IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගුරුතුමා සිසු පියාට දුන් ඇමැතුමට සිසු කිලිසම අස්සෙන් සද්දයක්

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
 පියාගේ ජංගම දුරකතනයේ අංකය යයි සිසුවා දී තිබූ අංකයට ගුරුවරයා ගත් ඇමතුමෙන් සිසුවාගේ කලිසම යටින් දුරකතනයක් නාදවූ පුවතක් දකුණු පළාතේ නගරයේ පාසලකින් අසන්නට ලැබේ.


උසස් පෙළ ඉගෙනුම ලබන මෙම සිසුවා දඩබ්බරයෙකි. විනය විරෝධි වැඩකොට පාසලේදී ගුරුවරුන්ට හසුවූ වාර අනන්තය. ඒවා සඳහා ගුරුවරුන්ගෙන් දඬුවම් ද  ලැබ සිටී. 


තමන් පාසලේ දී කරන වැරැදි පියා දැනගැනීමට අකැමැති වූ ඔහු ඒවා සිය පියාගෙන් වසන් කරගත්තේය. සිසුවා එදාත් පාසලේ දී කළ වැරැද්දක් පියාට දැන්වීමට පන්ති ගුරු භවතා සිතා ගත්තේය.


ඒ අනුව සිසුවාගෙන් පියාගේ දුරකතන අංකය ඉල්ලා සිටියේය .‘අනේ සර් මම ආයිත් වැරදි වැඩ කරන්නේ නැහැ.’ ගුරුවරයාට පිංසෙන්ඩු වූයේය. ‘හරි හරි මම අදට විතරක් තාත්තාට කියන්නේ නැහැ. කෝකටත් මට තාත්තාගේ ජංගම දුරකතන අංකය දෙන්න’ යැයි ඉල්ලා සිටියේය.


පියාට කතා නොකරන බවට ගුරුවරයා පොරොන්දු කරවාගත් සිසුවා ගුරුවරයාට ජංගම දුරකතන අංකයක් ලබාදුන්නේය. ටික දිනකින් නැවත වතාවක් මෙම සිසුවා විනය විරෝධි වැඩකට ගුරුවරයාට මාට්ටු වූවේය. ‘දැන් ඉතිං කරන්න දෙයක් නැහැ ඔහොම ඉන්නවකෝ මම තමුසෙගේ තාත්තාට කෙරුවාව කියන්නම්’ යැයි පවසමින් සිසුවා දී තිබූ ජංගම දුරකතනයට අංකයට ගුරුතුමා ඇමතුමක් ගත්තේය.


ඒ ඇමතුම ගත් සැණින් දුරකතනයක් නාදය වන හඬ ගුරුවරයාට ඇසුණේ තමාගේ අත් අඩංගුවේ සිටින සිසුවාගේ රහස් පෙදෙසින්ය. කරුණු වටහා ගත් ගුරුවරයා දුරකතනයත් සමග සිසුවා සම්බන්ධයෙන් ඉදිරි විනය කියා මාර්ග ගැනීමට විදුහල්පතිට යොමු කළේය.

 



අදහස් (0)

ගුරුතුමා සිසු පියාට දුන් ඇමැතුමට සිසු කිලිසම අස්සෙන් සද්දයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site