩියෙන් පාටි දමා සැමියාට උන්හිටි තැනත් නැතිවෙලා

sampath Wednesday, 30 September 2020 12:20 PM

වර්තමානයේ බිරිඳ රැකියාවක් කිරීමත්, සැමියා නිවසේ සිටීමත් දැකිය හැකි එම තත්වය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඉතා හානිදායකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site