IMG-LOGO

ගුරු ගෝල කතාවට ගිහින් මළ ගෙයත් අමතක වෙලා

(මැදිරිගිරිය චාපා මධුභාෂිණි)

තම හිතවතකුගේ මවගේ මරණයට ගොස් ආචාර කිරීමට අමතක වී දවල්ටත් සප්පායම් වී යෑමේ අපූරු සිද්ධියක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. ගමේ පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන නගරයෙන් ගමට ගිය තරුණයෙකි. කා සමගත් හොඳ ජනප්‍රිය පුද්ගලයෙකි. පසුගිය දිනක තමා හඳුනන පුද්ගලයකුගේ මවක මියගොස් ඇත.

පාසල් ගොස් නැවත නවාතැනට ආ මෙම තරුණයා ඇඟපත සෝදාගෙන මළ ගෙදරට පිටත් විය. මළගෙදරට ගොඩවෙනවාත් සමග එහි සිටි පිරිසක් ‘ආ සර් කොහොමද?’ කියා අසමින් කතාබහට මුලපිරීය. කතා බහටම කාලය ගත කෙරිණි. ආ කාරණය අමතක විය.

ඒ අතර තම හිතවතා ද ඔහු හමුවට ආවේය. ‘සර් දැන් ද ආවේ’ යැයි විමසීය. ‘යමු... යමු... කෑම ටිකක් කන්න’ යැයි පවසා අසල්වැසි නිවෙසකට කැඳවාගෙන ගොස් දහවල් ආහාරයෙන් ද සංග්‍රහ කළේය. කෑම කා අවසානයේ නැවත මළගෙදරට යාමට අදහස් කළත් අවමගුල් උත්සවයේ කටයුතු ආරම්භ කර තිබූ නිසා ගුරුවරයා නැවත එහි නොගොස් ආපසු නවාතැනට පැමිණියේය. පොඩි නින්දකට වැටුණු ඔහු නැවත අවදිවී හිසේ අත ගසා ගත්තේ. මළගෙදර ගියත් මියගිය මෑණියන්ට ආචාර කරන්න බැරිවුණානෙයි තම හිතවතකු සමග කියන විට කාටත් සිනාව නවතා ගැනීමට අපහසු විය.



අදහස් (0)

ගුරු ගෝල කතාවට ගිහින් මළ ගෙයත් අමතක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site