IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ග‍්‍රාමසේවා සහතිකය ගන්න අරක්කු වෙනුවට පොල්තෙල්

(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)
ග‍්‍රාමනිලධාරී සහතිකයක් ගැනීමට ගිය තරුණයකුට එම සහතිකය ගැනීමට නොහැකි වූ විට තමන්ගේ හිතවත් මිතුරකු ඔහුට කියා දුන් උපක‍්‍රමය අනුව නැවත ග‍්‍රාම නිලධාරි වෙත ගොස් එම සහතික ගත් පුවතක් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවේ.


සිද්ධිය සැකවින් මෙසේය.


මෙම තරුණයාට රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට ග‍්‍රාම නිලධාරි සහතිකයක් අවශ්‍ය විය. හෙතෙම තමන් පදිංචි බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා වෙත ගොස් තමන්ට අවශ්‍ය කාරණාව පවසා ග‍්‍රාම නිලධාරි සහතිකයක් ඉල්ලා සිටියේය.


එවිට ග‍්‍රාම නිලධාරිවරයා කියා සිටියේ ඔබගේ පදිංචිය නිසි ලෙස තවම ලියාපදිංචිවී නොමැති නිසා සහතිකයක් දිය නොහැකි බවය. මෙම තරුණයා අදාළ ගමේ පදිංචියට පිට ගමකින් පදිංචියට පැමිණි අයකුවීම එයට හේතුවිය. තම අවශ්‍යතාව ඉටුනොවූ බැවින් තරුණයා සිත්තැවුලෙන් ග‍්‍රාම නිලධාරි කාර්යාලයෙන් පිටව ගියේය.


සවස්යාමයේ තමන්ගේ හිතවත් මිතුරකු මෙම තරුණයාට මුණගැසුණි. මිතුරාට තමන්ගේ අවශ්‍යතාව ඔහු පැවසීය. එවිට මිතුරා ”ආ  ඕක සුළු දෙයක්නේ මචං. මම කියන විදිහට වැඬේ කරලා බලපන්” යැයි පැවසීය. පසුදින උදාවිය. තමන්ගේ මිතුරා කියූ ආකාරයට තරුණයා ලෑස්තිවී ග‍්‍රාම නිලධාරිවරයා මුණගැසීමට ගියේය. මෙම ග‍්‍රාම නිලධාරි ටිකක් මධුවිතට බර පුද්ගලයෙකි.


තරුණයා මත්පැන් බෝතලයක් ලෙස පිටතට පෙනෙන ආකාරයට පොල්තෙල් බෝතලයක් කවරයකට දමාගෙන ග‍්‍රාමසේවක කාර්යාලයට ගොඩවිය. තරුණයා දුටු ග‍්‍රාමසේවක මහතා ”අදත් මොකද මේ පැත්තේ” යැයි විමසීය. ග‍්‍රාම නිලධාරිවරයා තරුණයාගේ අතේ ඇති බෝතලය ද දුටුවේය. ”මහත්තයා අර සහතිකේ ගන්න පුළුවන්ද බලන්න තමයි අදත් ආවේ” යැයි පිළිතුරු දුන්නේය. ”මල්ලි වාඩිවෙන්න  ඕවා මොකට ගෙනාවද මන්දා” යැයි පවසමින් ග‍්‍රාමසේවක සහතික පොත අතට ගත්තේ අර තරුණයාට සහතිකයක් දීමටය. සහතිකය ලියා අවසන් කළ හෙතෙම තරුණයාට ග‍්‍රාම නිලධාරි සහතිකය දුන්නේය. තරුණයා ”ස්තුතියි මහත්තයා ගිහින් එන්නම් එහෙනම්. මම මේ කඬේට පොල්තෙල් ගේන්න යන ගමන් ආවේ” යැයි කීය.


ග‍්‍රාමසේවක මහතා උඩබිම බැලූවේ කුමක්ද සිදුවුණේ යන්න හිතා ගන්නටත් බැරුවය. ඔහු හිතුවේ තරුණයා රැුගෙන ආවේ මත්පැන් බෝතලයක් වෙන්නට ඇතැයි සිතාය. මිතුරා කියා දුන් පරිදි මත්පැන් බෝතලයක් ලෙස හුවා දක්වමින් පොල්තෙල් බෝතලයක් රැුගෙන ගොස් ග‍්‍රාමනිලධාරි සහතිකය පහසුවෙන් හෙතෙම ගත්තාලූ.

 



අදහස් (0)

ග‍්‍රාමසේවා සහතිකය ගන්න අරක්කු වෙනුවට පොල්තෙල්

නිලන්ත Wednesday, 07 January 2015 08:30 AM

පෙරේත කමට හොද පාඩම.(හේ)

:       0       0

පද්මේන් Thursday, 08 January 2015 06:01 AM

අපේ පැත්තේ නම් ග්‍රාමසේවක තරුණ මහත්මියක්. හරිම අවංකයි. විනාඩි 5 කට වඩා මිනිස්සු රස්තියාදු කරන්නේ නැහැ. ගෞරවාන්විතව රාජකාරිය කරනවා. (නි)

:       0       0

බුවනෙක Wednesday, 07 January 2015 01:39 PM

මේ වගේ බොරුකාර තරුණයෝ හින්දා අපේ රට අගාධයට යනවා (නි)

:       0       0

සංජු Thursday, 08 January 2015 09:39 AM

මේ වගේ බොරුකාර තරුණයෝ හින්දා අපේ රට අගාධයට යනවා (නි)

:       0       0

කටුගස්තොට Wednesday, 07 January 2015 02:35 AM

අනේ පවු ග්‍රාම නිලධාරීතුමා! (නි)

:       0       0

මංජුල Saturday, 10 January 2015 05:25 AM

හැබැයි තරුණයා අයේ ජීවිත කාලයටම වැඩක් කරගෙන හමාරයි..... (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Sunday, 11 January 2015 04:26 PM

අරක්කු බෝතලයක ලේබලය ඇතුව ජාපාල දුන්නා නම් හ‍රි. මාස ගානක් කාපු ජරාව සනීපෙට පිටවෙලා යාවි. (නි)

:       0       0

ශාන්ති Wednesday, 07 January 2015 08:01 PM

හිනාවෙලා පනයනවා මේවා අහලා (නි)

:       0       0

සරත් Wednesday, 07 January 2015 10:42 PM

මල්ලි හරි මල්ලි (නි)

:       0       0

සෑම් Wednesday, 07 January 2015 11:46 PM

නියම කොල්ලෙක් (නි)

:       0       0

අරලිය Wednesday, 07 January 2015 05:44 AM

නියම වැඩේ (නි)

:       0       0

ඛාන් Wednesday, 07 January 2015 07:42 AM

නියම වැඩේ ග්‍රාම සේවකයාට කළේ නියම වැඩේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 610 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site